Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 2:5 - Sinhala New Revised Version

5 එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 එහෙත් ඔබේ තද මුරණ්ඩු, පසුතැවිලි නො වන හදවත නිසා ඔබ කරන්නේ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය එළිදරවු කෙරෙන උදහසේ දවස සඳහා උදහස ගොඩගසා ගැනීමකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 2:5
40 හුවමාරු යොමු  

අධර්මයෙන් සත්‍යයට අකුල් හෙළන මිනිසුන්ගේ අභක්තිය හා අධර්මිෂ්ඨකමට විරුද්ධ ව දේව උදහස ස්වර්ගයෙන් ප්‍රකාශ වන්නේ ය.


අපේ සියලු රහස් හොඳ හෝ නරක හෝ වේ වා දෙවියන් වහන්සේගේ විනිශ්චයයට භාජනය වනු ඇත.


තමන් සතු ආධිපත්‍යයෙහි නොසිට ස්වකීය වාසභවනය අත්හැර ගිය දේව දූතයන්, උන් වහන්සේ මහා දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට යට කොට, සදාකාල යදම්වලින් බැඳ තැබූ බවත් සිහි කරන්න.


දැන් පවතින අහස හා පොළොව, එම වචනයෙන් ම, විනිශ්චයේ හා අභක්තිකයන්ගේ විනාශයේ දවස දක්වා, ගිනිබත් කිරීම පිණිස ඉතිරි කොට තබා ඇති බව ද ඔව්හු අමතක කරති.


ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි. “අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම්, කැරලි ගැසූ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.”


ඉශ්රායෙල් ජනයා මට අනගි නොවේ ද? මාගේ ගබඩාවල සම්පත් මෙන් ඔවුන් තැන්පත් කොට නැද් ද?


මෙයින් පෙනෙන්නේ, සමිඳාණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය.


උන් වහන්සේ බොහෝ කලකට පසු දාවිත් මඟින් ඉහත කී ලෙස කතා කරවමින්: “අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම්, නුඹලාගේ සිත් දැඩි කර නොගන්න,” යන පාඨයෙහි ‘අද’ කියා එක්තරා දවසක් නියම කරන සේක.


ඔබගෙන් කිසිවෙකු පාප මායාවෙන් දැඩි නොවන පිණිස, ‘අද දවස’ යයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කරන්න.


දෙවියන් වහන්සේ ක්‍රියා කර ඇත්තේත් එසේ ම ය. උන් වහන්සේ සිය උදහස පෙන්වන්නට ද සිය බලය ප්‍රකාශ කරන්නට ද කැමැති වූ සේක. නමුත්, විනාශයට නියම වූ උදහසට ලක්විය යුතු වූ අය කෙරෙහි මහත් ඉවසීමක් දැක්වූ සේක.


සමිඳාණෝ ඔබ දකුණු පස වැඩ සිටින සේක. උදහස් දිනයේ දී එතුමාණෝ රජුන්ගේ ඔද බිඳදමන සේක.


ඉතින් ඔබේ පියවරුන් මෙන් ඔබ මුරණ්ඩු නොවී සමිඳාණන් වහන්සේට ගිවිසුම් දී, උන් වහන්සේ සදහට ම පවිත්‍ර කළ උන් වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වී උන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙන් පහවන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වන්දනා නමස්කාර කරන්න.


මිසරවරුන් හා පාරාවෝ ඔවුන්ගේ සිත් දැඩි කරගත් ලෙස ඔබත් සිත් දැඩි කරගන්නේ කුමට ද? උන් වහන්සේ ඔවුන් මෝඩයන් කළ විට ඔවුන් සෙනඟට යන්නට අවකාශ දුන්නා නොවේ ද? ඉශ්රයෙල්වරුන් පිටත් ව ගියා නොවේ ද?


මන්ද, ඔවුන් පිට උදහසේ මහා දවස පැමිණ තිබෙන බැවින්, ඊට මුහුණ දියහැක්කේ කාට දැ”යි කී හ.


ඔබේ රන් රිදී මලකඩ කා ඇත; ඒ මලකඩ ඔබට විරුද්ධ ව සාක්ෂියක් වී, ගින්නක් මෙන් ඔබගේ මාංස කාදමනු ඇත. ඔබ වස්තු ගොඩගසා ඇත්තේ නිම වේගෙන යන යුගයක ය.


සහෝදරයෙනි, ඔබ ඥානවන්තයෝ යයි සිතමින් අහංකාර නොවන පිණිස ඔබ දත යුතු අබිරහසක් ඇතැ යි සිතමි. එනම්, ඉශ්රායෙල් ජනතාව තුළ තරමක සිත් දැඩිකමක් පවතින්නේ විජාතීන් සියලු දෙනා ම ගැළවීම ලබන තුරු පමණකි.


