Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 2:14 - Sinhala New Revised Version

14 කෑම කන වේලාවේ දී බෝවස් රූත් අමතා, “මෙහි අවුත් රොටි කැබැල්ලක් ඇඹුල් මිදියුසේ පොඟවා කන්නැ”යි කී ය. රූත් ද ගොයම් කපන අය සමඟ එකට වාඩිවුණා ය. බෝවස් විළඳ ස්වල්පයක් ඇයට ළං කළේ ය. ඈ සෑහෙන පමණ කෑ පසු එහි තවත් ඉතිරි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 කෑම කන වේලාවේ දී බෝවස් රූත් අමතා, “මෙහි අවුත් රොටි කැබැල්ලක් ඇඹුල් මිදියුසේ පොඟවා කන්නැ”යි කී ය. රූත් ද ගොයම් කපන අය සමඟ එකට වාඩිවුණා ය. බෝවස් විළඳ ස්වල්පයක් ඇයට ළං කළේ ය. ඈ සෑහෙන පමණ කෑ පසු එහි තවත් ඉතිරි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 කෑම කන වේලාවේ බෝවස් ඈට කථාකොට: මෙහාට ඇවිත් මේ රොටිවලින් අරන් නුඹේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඈට කීවේය. ඈද ගොයම් කපන්නන් ළඟ ඉඳගත්තාය. ඔහු විලඳත් ඈට ළංකරදුන්නේය, ඈ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගත්තාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 2:14
17 හුවමාරු යොමු  

ඈ එය රැගෙන නගරයට ගිය විට තමා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එකතු කරගත්තා දැ යි ඇගේ නැන්දම්මා දුටුවා ය. රූත් ඉතුරු කර ගෙනා ආහාර කොටස ද ඇයට දුන්නා ය.


හැම දෙනම කා තෘප්තියට පැමිණියහ. ඔව්හු ඉතිරි කැබලි එක් කොට කූඩා දොළසක් පුරවාගත්හ.


ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් සරුසාර රට උදෙසා උන් වහන්සේට ස්තුති පිදිය යුතු ය.”


සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ.


එහෙත්, යුක්ති ගරුක මිනිසා යුක්තිය අනුව ක්‍රියාකර යුක්තිය වෙනුවෙන් ස්ථිර ව සිටින්නේ ය. විනිශ්චයය හා පුනරුත්ථාපනය


ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය.


යහන්, තළි, මැටි භාජන, කෑමට තිරිඟු, යව පිටි, විලඳ, මෑ, කොල්ලු ඇට, බැදපු මුං,


එවිට අබිගායිල් කඩිනමින්, රොටි දෙසියයක් ද මිදියුස බඳුන් දෙකක් ද කෑමට පිළියෙළ කළ බැටළුවන් පස්දෙනෙකු ද විලඳ නැළි පහක් ද වියළි මුද්‍රික පල පොකුරු සියයක් ද අත්තික්කා කැටි දෙසියයක් ද රැගෙන, ඒවා කොටළුවන් පිට පැටෙවුවා ය.


දිනක් ජෙස්සේ තම පුත් දාවිත්ට කතා කොට, “මේ විළඳවලින් කිලෝග්‍රෑම් දහයක් ද මේ රොටි දසය ද රැගෙන කඳවුරේ සිටින ඔබේ සහෝදරයන් ළඟට ඉක්මනින් ගොස් ඒවා ඔවුන්ට දෙන්න;


ඔබේ ගවමහිෂයන් සඳහා කෙත්වල තණ වැවෙන්නට ද සලස්වනු ඇත. ඔබට කෑම කා තෘප්තිමත් වීමට හැකි වනු ඇත.


එවිට රූත් උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ මට බොහෝ කරුණාවන්ත ය. ඔබේ සේවිකාවන්ගෙන් එක් අයකුට වත් සමානකමක් නැති සේවිකාවක වන මට කරුණාවන්ත ලෙස කතා කිරීමෙන් ඔබ මා ධෛර්යවත් කර ඇතැ”යි කීවා ය.


ඈ නැවතත් කරල් අහුලාගන්නට යෑමට නැඟිටි විට, බෝවස් තම සේවකයන් හට මෙසේ අණ කෙළේ ය: “ගොයම් මිටි බැඳ තිබෙන තැන්වල වුවත් කරල් අහුලාගන්නට ඇයට ඉඩ හරින්න. ඇයට අවහිර නොකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්