Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:45 - Sinhala New Revised Version

45 බෝවෙන චර්ම රෝගියා ද තම වස්ත්‍රය ඉරාගෙන, තම හිසකෙස් අවුල් කොටගෙන, තම උඩු තොල වක්ත්‍ර පටියකින් වසාගෙන, ‘අපවිත්‍ර ය, අපවිත්‍ර ය’යි කෑගැසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 බෝවෙන චර්ම රෝගියා ද තම වස්ත්‍රය ඉරාගෙන, තම හිසකෙස් අවුල් කොටගෙන, තම උඩු තොල වක්ත්‍ර පටියකින් වසාගෙන, ‘අපවිත්‍ර ය, අපවිත්‍ර ය’යි කෑගැසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

45 කුෂ්ඨරෝගය ඇති අය තමාගේ වස්ත්‍ර ඉරාගන හිසකේ විදහාගන උඩු තොල වසාගන: අපවිත්‍රය අපවිත්‍රය කියා මොරගැසිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:45
24 හුවමාරු යොමු  

බොරු දිවැසිවරයා ලජ්ජාවෙන් ද පේන කියන්නා වියවුලෙන් ද මුහුණ වසාගත්තේ ය; ඔවුන් බලාපොරොත්තු වන පිළිතුර දෙවියන් වහන්සේගෙන් නොලැබෙන නිසා ඔව්හු කටවල් වසාගන්නෝ ය.


ඉන්පසු මෝසෙස් ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට සහ ඊතාමාර්ට ද කතා කොට, “ඔබ කණගාටුව දැක්වීමට ඔබේ හිසකෙස් අවුල් කර නොගන්න, ඔබේ වස්ත්‍ර ඉරා නොගන්න. ඔබ එසේ කළොත් නසින්නහු ය, සමිඳාණන් වහන්සේ ද මුළු ජනතාව සමඟ කිපෙන සේක. එහෙත්, ඔබේ ඥාතීන් වන මුළු ඉශ්රායෙල් ජනයා නම්, සමිඳාණන් වහන්සේ එවන්නට සැලැසූ ගින්න ගැන වැළපිය යුතු වේ.


නිහඬ ව සුසුම්ලන්න; මළවුන් ගැන නොවැලපෙන්න; නුඹ නුඹේ ජටාව හිසේ බැඳ ගන්න; නුඹේ වහන් පාදවල දමාගන්න. මුහුණ වසා නොගන්න; මළගෙදර දානය නොකා සිටින්න.”


“ඉවත් වන්න, අපවිත්‍ර ය. ඉවත් වන්න, ඉවත් වන්න, අපට අත නො ගසන්නැ”යි ඔව්හු ඔවුන්ට මොරගසා කී හ. ඔවුන් පලා ගොස් ඔබමොබ ගිය විට, “ඔව්හු තවත් මෙහි නොසිටිති”යි විජාතීන් අතරේ කියන ලද්දේ ය.


උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, ලාදුරු රෝගීහු දස දෙනෙක් උන් වහන්සේට හමු වූ හ.


මා කළාක් මෙන් නුඹලාත් කරනු ඇත. නුඹලා මුහුණ වසා නොගෙන, මළ ගෙදර දානය නොකා සිටිනු ඇත.


“හිස මත ආලේප තෛලය වත් කරනු ලැබ, පූජක වස්ත්‍ර ලාගැනීම සඳහා පූජකවරය ලත් පූජකයන් අතර සිටින නායක පූජකයා තම හිසකෙස් අවුල් කරනොගත යුතු ය. තම වස්ත්‍ර ඉරා නොගත යුතු ය.


සීමොන් පේදුරු ඒ දැක, ජේසුස් වහන්සේගේ පාමුල දණින් වැටී, “ස්වාමීනි, මා වෙතින් ඉවත් වනු මැනව, මම පව්කාර මිනිසෙකැ”යි කී ය.


අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි.


එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”


මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ.


වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි.


එහෙත්, රජ වත්, මේ සියලු වචන ඇසූ ඔහුගේ සියලු සේවකයෝ වත් බියපත් නො වූ හ; දුකින් තමන්ගේ වස්ත්‍ර ඉරා නොගත්තෝ ය.


අපි ලජ්ජාවෙන් වැතිර සිටියෙමු. අපේ නින්දාව අප වසාගනී වා. මන්ද, අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපි ද අපේ පියවරු ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු.’ “


පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ.


එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි; දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.”


මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්‍ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය:


එවිට තාමාර් තමාගේ හිසේ අළු දමාගෙන, ඇඳ සිටි දිග අත් ඇති ඇඳුම ඉරාගෙන, හිසේ අත තබාගෙන කෑගසමින් ගියා ය.


එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන,


යන්න, බබිලෝනියෙන් පිට වී යන්න, අපිරිසිදු දේකට අත නොපාන්න. නොනැවතී පිට වී යන්න, සමිඳුන්ගේ භාණ්ඩ උසුලාගෙන යන නුඹලා පිරිසිදු වන්න.


ඔහු හමේ බෝවෙන රෝගයක් ඇති කෙනෙකි. ඔහු අපවිත්‍ර ය. පූජකවරයා ඒ තැනැත්තාගේ හිසේ බෝවෙන චර්ම රෝගයක් ඇති බැවින් ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය.


කුෂ්ඨ රෝගීහු සතර දෙනෙක් වාසල් දොරකඩ සිටියෝ ය. ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නහින තුරු කුමට මෙහි සිටිමු ද?


“බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්