Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:11 - Sinhala New Revised Version

11 නුඹලා උන් පිළිකුල් කොට, උන්ගේ මාංස නොකෑ යුතු ය. තවද, නුඹලා උන්ගේ මළකුණු පවා පිළිකුල් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 නුඹලා උන් පිළිකුල් කොට, උන්ගේ මාංස නොකෑ යුතු ය. තවද, නුඹලා උන්ගේ මළකුණු පවා පිළිකුල් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 උන් නුඹලාට පිළිකුලක් වන්නෝය; උන්ගේ මාංසය නොකන්න, උන්ගේ මළකුණු පිළිකුල් කොට සලකන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:11
8 හුවමාරු යොමු  

යමෙකු නොදැනුවත්කමින් ආගමික පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සැලකෙන හීලෑ සතෙකුගේ, වන සතෙකුගේ හෝ බඩගා යන අපවිත්‍ර සතෙකුගේ මළකඳක් ස්පර්ශ කළොත්, ඔහු එය දැනගත් කල අපවිත්‍ර වී වරදකරුවෙක් වන්නේ ය.


එහෙත්, මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ හැසිරෙන අනෙක් ජලජ සතුන් අතර වරල් හා කොරපොතු රහිත උන් නුඹලා පිළිකුල් කොට සැලකිය යුතු ය.


නුඹලා වරල් හා කොරපොතු රහිත ජලජ සතුන් පිළිකුල් කළ යුතු ය.


“තවද, පක්ෂීන් අතර නුඹලා පහත දක්වන සතුන් පිළිකුල් කොට සැලකිය යුතු ය. නුඹලා උන් නොකෑ යුතු ය; පිළිකුල් කළ යුතු ය. ඒ සත්තු නම්, රාජාලියා, මහ ගිජු ලිහිණියා, මූදු උකුස්සා;


තවද, නන් වැදෑරුම් සත්ත්ව වර්ග පොළෝ තලයෙහි නොකඩව බෝ වන පිණිස සියලු පවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද සියලු අපවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුවක් බැගින් ද


ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න.


“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මිහි පිට සිටින සියලු මෘගයන් අතරෙන් නුඹලාට කන්නට සුදුසු සත්තු නම් මොවුහු ය.


ඔබට කන්නට අවසර ඇති සත්තු නම් ගවයා, බැටළුවා, එළුවා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්