යොෂුවා 5:7 - Sinhala New Revised Version7 උන් වහන්සේ ඒ පියවරුන් වෙනුවට ඔවුන්ගෙන් පැවත ආ දරු පරපුරක් ඇති කළ සේක. පාළුකරය මැදින් ගමන් කරද්දී චර්මඡේදනය නොකරනු ලැබූ බැවින් ඔව්හු අචර්මඡේදිතයෝ වූ හ. ජෝෂුවා මොවුන් චර්මඡේදනය කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 උන් වහන්සේ ඒ පියවරුන් වෙනුවට ඔවුන්ගෙන් පැවත ආ දරු පරපුරක් ඇති කළ සේක. පාළුකරය මැදින් ගමන් කරද්දී චර්මඡේදනය නොකරනු ලැබූ බැවින් ඔව්හු අචර්මඡේදිතයෝ වූ හ. ජෝෂුවා මොවුන් චර්මඡේදනය කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 උන්වහන්සේ ඔවුන් වෙනුවට නැගිටවූ ඔවුන්ගේ දරුවන් මගදී චර්මඡේද්‍යනොකළ බැවින් ඔව්හු අචර්මඡේදිතව සිටියෝය. යෝෂුවා ඔවුන් චර්මඡේද්‍ය කෙළේය. පරිච්ඡේදය බලන්න |
ඉශ්රායෙල් ජනයා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයෙහි ගමන් කළෝ ය. ඒ කාලය තුළ දී මිසරයෙන් පිටත් ව ආ සියලු භට සෙනඟ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් මියගියහ. මෙසේ වූයේ, අපට දෙන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශය දකින්නට ඔවුන්ට ඉඩ නාරින ලෙස උන් වහන්සේ දිවුළ නිසා ය.