Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:57 - Sinhala New Revised Version

57 ඉන්පසු පවා එම රෝග ලකුණු වියූ ඇතිරිල්ලක හෝ හමින් සෑදූ යමක හෝ පෙනේ නම්, ඒවා පැතිරී යන බෝවෙන චර්ම රෝගයක ලකුණු බැවින් එවැන්නක් ගින්නේ පිළිස්සිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

57 ඉන්පසු පවා එම රෝග ලකුණු වියූ ඇතිරිල්ලක හෝ හමින් සෑදූ යමක හෝ පෙනේ නම්, ඒවා පැතිරී යන බෝවෙන චර්ම රෝගයක ලකුණු බැවින් එවැන්නක් ගින්නේ පිළිස්සිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

57 නුමුත් එය වස්ත්‍රයේවත් දිග නූල්වලවත් හරස් නූල්වලවත් හමෙන් සෑදූ යම් දෙයකවත් තවත් පෙනුණොත් එය පැතිරෙන බැවින් කුෂ්ඨය ඇති දෙය ගින්නෙන් පුලුස්සා දමන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:57
10 හුවමාරු යොමු  

අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝ ය. ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි.


එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.


“එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න.


රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.


උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.


සියොන්හි පව්කාරයෝ බියෙන් වෙවුළති; අභක්තිකයෝ භීතියෙන් ඇලළී යති. මේ දැවෙන ගින්නෙහි අප අතරෙන් කවරෙකුට ජීවත් විය හැකි ද? මේ සදා ගින්නෙන් කෙසේ ගැළවෙන්න ද?


හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හම් පිළියක් හෝ හමින් සෑදූ යමක් හෝ වේවා,


වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කරන විට රෝග ලකුණු මැල වී තිබෙන බව පෙනේ නම්, ඔහු ඒ කොටස වස්ත්‍රයෙන් හෝ හම් පිළියෙන් හෝ වියූ වස්ත්‍රයෙන් හෝ ඉරා දැමිය යුතු ය.


එහෙත්, සේදූ වස්ත්‍රයෙන්, වියූ ඇතිරිල්ලෙන් හෝ හමින් සෑදූ යමකින් වේවා, රෝග ලකුණු පහ වී ගොස් තිබේ නම්, එය දෙ වන වරටත් සේදූ පසු පවිත්‍ර වනු ඇත.


“බෝවෙන චර්ම රෝගයක් සම්බන්ධයෙන් ලෙවී ජාතික පූජකවරුන් ඔබට උගන්වන සියල්ල හරියාකාර ඉටු කිරීමට සැලකිල්ල දැක්විය යුතු ය. මා ඔවුන්ට අණ දුන් ප්‍රකාර ඔබ ඒවා පිළිපැදීමට වගබලාගත යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්