එහෙත්, ඔහුගේ සිත අහංකාරයෙන් ද අභිමානයෙන් ද දැඩි වූ විට ඔහු රාජ්‍යාසනයෙන් පහ කරනු ලැබී ය. ඔහුගේ මහිමය ද ඔහුගෙන් පහ කරනු ලැබී ය.


එහෙත්, ඉශ්රායෙල් සෙනඟ මට සවන් දෙන්නට අකමැති බැවින් ඔව්හු නුඹට සවන් දෙන්නට කැමැති නොවෙති. මන්ද, මුළු ඉශ්රායෙල් සෙනඟ මුරණ්ඩු ය. දැඩි සිත් ද ඇත්තෝ ය.


යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි.


බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.


මැරෙන දිනයේ දී සම්පතින් වැඩක් නැත; එහෙත් දැහැමි ජීවිතය මරණින් මුදයි.


“පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.


විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද? දෙවිඳුන් කෝප වන දවසේ දී දුදනා හැම විට ම ගැළවෙනු නොවේ ද?


තවද, දෙවියන් වහන්සේගේ නමින් ඔහු දිවුර වූ නෙබුකද්නෙශර් රජුට විරුද්ධ ව ඔහු කැරලි ගැසුවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත නොහැරෙන ලෙස මුරණ්ඩු වී තමාගේ සිත දැඩි කරගත්තේ ය.


ඉශ්රායෙල්වරුන් සමඟ සටනට එළඹීමට ඔවුන්ගේ සිත් දැඩි කිරීම සමිඳාණන් වහන්සේ ම අදහස් කළ දෙයකි. මෙසේ කෙළේ, ඔවුන් කිසි දයාවක් නොලබා සහමුලින් ම විනාශකර දමනු ලබන පිණිස ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ දේ ය.


“එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.


එහෙත් සහනයක් ලැබුණු බව පාරාවෝ දුටු විට, සමිඳාණන් වහන්සේ කලින් කී ලෙස ම ඔහු තම සිත දැඩි කොට, මෝසෙස් හා ආරොන් කී දේ සැලකුවේ නැත.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මේ සෙනඟ අපරාධ ක්‍රියාවලින් ද බලහත්කාරයෙන් ද ලබාගත් දෙයින් තමන්ගේ මාලිගා පුරවාගෙන ඇත. අවංකකම ඔවුන් කොහොමට වත් දන්නේ නැත.”


බලන්න, මම ද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. ඔව්හු ද ඉශ්රායෙල් ජනයා පසුපස යන්නෝ ය. එවිට පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද ඔහුගේ යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි.


එබැවින් දැන් යන්න, මා නුඹට කී ස්ථානයට සෙනඟ ගෙන යන්න. බලන්න, මාගේ දූතයා ද නුඹට පෙරටුව යනු ඇත. එහෙත්, මම, දඬුවම් දෙන දවසේ දී, ඔවුන්ගේ පාපයට දඬුවම් දෙමි”යි වදාළ සේක.


මේ මිනිස්සු තමන්ට ම උගුල් අටවාගනිති; තමන්ගේ ම විනාශයට උපා යොදති.


දේව ගරුබිය ඇත්නම් ඔබට වාසනාව ඇත; මුරණ්ඩුකම ඇත්නම් ඔබට විපත ඇත.


සමිඳාණන් වහන්සේ ඒ ප්‍රකාශය ඉටු කරමින් උන් වහන්සේ වදාළ ලෙස කළ සේක; නුඹලා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කොට, උන් වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය නුඹලා වෙත පැමිණියේ ය.


මම ඔවුන්ට ඒකමතික සිතක් දෙන්නෙමි, අලුත් ආධ්‍යාත්මික බලයක් ද නුඹලා තුළ තබන්නෙමි.


“එප්‍රායිම් සෙනඟගේ පාප හා අපරාධ සටහන් කර ඇත. ඒ සටහන් සුරක්ෂිත ව තැන්පත් කර ඇත.


මන්ද, අපි සියලුදෙනා ම තම තමාගේ ශාරීරික ජීවිතයේ දී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියම ව සිටිමු.


දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් දුක් විඳින ඔබ, ඒ රාජ්‍යයට සුදුස්සන් වන බැවින්, ඔබ සැබැවින් ම දෙවියන් වහන්සේගේ සාධාරණ විනිශ්චයේ ආදර්ශයකි.


පසුතැවී සිත හරවා ගැනීමට මා ඇයට කාලය දී ඇත. එහෙත් ඈ කාමමිථ්‍යාචාරය ගැන පසුතැවී සිත හරවා ගැනීමට අකමැති වන්නී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්