Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 4:15 - Sinhala New Revised Version

15 ඔහු ඔබට නව ජීවනයක් ලබා දී ඔබේ මහලු කාලයේ දී ඔබට ආරක්ෂාව සලසනු ඇත. මන්ද, ඔබට ආදරය කරන, පුතුන් හත්දෙනකුට වඩා ඔබට වැඩදායක වන ඔබේ ලේලී ඒ දරුවා ලබා ඇතැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔහු ඔබට නව ජීවනයක් ලබා දී ඔබේ මහලු කාලයේ දී ඔබට ආරක්ෂාව සලසනු ඇත. මන්ද, ඔබට ආදරය කරන, පුතුන් හත්දෙනකුට වඩා ඔබට වැඩදායක වන ඔබේ ලේලී ඒ දරුවා ලබා ඇතැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ඔහු වනාහි නුඹේ ජීවිතය ප්‍රාණවත් කරන්නෙක්ද නුඹේ මහලු වයසේදී නුඹ පෝෂ්‍යකරන්නෙක්ද වන්නේය. මක්නිසාද නුඹට ආදරය ඇත්තාවූද පුත්‍රයන් සත්දෙනෙකුට වඩා නුඹට යහපත් වූද නුඹේ යෙහෙළිය ඔහු බිහිකළායයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 4:15
10 හුවමාරු යොමු  

ඔබේ දුක් බර සමිඳුන් පාමුල තබන්න; එතුමාණෝ ඔබ ආරක්ෂා කරන සේක; සැදැහැවතුන්ගේ වැටීමට කිසි දා ඉඩ නොදෙන සේක.


නුඹලා මහලු වී හිස කෙස් පැසී යන තෙක් මම නුඹලා රැක බලාගන්නෙමි; මම නුඹලා මැව්වෙමි; මම නුඹලා රැක බලා උපකාර කොට නුඹලා ගළවන්නෙමි.


තව පස් අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබත්, ඔබ ගෙවැසියනුත්, ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට, ඔබට අගහිඟයක් නැති වන සේ මම එහි දී ඔබට සියල්ල ම සපයමි’යි කී ය.


සමහර මිතුරෝ කලකට පමණ ය. සමහර මිතුරෝ සොහොයුරන්ටත් වඩා හිතවත් ය.


එවිට ඇගේ පුරුෂයා වන එල්කානා ඈට කතා කොට, “හන්නා, ඔබ අඬන්නේ මන් ද? නොකා සිටින්නේ මන් ද? ඔබ සෝදුකින් සිටින්නේ මන් ද? පුත්‍රයන් දසදෙනෙකුට වඩා මා ඔබට අගේ නැද්දැ”යි කී ය.


තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය.


නයෝමි ඒ දරුවා වඩාගෙන ළයෙහි හොවා රැකබලාගත්තා ය.


කා බී තර වී සිටි අය කුලී වැඩ කරති; සාගින්නෙන් පෙළී සිටි අයට සාගින්නක් තවත් නැත. වඳ ස්ත්‍රියට දරුවන් සත්දෙනෙක් ඇත. බොහෝ දරුවන් ලැබූ ස්ත්‍රියට දැන් එකෙක් වත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්