Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 6:12 - Sinhala New Revised Version

12 පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 යෝෂුවා අලුයම නැගුටුණේය, පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය උසුලා ගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 6:12
11 හුවමාරු යොමු  

ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය.


ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන ලෙවීවරුන්ට අණ කරමින් මෙසේ කීවේ ය:


ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය.


මෙසේ ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නුවර වටේට එක වරක් කර උඩ තබාගෙන යනු ලැබීමට සැලැස්වී ය. එය ගෙන ගිය ඔව්හු කඳවුරට ආපසු අවුත් රාත්‍රිය එහි ගත කළෝ ය.


පූජකවරු සත්දෙනා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් බැටළු අං හොරණෑ සත රැගෙන නොනැවතී හොරණෑ පිඹිමින් ගියෝ ය. සන්නාහ සන්නද්ධ ව සිටි අය ඔවුන්ට පෙරටුවෙන් ගියෝ ය; පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී, සෙසු අය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය.


ඉශ්රායෙල් සෙනඟ උදේ නැඟිට ගිබියා ඉදිරිපිට කඳවුරු බැඳගත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්