Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 6:7 - Sinhala New Revised Version

7 ඔහු සෙනඟටත් කතා කොට, “ඉදිරිපත් වී නුවර වටේට යන්න, ආයුධ ගත් පුරුෂයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ඉදිරියෙන් යත් වා!”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔහු සෙනඟටත් කතා කොට, “ඉදිරිපත් වී නුවර වටේට යන්න, ආයුධ ගත් පුරුෂයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ඉදිරියෙන් යත් වා!”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඔහු සෙනඟටත් කථාකොට: ඉදිරියට ගොස් නුවර වටේ යන්න, ආයුධ ගත් පුරුෂයෝ ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව යෙත්වයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 6:7
5 හුවමාරු යොමු  

යුද්ධයට සැරසුණු සතළිස්දහසක් පමණ අය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මෙතෙර පිහිටි ජෙරිකෝවේ මිටියාවත්වලට යුද්ධය සඳහා පැමිණියෝ ය.


යුද්ධ භටයන් වන නුඹලා සියල්ලන් දවසකට එක වරක් බැගින් හය දවසක් මුළුල්ලේ නුවර වටේට යා යුතු ය.


මෝසෙස් ජොර්දාන් ගඟින් මෙගොඩ ඔබට දී තිබෙන දේශයෙහි ඔබේ භාර්යාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද පදිංචි වනු ඇත. එහෙත්, ඔබ අතර සියලු බලසම්පන්න පුරුෂයන් සන්නාහ සන්නද්ධ ව ඔබේ සහෝදරයන්ට පෙරටුව යමින් ඔවුන්ට උපකාර කරනු ඇත.


එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය.


ජෝෂුවා සෙනඟට කතා කොට නිම වූ කල, පූජකවරු සත්දෙනා බැටළු අං හොරණෑ සතක් ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝ ය. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පස්සෙන් ගෙනයනු ලැබී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්