Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 9:8 - Sinhala New Revised Version

8 ඉන් අදහස් කරනුයේ, ස්වාභාවික ලෙස උපන් දරුවන් දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බවත්, ආබ්‍රහම්ගේ පෙළපත වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුව අනුව උපන් දරුවන් බවත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 මෙහි අදහස, දෙවියන්වහන්සේගේ දරුවන් වන්නේ මාංසයේ දරුවන් නො වන බවත්, වංශය වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුවේ දරුවන් බවත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඉන් අදහස් කරනුයේ, ස්වාභාවික ලෙස උපන් දරුවන් දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බවත්, ආබ්‍රහම්ගේ පෙළපත වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුව අනුව උපන් දරුවන් බවත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එනම්, මාංසයෙන් වූ දරුවෝම දෙවියන්වහන්සේගේ දරුවෝ නොවෙති. නුමුත් වංශයක් ලෙස ගණන්ගනු ලබන්නේ පොරොන්දුවේ දරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 9:8
14 හුවමාරු යොමු  

එසේ උපත ලැබූයේ, මානව සන්තතියෙන් වත්, කායික සබඳතාවෙන් වත්, මිනිස් පියෙකුගෙන් වත් නොව, දෙවියන් වහන්සේගෙන් ම ය.


දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.


ජනතාවන්ගේ ලේඛනයක් සකස් කරන විට, සියලු දෙන ජෙරුසලම් වැසියන් ලෙස, ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී ය’යි සමිඳාණෝ ගණන්ගන්න සේක.


මාගේ වංශය එතුමන්ට මෙහෙ කරනු ඇත; මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත.


ඔහු අප අමුත්තන් මෙන් සලකනවා නොවේ ද? මන්ද, ඔහු අප විකුණා ඇත. අපේ සම්පත ද යසට කාදමා ඇත.


“ඔබ දෙවි සමිඳාණන් වහන්සේගේ දරුවෝ ය. මළවුන් නිසා ඔබ ශරීරය කපා නොගත යුතු ය. ඔබේ නළලට ඉහළින් කෙස් රොද කපා නොගත යුතු ය.


‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි.


අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති.


මවා ඇති මේ විශ්වය වුව ද දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම පුල පුලා බලා සිටියි.


ඇදහිල්ලෙන්, සාරා පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාස කටයුතු කෙනෙකැ යි පිළිගත් නිසා, නිසි වයස ඉක්මවා ගිය ද පිළිසිඳගැනීමේ ශක්තිය ලැබුවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්