Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:2 - Sinhala New Revised Version

2 “ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මිහි පිට සිටින සියලු මෘගයන් අතරෙන් නුඹලාට කන්නට සුදුසු සත්තු නම් මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මිහි පිට සිටින සියලු මෘගයන් අතරෙන් නුඹලාට කන්නට සුදුසු සත්තු නම් මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ-කියන්න–පොළොවෙහි සියලු මෘගයන් අතරෙන් නුඹලා විසින් කෑ යුතු වන්නේ මේ ජීවමාන සත්වයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:2
22 හුවමාරු යොමු  

මේවා කෑමබීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණ ය.


මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය”යි වදාළ සේක.


නුඹලා උන් පිළිකුල් කොට, උන්ගේ මාංස නොකෑ යුතු ය. තවද, නුඹලා උන්ගේ මළකුණු පවා පිළිකුල් කළ යුතු ය.


නා නා ප්‍රකාර අමුතු ඉගැන්වීම් සොයා ගොස් මුළා නොවන්න. ආහාර පිළිබඳ නීතිරීතිවලින් නොව, දේව වරප්‍රසාදයෙන් සිත් ශක්තිමත් කර ගැනීම යහපති. ඒ නීතිරීතිවලින් කිසිවෙකුට යහපතක් නො වී ය.


දානියෙල් තෙමේ රජුගේ භෝජනයෙන් වත්, ඔහු බොන මිදියුසෙන් වත් තමා අපවිත්‍ර නොවී සිටින පිණිස අධිෂ්ඨාන කරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටීමට ප්‍රධාන නපුංසකයාගෙන් අවසර අයැද සිටියේ ය.


එවිට මම පිළිතුරු දෙමින්, “අහෝ දෙවි ස්වාමීන් වහන්ස! මම කවදාවත් මාව ම අපවිත්‍ර කර නොගතිමි. මාගේ බාල වයසේ පටන් මේ දක්වා කුණප වත්, මෘගයන් විසින් ඉරාදැමුණු සතෙකු වත් නොකෑවෙමි. පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නො වේ වා”යි කීමි.


“නුඹලාට කෑමට අවසර ඇති යම් මෘගයෙකු මළ පසු යමෙකු උගේ මළකුණ ස්පර්ශ කළොත්, සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටියි.


කෑමට අවසර ඇති යම් ආහාරයක් පිට එවැනි බඳුනකින් වතුර වැටුණොත් ඒ ආහාර අපවිත්‍ර වනු ඇත. එවැනි බඳුනකින් බොන සියලු බීම ද අපවිත්‍ර වන්නේ ය.


“බිම බඩගා යන සතුන් අතර පහත දක්වන සතුන් අපවිත්‍ර ලෙස නුඹලා සැලකිය යුතු ය. උන් නම්, නා නා විධ මුගටි, මීයෝ, ඉබ්බෝ;


එහෙත්, පා හතරින් බිම පැන පැන යන, දිග කකුල් ඇති පහත දක්වන සත්තු නුඹලාට කෑමට සුදුසු ය.


“තවද, පක්ෂීන් අතර නුඹලා පහත දක්වන සතුන් පිළිකුල් කොට සැලකිය යුතු ය. නුඹලා උන් නොකෑ යුතු ය; පිළිකුල් කළ යුතු ය. ඒ සත්තු නම්, රාජාලියා, මහ ගිජු ලිහිණියා, මූදු උකුස්සා;


“තවද, ජලජ සතුන්ගෙන් පහත දක්වන සත්තු නුඹලාට කන්නට සුදුසු ය. මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ වසන වරල් සහ කොරපොතු සහිත උන් නුඹලාට කෑමට සුදුසු ය.


එහෙත්, වමාරා කන හෝ කුරය දෙකට බෙදී ඇති හෝ පහත දක්වන මෘගයන් ඔබ නොකෑ යුතු ය. එනම්, ඔටුවා වමාරා කන නමුත් උගේ කුර දෙකට බෙදී නැත. ඌ අපවිත්‍ර සතෙකු ලෙස සැලකිය යුතු ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින් ඔවුන්ට කතා කොට,


කුරය දෙකට බෙදී, වෙන් ව තිබෙන, වමාරා කන මෘගයන් කෑමට සුදුසු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්