Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 3:9 - Sinhala New Revised Version

9 “ඔබ කවුදැ”යි ඇසී ය. රූත් පිළිතුරු දෙමින්, “මම ඔබේ සේවිකාව වන රූත් ය. ඔබ අපේ ඇවැස්ස නෑයෙකු නිසා ඔබ මා බිරිඳ කොට පාවාගත මැනවැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “ඔබ කවුදැ”යි ඇසී ය. රූත් පිළිතුරු දෙමින්, “මම ඔබේ සේවිකාව වන රූත් ය. ඔබ අපේ ඇවැස්ස නෑයෙකු නිසා ඔබ මා බිරිඳ කොට පාවාගත මැනවැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ඈද: මම ඔබගේ මෙහෙකාරීවූ රූත්ය; එබැවින් ඔබගේ වස්ත්‍රය ඔබගේ මෙහෙකාරී පිට අතුරනු මැනවි; මක්නිසාද ඔබ ළඟ නෑයෙකැයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 3:9
10 හුවමාරු යොමු  

“ ‘යළිත් මම නුඹ ළඟින් යන විට නුඹ පෙම් බැඳීමේ වයසට පැමිණ සිටි බව දිටිමි. මම මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම් දී, නුඹ සමඟ ගිවිසුමක් කර, ‘නුඹ ද මට අයිති වූවෙහි ය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සේක.


එවිට නයෝමි ලේලිට කතා කරමින්, “ජීවමාන අයටත්, දැනට මිය ගොස් සිටින අයටත් වූ පොරොන්දු ඉටු කරන සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කරන සේක් වා! ඒ මිනිසා අපේ නෑයෙකි. අපේ ඇවැස්ස නෑයෙකි”යි කීවා ය.


මා ඔබේ ඇවැස්ස නෑයෙකු බව ඇත්තයි. එහෙත්, මට වඩා කිට්ටු තවත් ඇවැස්ස නෑයෙක් ඔබට ඇත.


තමා ම උසස් කරගන්න හැම දෙනා ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලැබේ ය”යි වදාළ සේක.


අබිගායිල් නැඟිට මුණින්තළා වී, “එතුමාගේ දාසි වන මම එතුමාගේ සේවකයන්ගේ පාද සේදීමට සූදානම් ය”යි කීවා ය.


ඔහු මධ්‍යම රාත්‍රියේ හදිසියේ අවදි වී හැරී බැලූවිට තම පාද ළඟ ස්ත්‍රියක නිදාගෙන සිටිනු දැක,


“මාගේ දියණියෙණි, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!”යි ඔහු උත්තර දී තවදුරටත් මෙසේ කී ය: “ඔබ පවුලට ඇති පක්ෂපාතකම, ඔබේ නැන්දම්මාට කළ දේවලින් පෙනුණාටත් වඩා දැන් ඔබ කරන මේ ක්‍රියාවෙන් පෙනේ. මන්ද, ඔබ පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයෙකු පස්සේ ගියේ නැත.


ඒ බව ඔබට දන්වන්නටත්, මෙසේ කියන්නටත් මම සිතුවෙමි. ඔබට එය උවමනා නම්, මෙහි සිටින තැනැත්තන් හා අපේ සෙනඟගේ මෙම ප්‍රජා මූලිකයන් ඉදිරියේ ඔබ එය මුදාගන්න. එය ඔබට උවමනා නැත්නම්, මට ඒ බව කියන්න. මන්ද, එය මුදාගැනීමේ අයිතිවාසිකම තිබෙන්නේ පළමු ව ඔබට ය; ඊට පසු ව මට ය. මම එය මුදාගනිමි.”


එයට ඇවැස්ස නෑයා උත්තර දෙමින්, “කාරණය එසේ නම්, මම කුඹුර මිලයට ගැනීමට මාගේ අයිතිවාසිකම යොදවන්නේ නැත. එසේ කළොත් මාගේ උරුමයන් නැති වන්නට ඉඩ තිබේ. කුඹුර මිලේ‍ට ගැනීමට මට ඇති අයිතිවාසිකම ඔබට ම භාර කරමි. මට එය උවමනා නැතැ”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්