Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 24:31 - Sinhala New Revised Version

31 ඉශ්රායෙල්වරු ජෝෂුවා සිටි මුළු කාලයේ දී ද ඔහුට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා කළ උන් වහන්සේගේ සියලු ක්‍රියා දැනගෙන සිටි ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි මුළු කාලයේ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ඉශ්රායෙල්වරු ජෝෂුවා සිටි මුළු කාලයේ දී ද ඔහුට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා කළ උන් වහන්සේගේ සියලු ක්‍රියා දැනගෙන සිටි ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි මුළු කාලයේ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 ඉශ්‍රායෙල්වරු වනාහි යෝෂුවාගේ සියලු දවස්වලදීද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලු ක්‍රියා දැනගන සිටියාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලදීද ස්වාමීන්වහන්සේට සේවයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:31
13 හුවමාරු යොමු  

ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.


එවිට ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වී අයිති කරගන්නට යන දේශයෙහි ඔබට දිවි ඇති තාක්, ඔබෙන් පැවත එන කිසිවක් නොදත් අය එය අසා, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ඉගෙන ගන්නෝ ය”යි කී ය.


මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.”


අද දින මෙය දැනගන්න. මා කතා කරන්නේ ඒවා නොදත් ඔබේ දරුවන් සමඟ නොව ඔබ සමඟ ය. ඔබේ දරුවෝ වනාහි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවූ දඬුවම් ද, උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ බාහු බලය ද, දිගු කළ හස්තය ද,


සැබැවින් මාගේ ප්‍රේමවන්තයෙනි, මා ඔබ වෙත සිටිය දී, ඔබ කීකරු ව සිටියාක් මෙන් ම, දැන් මා ඔබෙන් ඈත් ව සිටින විටත්, ඊටත් වඩා කීකරු ව සිටිය යුතු ය. ඔබ බියෙන් හා වෙව්ලීමෙන් යුතු ව ඔබේ විමුක්තිය සලසාගන්න.


මා ගියායින් පසු, රැළට අනුකම්පා නොකරන, රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි.


ජෙහෝයාදා පූජකයාගේ කාලයේ මුළුල්ලෙහි ජෝවාෂ් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ කළ සියලු ප්‍රබල ක්‍රියා ඔබේ දෙනෙතින් ඔබ දුටුවහු ය.”


තවද, සිද්දීම් මිටියාවතෙහි බොහෝ කීල් පතල් තිබිණි. සොදොම් හා ගොමොරාහි රජවරු පලා ගොස්, ඒවායේ වැටුණාහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ.


ජෝෂුවා සෙනඟ පිටත් කර යැවූ කල, ඉශ්රායෙල් සෙනඟ දේශය හිමි කරගනු පිණිස තම තමන්ට නියම උරුම ප්‍රදේශවලට ගියෝ ය.


ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය.


ජොෂියා වනාහි ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්රායෙල්හි සිටි සියල්ලන් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න සැලැස්සුවේ ය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙතින් පහව නොගියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්