Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 15:16 - Sinhala New Revised Version

16 “යම් පුරුෂයෙකුට ධාතු මෝචනය ඇති වුවහොත්, ඔහු ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “යම් පුරුෂයෙකුට ධාතු මෝචනය ඇති වුවහොත්, ඔහු ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 යම් පුරුෂයෙකුගේ ශුක්‍රධාතුව ඔහු කෙරෙන් පිටවුණොත් ඔහු තමාගේ මුළු ශරීරය වතුරෙන් සෝදාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 15:16
9 හුවමාරු යොමු  

“ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.


යමෙකු එවැන්නෙකුගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.


එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.


ප්‍රේමවන්තයෙනි, ඔබ ආගන්තුකයන් හා විදේශීන් මෙන්, ආත්මයට විරුද්ධ ව සටන් කරන මාංසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස ඔබගෙන් උදක් ම ඉල්ලමි.


ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.


පුරුෂ ධාතු වැටුණු සෑම වස්ත්‍රයක් ම, සෑම සම් පිළියක් ම වතුරෙන් සේදිය යුතු ය. ඒවා සවස දක්වා අපවිත්‍ර වනු ඇත.


පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කළ පසු, දෙදෙනා ම ජලස්නානය කළ යුතු ය. සවස දක්වා ඔවුන් අපවිත්‍ර වනු ඇත.


“මලපහ කිරීම සඳහා කඳවුරෙන් පිටත ස්ථානයක් තිබිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්