Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 18:28 - Sinhala New Revised Version

28 ශේලා ද එලෙප් ද ජෙරුසලම වන ජෙබුසීය ද ගිබෙයා ද කිරියත් ද යන නගර දසසතර සහ ඒවා යාබද ගම් ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ශේලා ද එලෙප් ද ජෙරුසලම වන ජෙබුසීය ද ගිබෙයා ද කිරියත් ද යන නගර දසසතර සහ ඒවා යාබද ගම් ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 18:28
22 හුවමාරු යොමු  

සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.


එතැනින් සීමාව ජෙබුසිවරුන් වාසය කළ ජෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයන්ගේ මිටියාවත මැදින් නැඟී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන් ද රෙපායිම්වරුන්ගේ මිටියාවතට උතුරෙන් තිබෙන කන්ද මුදුන දක්වා වැටී තිබිණි.


“එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ගිබියාහි පව් කරන්නට පටන්ගත් දා පටන් නුඹලා මට විරුද්ධ ව පව් කිරීම නතර කර නැත. ඒ නිසා ගිබියාහි දී ඔවුන් කරා යුද්ධය පැමිණෙන්නේ නැද් ද?


ඔව්හු කඳු මාවත පසුකර, රෑ ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමා නගරයේ සෙනඟ කම්පා වී ඇත. සාවුල් රජුගේ නගරය වන ගිබියාවේ සෙනඟ පලා ගොස් ඇත.


ඒ දවසේ දාවිත් කතා කොට, “ජෙබුසිවරුන්ට පහර දෙන සියල්ලෝ ම දිය අගල තුළින් ගොස් මා ද්වේෂ කරන මේ කොරුන්ටත්, අන්ධයන්ටත් පහර දෙත් වා”යි කී ය. ‘අන්ධයන් ද කොරුන් ද දේව මාලිගාවට ඇතුළු නො‍විය යුතු ය’ යන කීම ඇති වූයේ මේ නිසා ය.


සාවුල් ද ගිබියාහි තිබූ සිය ගෙදරට ගියේ ය. දෙවියන් වහන්සේ විසින් සිත් ප්‍රබෝධ කරන ලද සේනාවක් ද ඔහු සමඟ ගියෝ ය.


එතැනින් සීමාව හින්නොම්ගේ පරපුරට අයිති මිටියාවත ඉදිරිපිට රෙපායිම්වරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතැනින් ජෙබුසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතැනින් ඒන්-රෝගෙල් දක්වා විය.


එහෙත්, ජෙරුසලමේ වාසය කළ ජෙබුසිවරුන් පන්නාදමන්නට ජුදා ජනයාට නොහැකි විය. අද දවස දක්වා ජෙබුසිවරු ජුදා ජනයා සමඟ ජෙරුසලමෙහි වාසය කරති.


තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්‍ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ.


ගණනින් වැඩි අයට උරුමය වශයෙන් ලොකු කොටසක් ද, ගණනින් අඩු අයට කුඩා කොටසක් ද දිය යුතු ය. මෙලෙස ලියාපදිංචි කළ සංඛ්‍යා ප්‍රමාණයට අනුව ඔවුන්ට උරුමය බෙදා දිය යුතු වේ.


පවුල් අනුව බෙන්ජමින්ගේ පරපුර නම්, බෙලාගෙන් පැවතෙන බෙලා පවුල ය; අෂ්බෙල්ගෙන් පැවතෙන අෂ්බෙල් පවුල ය; අහිරාම්ගෙන් පැවතෙන අහිරාම් පවුල ය;


රෙකෙම් ද ඉර්පෙයෙල් ද තරලා ද


දෙ වන කොටස සිමියොන්ට, එනම්, සිමියොන්ගේ පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමය ජුදා පරපුරේ උරුමය ඇතුළත තිබුණේ ය.


රජු ද ඔහුගේ සෙනඟ ද රටේ වැසියන් වූ ජෙබුසිවරුන්ට විරුද්ධ ව ජෙරුසලමට ගියෝ ය. ඔව්හු ද, “දාවිත්ට මෙහි ඇතුළු වන්නට බැරි ය”යි කියමින් දාවිත්ට කතා කොට, “ඔබ මෙහි ඇතුළු නොවන්නෙහි ය. අන්ධයන් හා කොරුන් ඔබ පහකරදමනු ඇතැ”යි කීවෝ ය.


නෙටෝපාතිය බානාගේ පුත් හෙලෙබ් ය; බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඉත්තයි ය;


“බෙන්ජමින් වංශයේ ජනයෙනි, ආරක්ෂාව පිණිස ජෙරුසලමෙන් පලා යන්න. තෙකෝවාහි හොරණෑ පිඹින්න; බෙත්හක්කෙරෙම් මත සලකුණක් නඟන්න. මන්ද, විපත්තියක් ද මහා විනාශයක් ද උතුරෙන් ළඟා වන ලකුණු ඇත.


බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති.


එහෙත්, ඒ මිනිසා ඒ රාත්‍රියේ නවතින්නට නොකැමැති ව නැඟිට, සෑදල දැමූ කොටළුවන් දෙදෙනෙකු ද තමාගේ උපභාර්යාව ද රැගෙන ගොස්, ජෙබූස්, එනම්, ජෙරුසලම ඉදිරිපිටට පැමිණියේ ය.


මොවුහු තමන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියන් ව සිටියෝ ය. මොවුහු ජෙරුසලමෙහි විසුවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්