Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 17:15 - Sinhala New Revised Version

15 ‘ඉශ්රායෙල් ජාතිකයෙක් හෝ විදේශිකයෙක් හෝ වේවා, ඉබේ ම මැරුණු හෝ වන සතුන් විසින් මරාදමනු ලැබූ හෝ මෘගයෙකුගේ මාංස කෑවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ය. ඉන්පසු පවිත්‍ර යයි සැලකෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ‘ඉශ්රායෙල් ජාතිකයෙක් හෝ විදේශිකයෙක් හෝ වේවා, ඉබේ ම මැරුණු හෝ වන සතුන් විසින් මරාදමනු ලැබූ හෝ මෘගයෙකුගේ මාංස කෑවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ය. ඉන්පසු පවිත්‍ර යයි සැලකෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ස්වදේශීවූ හෝ විදේශීවූ හෝ කවරෙක් නුමුත් ඉබේ නැසුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනලද සතෙකුගේ මාංස කෑවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය, ඊට පසු ඔහු පවිත්‍රවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 17:15
22 හුවමාරු යොමු  

නුඹලාගේ ගවයන් හා බැටළුවන් සම්බන්ධයෙන් ද එලෙස ම කළ යුතුයි. වහු පැටියා දින හතක් මවු ළඟ සිටි පසු අට වන දින නුඹලා ඌ මට දිය යුතු ය.


“නුඹලා මට ම කැපවූ මනුෂ්‍යයන් විය යුතුයි. තවද, කෙතේ වන මෘගයන් විසින් මරනු ලැබූ සතුන්ගේ මස් නුඹලා නොකෑ යුතු ය. ඒවා බල්ලන්ට දැමිය යුතු ය.”


එවිට මම පිළිතුරු දෙමින්, “අහෝ දෙවි ස්වාමීන් වහන්ස! මම කවදාවත් මාව ම අපවිත්‍ර කර නොගතිමි. මාගේ බාල වයසේ පටන් මේ දක්වා කුණප වත්, මෘගයන් විසින් ඉරාදැමුණු සතෙකු වත් නොකෑවෙමි. පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නො වේ වා”යි කීමි.


ඉබේ ම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනු ලැබූ කිසි පක්ෂියෙකු වත්, මෘගයෙකු වත් පූජකයෙකු නොකෑ යුතු ය.”


“පහත දක්වන සතුන් නිසා නුඹලා අපවිත්‍ර වන්නහු ය; උන්ගේ මළකුණු ස්පර්ශ කරන කවරෙක් නමුත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.


තවද, යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු සිය වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.


පා සතරින් ඇවිදින සියලු වර්ගවල සතුන් අතර පතුල් තබා යන සතුන් අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.


යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ. නුඹලා උන් අපවිත්‍ර සතුන් ලෙස සැලකිය යුතු ය.


බඩගා යන සතුන් අතර මොවුහු නුඹලාට අපවිත්‍ර ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.


උන්ගේ මළකුණු යම් දෙයක් පිට වැටුණොත්, එය ලී භාජනයක් වේ වා, වස්ත්‍රයක් වේ වා, හමක් වේ වා, මල්ලක් වේ වා, භාවිතයට ගන්න ඕනෑ ම බඳුනක් වේ වා ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා වතුරේ දැමිය යුතු අතර ඒවා සවස දක්වා අපවිත්‍ර වේ. ඉන්පසු ඒවා පවිත්‍ර ලෙස සැලකිය යුතු ය.


“නුඹලාට කෑමට අවසර ඇති යම් මෘගයෙකු මළ පසු යමෙකු උගේ මළකුණ ස්පර්ශ කළොත්, සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටියි.


යමෙකු ඒ මළ සතාගේ මස් කෑවොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි. තවද, යමෙකු උගේ මළකුණ උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටිනු ඇත.


එවැන්නෙකු වාඩිගත් ආසනයක් යමෙකු ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර ය. යමෙකු එවැන්නෙකු වාඩිගත් යමක් උස්සාගෙන ගියොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


යමෙකු ඇගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු වේ. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


යමෙකු එවැන්නෙකුගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.


ඉබේ ම මැරුණු හෝ වන මෘගයෙකු විසින් මරන ලද හෝ සතෙකුගේ මස් ඔහු නොවැළඳිය යුතු ය. එවැන්නකින් ඔහු අපවිත්‍ර වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.


ස්වාභාවික ලෙස මැරුණු සතෙකුගේ හෝ වන මෘගයෙකු විසින් ඉරාදමනු ලබන සතෙකුගේ හෝ තෙල කිසි සේත් නොකෑ යුතු ය. එහෙත්, එය යම්කිසි ප්‍රයෝජනයකට ගත හැකි ය.


තුන් වන හා හත් වන දින පවිත්‍ර තැනැත්තා අපවිත්‍ර තැනැත්තාට මෙසේ දිය ඉසිය යුතු ය. හත් වන දින, ඔහු තමා ම පවිත්‍ර කරගනිමින් නාගෙන, ඇඳුම් සෝදාගත් විට, ඒ දින සවස පවිත්‍ර යයි සැලකෙනු ඇත.


මෙය නුඹලාට සදහට ම වලංගු නියෝගයකි. අපවිත්‍ර වීම පහකරන ජලය ඉහින තැනැත්තා තම ඇඳුම් සෝදාගත යුතු ය. ඒ ජලය ස්පර්ශ කරන තැනැත්තා හවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.


ඒ සතා ගින්නේ පිළිස්සූ තැනැත්තා ද වතුරෙන් තම ඇඳුම් සෝදා ජලස්නානය කළ යුතු ය. ඔහු ද හවස දක්වා අපවිත්‍ර යැයි සැලකේ.


“ඉබේ ම මැරුණ සතෙකුගේ මස් කිසිවෙකු නොකෑ යුතු ය. ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ආගන්තුකයෙකුට ඒ සතා දිය යුතු ය. නැත්නම් විදේශිකයෙකුට ඌ විකිණිය යුතු ය. ඔබ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කරන ලද සෙනඟකි. “එළු පැටියෙකු උගේ මවගේ කිරෙන් නොතැම්බිය යුතු ය.”


“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්