Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 7:5 - Sinhala New Revised Version

5 ලෞකික පෙළඹීම් අනුව අප ජීවත් ව සිටිය දී ව්‍යවස්ථාව නිසා ඇවිස්සුණු කාම තෘෂ්ණා අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵලය මරණය යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 මාංසයෙහි අප ජීවත් වූ කාලයේ දහම් නීතියෙන් පොලඹවනු ලැබූ අපගේ පාප තෘෂ්ණා, අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක වූයේ, මරණයට පල උපද්දවමිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ලෞකික පෙළඹීම් අනුව අප ජීවත් ව සිටිය දී ව්‍යවස්ථාව නිසා ඇවිස්සුණු කාම තෘෂ්ණා අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵලය මරණය යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 මක්නිසාද අප මාංසයෙහි සිටියදී ව්‍යවස්ථාවෙන්වූ පාප තෘෂ්ණා මරණයට ඵල උපදවන පිණිස අපේ අවයව තුළ ක්‍රියාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 7:5
28 හුවමාරු යොමු  

එකල අපිත් ඔවුන්ගේ ගණයට අයිති ව, මාංසික තෘෂ්ණාවලට වහල් ව ජීවත් වෙමින්, සිතෙත් කයෙත් ආශාවන් පිනවමින්, සෙසු අය මෙන් අපේ ගතිපැවතුම් අනුව දේව උදහසට ලක් වී සිටියෙමු.


ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත.


අනෙක් අතට, ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තබන්නෝ සාපයට යටත් ව සිටිති. එසේ වන්නේ: “ව්‍යවස්ථාව පොතෙහි ලියා ඇති සියල්ල ම නොකඩවා නොරකින සියලු දෙනාට ම සාපයක් ඇතැ”යි ලියා තිබෙන බැවිනි.


තවද ඔබේ ඉන්ද්‍රියයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට භාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන් උත්ථාන වූ අය මෙන් දෙවියන් වහන්සේට කැප වී, ඔබේ ඉඳුරන් දමිටුකමෙහි ආයුධ වන ලෙස උන් වහන්සේට භාර කරන්න.


එයින් කුමන ප්‍රතිඵලයක් ඇති වී ද? ඇති වූයේ ඔබ දැන් ලජ්ජාවට පමුණුවන, මරණයෙන් කෙළවර වන ප්‍රතිඵලය යි.


පව් කරන සෑම දෙන ම දේව නීතිය කඩ කරති. පාපය නම් දේව නීතිය කඩ කිරීම ය.


එබැවින් කාමමිථ්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසිරිත් නසාදමන්න.


මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය ව්‍යවස්ථාවයි.


ඔබ අතර ආරාවුල් හා කලකෝලාහල ඇති වෙන්නේ කෙසේ ද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුළ සටන් කරන තෘෂ්ණාවලින් නොවේ ද?


මෙසේ තෘෂ්ණාව පිළිසිඳ, පාපය බිහි කරයි. පාපය ද මුහුකුරා ගොස් මරණය සිදු කරයි.


මන්ද, අපිත් වරක් අඥාන ව, අකීකරු ව සිටියෙමු. මුළා ව ගොස්, අනේකාකාර තෘෂ්ණාවලටත්, සැප සෙල්ලමටත් වහල් ව සිටියෙමු. කුඩුකේඩුකමිනුත් ඊර්ෂ්‍යාවෙනුත් හැසිරෙමින්, අන්‍යයන්ගේ වෛරය ලැබීමට සුදුස්සන් ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු.


එබැවින් ඔබේ පෙර තත්ත්වය සිහි කරන්න. ඒ කාලයේ දී ඔබ ශාරීරික ලකුණක් නොලත් බැවින් විජාතිකයෝව සිටියහු ය. බාහිර පිළිවෙතක් නිසා තුමූ චර්මඡේදිතයෝ යයි කියාගත් අය විසින් ඔබ අචර්මඡේදිතයෝ යයි අවමන් කරනු ලැබුවහු ය.


එහෙත් මාගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධ ව සටන් කරන මාගේ ඉන්ද්‍රියයන් තුළ වූ පාප නීතියේ වහල්කමට මා හෙළන, වෙන ප්‍රතිපත්තියක් මාගේ ඉන්ද්‍රියයන් තුළ ඇති බව මට පෙනේ.


පාපයේ විපාකය මරණය යි, එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සදාතන ජීවනය යි.


ඔබගේ තේරුම් ගැනීමේ දුර්වලතා මා දන්න නිසා නිදර්ශන දක්වමින් ඔබට කතා කරමි. එනම්, ඔබ වරක් අයුතුකම් කරන ලෙස ඔබේ ඉන්ද්‍රියයන් අපිරිසුදුකමේත් අයුක්තියේත් වහල් සේවයට භාර දුන්නාක් මෙන්, දැන් පාරිශුද්ධත්වය සඳහා ඔබේ ඉඳුරන් දමිටුකමේ වහල් සේවයට භාර දෙන්න.


ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. එහෙත් පාපය වැඩි වූ තැන දේව වරප්‍රසාදය ඊටත් වැඩි විය.


නීතිය දේව උදහස නිපදවයි; නීතිය නැති තැන නීතිය කඩ කිරීමකුත් නැත.


ඊට හේතුව මේ ය; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසි ම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීම ය.


ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නින්දිත කාම තෘෂ්ණාවලට වහල් කළ සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික පුරුෂ සේවනය වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්ත්‍රී සේවනයෙහි ම යෙදුණා හ.


කයින් උපදින දේ කායික ය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මික ය;


නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය.


අප ලෝකයේ ජීවත් වුව ද, අප සටන් කරන්නේ ලෞකික චේතනාවෙන් නොවේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්