Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 18:3 - Sinhala New Revised Version

3 නුඹලා වාසය කළ මිසර දේශයෙහි වැසියන්ගේ ක්‍රියා නුඹලා අනුගමනය නොකළ යුතු ය. තවද, මා නුඹලා පමුණුවන්නට යන කානාන් දේශයේ වැසියන්ගේ ක්‍රියා ද අනුගමනය නොකළ යුතු ය. ඔවුන්ගේ නියෝගයන්ට ද කීකරු නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 නුඹලා වාසය කළ මිසර දේශයෙහි වැසියන්ගේ ක්‍රියා නුඹලා අනුගමනය නොකළ යුතු ය. තවද, මා නුඹලා පමුණුවන්නට යන කානාන් දේශයේ වැසියන්ගේ ක්‍රියා ද අනුගමනය නොකළ යුතු ය. ඔවුන්ගේ නියෝගයන්ට ද කීකරු නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 නුඹලා විසූ මිසර දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. මා විසින් නුඹලා පමුණුවනු ලබන කානාන් දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. ඔවුන්ගේ පනත් ලෙස නොහැසිරෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 18:3
15 හුවමාරු යොමු  

තවද, නුඹලා යන්නට කලින් මා පන්නාදමන විජාතීන්ගේ සිරිත් නොපිළිපැදිය යුතු ය. ඔවුන් මෙවැනි දේවල් කළ නිසා මම ඔවුන් පිළිකුල් කෙළෙමි.


නුඹලා ඔවුන්ගේ දෙවිවරුන්ට හිස නමා වැඳුම්පිදුම් නොකළ යුතු ය. ඔවුන් ක්‍රියා කරන ලෙස ක්‍රියා නොකළ යුතු ය. තවද, නුඹලා ඔවුන්ගේ රූප සහමුලින් ම වනසා, ඔවුන්ගේ ශිලාස්තම්භ කඩා බිඳදැමිය යුතු ය.


ඈ මිසරයේ දී පටන්ගත් ඇගේ වේශ්‍යාකම අත්හැරියේ නැත; කුමක්නිසා ද, ඇගේ යෞවන වියෙහි දී ඔව්හු ඇය සමඟ සේවනයෙහි යෙදුණාහ. මොවුහු ද ඇගේ කුමරි වියෙහි තනපුඩු පිරිමැද ඔවුන්ගේ කාමාශාවට තෘප්තිය ඇගෙන් ලබාගත්තෝ ය.


ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය.


ඔවුන් සමඟ මිශ්‍ර විවාහ කරගෙන විජාතීන්ගේ ක්‍රියා කරන්න ඔව්හු ඉගෙනගත්තෝ ය.


“එහෙත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ එලෙස වැඳුම්පිදුම් කළ යුතු නොවේ.


“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් නෙරපා දැමූ පසු, ‘සමිඳාණන් වහන්සේ මේ රට මට අයිති කර දීමට මා ගෙනාවේ මාගේ දැහැමිකම නිසා ය’යි නොසිතන්න. එසේ නොව ඔබ ඉදිරියට යන විට උන් වහන්සේ ඔවුන් පන්නා දැමුවේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව ද හැසුරුණු නිසා ය.


ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ද ඔවුන් අතර වූ ලීයෙන්, ගලින්, රිදී සහ රත්රනින් නෙළූ පිළිම ද ඔබ දුටුවහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්