යොෂුවා 22:25 - Sinhala New Revised Version25 රූබන් දරුවෙනි! ගාද් දරුවෙනි! ඔබත් අපත් අතරේ සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගඟ සීමා කොට තබා තිබෙන නිසා සමිඳාණන් වහන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැ’යි කියාත්, උන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔබේ දරු පරපුර අපේ දරු පරපුර වළක්වනු ඇතැ යි යන බියෙනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 රූබන් දරුවෙනි! ගාද් දරුවෙනි! ඔබත් අපත් අතරේ සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගඟ සීමා කොට තබා තිබෙන නිසා සමිඳාණන් වහන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැ’යි කියාත්, උන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔබේ දරු පරපුර අපේ දරු පරපුර වළක්වනු ඇතැ යි යන බියෙනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 රූබෙන් පුත්‍රයෙනි, ගාද් පුත්‍රයෙනි, අපටත් නුඹලාටත් අතරේ ස්වාමීන්වහන්සේ යොර්දාන සීමාව කොට තබා තිබෙන නිසා ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට කොටසක් නැතැයි කියා මෙසේ නුඹලාගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේට භයවීමෙන් වෙන්කරන්නෝයයි අපි සිතීමුව. පරිච්ඡේදය බලන්න |
මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබේ මෙහෙකරුවා වන මාගේ වචනවලට සවන් දෙන්න. ඔබ තුමා මට විරුද්ධ ව පෙළඹුවේ සමිඳාණන් වහන්සේ නම්, උන් වහන්සේ පූජාවක් පිළිගන්න සේක් වා! එහෙත්, ඔබ තුමා පෙළඹෙව්වේ මනුෂ්‍යයෝ නම්, ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාපලද්දෝ වෙත් වා. මන්ද, ඒ මිනිස්සු, ‘ඔබ ගොස් අන් දෙවිවරුන්ට නමස්කාර කරන්න’ කියා මට දැන් සමිඳාණන් වහන්සේගේ උරුමයට හිමිකමක් නැති වන හැටියට මා පන්නාදැමූ හ.
අපේ දවන යාග පූජාවලිනුත්, අපේ යාග පඬුරුවලිනුත්, සහභාගිකමේ පූජාවලිනුත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් උන් වහන්සේ ඉදිරියෙහි ඉටු කිරීම යුතු බවට, අප සහ ඔබ ද අපට පසුව අපේ දරු පරපුර ද අතරේ එය සාක්ෂියක් වන පිණිසත්, සමිඳාණන් වහන්සේ සමඟ ඔබට සම්බන්ධකමක් නැතැ යි මතු කාලයේ ඔබේ දරු පරපුර විසින් අපේ දරු පරපුරට වත් කියනු නොලබන පිණිසත් ය.