Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 2:13 - Sinhala New Revised Version

13 නුඹ ධාන්‍ය පූජාව වශයෙන් පුදන සෑම පූජාවක් ම ලුණු දමා රසවත් කළ යුතු වේ. එසේ කළ යුත්තේ, ලුණු, නුඹ ද සමිඳාණන් වහන්සේ ද අතර ගිවිසුමේ ලකුණක් වනු පිණිස ය. නුඹේ සෑම ධාන්‍ය පූජාවක් සමඟ ම ලුණු ද පුද කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 නුඹ ධාන්‍ය පූජාව වශයෙන් පුදන සෑම පූජාවක් ම ලුණු දමා රසවත් කළ යුතු වේ. එසේ කළ යුත්තේ, ලුණු, නුඹ ද සමිඳාණන් වහන්සේ ද අතර ගිවිසුමේ ලකුණක් වනු පිණිස ය. නුඹේ සෑම ධාන්‍ය පූජාවක් සමඟ ම ලුණු ද පුද කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 නුඹේ සියලු ආහාර පූජා ලුණෙන් රසකරන්න; නුඹේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු නුඹේ ආහාර පූජාවට නොදමා නොහැරිය යුතුය. නුඹේ සියලු පූජාවල් සමඟ ලුණු ඔප්පුකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 2:13
8 හුවමාරු යොමු  

ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් කෙරෙහි රජකම් කිරීම දාවිත්ට ද ඔහුගේ පුත්‍රයන්ට ද නොබිඳෙන ගිවිසුමකින් සදහට ම දුන් බව ඔබ හැම දැනගත යුතු නොවේ ද?


රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් වන තෙක් ද තිරිඟු කිලෝග්‍රෑම් දහතුන්දහස් පන්සියයක් වන තෙක් ද මුද්‍රික පාන ලීටර් දෙදහසක් වන තෙක් ද තෙල් ලීටර් දෙදහසක් වන තෙක් ද ලුණු ඇති තරම් ද දිය යුතු ය.


සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවා ලුණෙන් පදම් කොට ශුද්ධ සුගන්ධයක් සෑදිය යුතු ය.


උන් සමිඳාණන් වහන්සේ ඉදිරිපිටට පමුණුවන්න, එවිට පූජකයෝ උන් පිට ලුණු දමා, දවන යාග පූජාවක් කොට සමිඳාණන් වහන්සේට උන් ඔප්පු කරත් වා.


“ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන ශුද්ධ පඬුරුවල විශේෂ කොටස් සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කෙළෙමි. මෙය වනාහි සමිඳාණන් වහන්සේ වන මම නුඹත්, නුඹේ පෙළපතත් සමඟ ගිවිසගත් සදහට ම වලංගු වන හෙවත් නොකැඩෙන ගිවිසුමක් ය.”


“ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.


රස මුසු, සිත් පිණවන බසින් කතා කරන්න. හැම කෙනෙකුට නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ යි දැන ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්