Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 1:14 - Sinhala New Revised Version

14 “සමිඳාණන් වහන්සේට ඔප්පු කරන දවන යාගය පක්ෂියෙක් නම්, ඌ කොබෙයියෙකු හෝ පරෙවි පැටියෙකු හෝ විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 “සමිඳාණන් වහන්සේට ඔප්පු කරන දවන යාගය පක්ෂියෙක් නම්, ඌ කොබෙයියෙකු හෝ පරෙවි පැටියෙකු හෝ විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ඉදින් ස්වාමීන්වහන්සේට ඔහුගේ පූජාව පක්ෂීන්ගෙන් වූ දවන පූජාවක් නම්, කොබෙයියන්ගෙන් හෝ පරෙවි පැටවුන්ගෙන් හෝ ඔහු තමාගේ පූජාව ඔප්පුකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 1:14
10 හුවමාරු යොමු  

එහි ම කියා ඇති පරිදි කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත් ය.


“එළු පැටවියක හෝ බැටළු පැටවියක හෝ ගෙනෙන්නට ඔහුට වත්කම නැත්නම්, ඔහු තමා කළ පාපයට වන්දි ගෙවීමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් පාප පූජාවක් වශයෙනි, අනිකා දවන යාග පූජාවක් වශයෙනි.


තවද, ඈට බැටළුවෙකු ගෙනෙන්නට වත්කමක් නැති නම්, කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් දවන යාග පූජාව සඳහා ය, අනෙකා පාප පූජාව සඳහා ය. පූජකවරයා ඈ උදෙසා මෙලෙස පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට ඈ පවිත්‍ර වනු ඇත.”


අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.


දීමට උද්‍යෝගිමත් බවක් ඇති නම් දෙවියන් වහන්සේ, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නා සේක.


මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.


උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, “තුන් අවුරුදු වැස්සියක ද තුන් අවුරුදු එළුදෙනෙක ද තුන් අවුරුදු බැටළුවෙකු ද කොබෙයියෙකු හා පරෙවි පැටවෙකු ද මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.


ජේසුස් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව, එහි වෙළහෙළඳාම් කරමින් සිටි සියල්ලන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා,


දෙ වන සතා ද සිරිත් ප්‍රකාර දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙලෙස ඒ තැනැත්තා කළ පාපයට පූජකවරයා කමාව අයැදින කල, එය ඔහුට කමා කරනු ලැබේ.


“තවද, ඔහුට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනෙන්නට වත්කම නැති නම්, ඔහු තමා කළ පාපය වෙනුවට පාප පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ගෙනා යුතු ය. ඔහු එය මත තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. මන්ද, එය පාප පූජාවකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්