Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




රෝම 2:25 - Sinhala New Revised Version

25 ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නහු නම් ඔබේ චර්මඡේදන පිළිවෙ‍තින් වැඩක් ඇත. එහෙත්, ඔබ ව්‍යවස්ථාව කඩ කරන්නාහු නම්, ඔබේ චර්මඡේදන පිළිවෙතෙහි තේරුමක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 දහම් නීතියට ඔබ කීකරු වේ නම්, චර්ම-ඡේදනයෙහි සැබෑවටම වටිනාකමක් ඇත. එහෙත් ඔබ දහම් නීතිය කඩ කරනවා නම්, චර්ම-ඡේදනය ඔබට චර්ම අඡේදනයක් වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නහු නම් ඔබේ චර්මඡේදන පිළිවෙ‍තින් වැඩක් ඇත. එහෙත්, ඔබ ව්‍යවස්ථාව කඩ කරන්නාහු නම්, ඔබේ චර්මඡේදන පිළිවෙතෙහි තේරුමක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 මක්නිසාද නුඹ ව්‍යවස්ථාව පවත්වන්නෙක් නම් චර්මඡේද්‍යයෙන් නුඹට ප්‍රයෝජන ඇත. නුමුත් නුඹ ව්‍යවස්ථාව කඩකරන්නෙක් නම් නුඹේ චර්මඡේද්‍යය අචර්මඡේද්‍යයක් වී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 2:25
16 හුවමාරු යොමු  

ජුදාහි වැසියෙනි, ජෙරුසලමේ වැසියෙනි, නුඹලාගේ සිතෙන් පාප මල කපා හරින්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්නට බැරි ලෙස ඇවිලෙනු ඇත.”


“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.


දෙවියන් වහන්සේ ඉදිරියෙහි යමෙකු දමිටු බවට පත්වන්නේ ව්‍යවස්ථාව ඇසීමෙන් නොව එය පිළිපැදීමෙනි.


ඔබ ව්‍යවස්ථාව ගැන පාරට්ටු කරන්නහු ය; එහෙත්, ඔබ ම ව්‍යවස්ථාව කඩ කිරීමෙන් දෙවියන් වහන්සේට අගෞරව කරන්නහු ද?


චර්මඡේදනය නොලත් කෙනෙක් ව්‍යවස්ථාවෙහි නියෝග පිළිපදිත් නම් ඔහු චර්මඡේදනය නොලැබුවත් එය ලත් කෙනෙකු මෙන් සලකනු නොලැබේ ද?


ශාරීරික වශයෙන් චර්මඡේදනය නොලැබූව ද, ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා විසින්, ලියවිල්ලත් චර්මඡේදනයත් ඇතිව ව්‍යවස්ථාව කඩ කරන ඔබ විනිශ්චය කරනු ලබන්නේ ය.


පෙනුමට පමණක් වූ ජුදෙව්වා සැබෑ ජුදෙව්වෙක් නොවේ. චර්මඡේදනය ද බාහිර ශාරීරික කරුණක් නොවේ.


චර්මඡේදනය වත්, අචර්මඡේදනය වත්, වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ ආඥා පිළිපැදීම ය.


චර්මඡේදනය ලබන්නෝ පවා ව්‍යවස්ථාව නොපිළිපදිති. එහෙත් ඔබ චර්මඡේදනය කරවීමට ඔවුන් අදහස් කරන්නේ, ඒ ගැන ඔවුන් පාරට්ටු කර ගන්නා පිණිස ය.


චර්මඡේදනය වත් අචර්මඡේදනය වත් වැදගත් නැත; වැදගත් දෙය නම්, අලුත් මැවිල්ලක් වීම ය.


ඔබ ඒ රට පදිංචි ව ජීවත් වෙමින් ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන පිණිස උන් වහන්සේ ඔබේ සිතෙන් ද ඔබේ දරුමුණුබුරන්ගේ සිත්වලින් ද පාප මල කපා හරින සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්