Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 20:9 - Sinhala New Revised Version

9 වැරදීමකින් මිනී මරන කවුරු නමුත්, සභාව ඉදිරියෙහි පෙනී සිටින්නට ප්‍රථම මිනී මැරීම ගැන පළිගන්නට සොයන්නාගේ අතින් මැරුම් නොකනු පිණිස පලා ගොස් සිටීමට සියලු ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන් අතරේ සිටින විදේශිකයන් ද උදෙසා නියම කරන ලද අභය භූමි නගර මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 වැරදීමකින් මිනී මරන කවුරු නමුත්, සභාව ඉදිරියෙහි පෙනී සිටින්නට ප්‍රථම මිනී මැරීම ගැන පළිගන්නට සොයන්නාගේ අතින් මැරුම් නොකනු පිණිස පලා ගොස් සිටීමට සියලු ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන් අතරේ සිටින විදේශිකයන් ද උදෙසා නියම කරන ලද අභය භූමි නගර මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 වැරදිල්ලකින් මිනීමරන කවුරු නුමුත් සභාව ඉදිරියෙහි සිටින්ට පළමුවෙන් ලේ ගැන පළිගන්නාගේ අතින් මැරුම් නොකන පිණිස පලාගොස් සිටීමට සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඔවුන් අතරෙහි සිටින විදේශීන්ද උදෙසා නියමකරනලද නුවරවල් මේවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 20:9
5 හුවමාරු යොමු  

මේ නගර හය, ඉශ්රායෙල් ජනයා සඳහා ද විදේශිකයන් සඳහා ද තාවකාලික ව පදිංචි වූ අය සඳහා ද අභය භූමි වනු ඇත. එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඔහුට එහි පලා යත හැකි ය.


ඔහු විනිශ්චය පිණිස සභාව ඉදිරියෙහි සිටින තුරු ද එවකට සිටින උත්තම පූජකයා නසින තුරු ද ඒ නගරයේ වසන්නේ ය. ඉන්පසු මිනී මැරූ තැනැත්තාට තමා අත්හැර ගිය තමාගේ නගරයටත්, තමාගේ ම ගෙදරටත් හැරී යා හැකි ය.


ඔහු ඒ නගරවලින් එකකට පලා ගොස් නගර දොරකඩ සිට ඒ නගරයේ ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි සිදු වූ කාරණය කියා සිටින්නේ ය. ඔවුන් ඔහු නගරයට පිළිගෙන තමන් සමඟ වාසය කරන පිණිස ඔහුට ස්ථානයක් දිය යුතු ය.


නුඹලාට දෙන නගරවලින් නගර හයක් අභය භූමි මෙන් සැලකිය යුතු ය.


ජෙරිකෝවට නැගෙනහිරෙන් ජොර්දානෙන් එගොඩ රූබන් ගෝත්‍රයෙන් උස් සමභූමියේ පාළුකරයේ තිබෙන බෙශෙර් ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත් ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන් ද ඔව්හු වෙන් කොට තැබුවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්