Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 14:14 - Sinhala New Revised Version

14 එබැවින් කෙනෙස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් සම්පූර්ණ ලෙස ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා හෙබ්‍රොන් අද දවස දක්වා ඔහුගේ උරුමය ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එබැවින් කෙනෙස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් සම්පූර්ණ ලෙස ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා හෙබ්‍රොන් අද දවස දක්වා ඔහුගේ උරුමය ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එබැවින් කෙනිස්සිය යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් සම්පූර්ණ ලෙස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගිය නිසා හෙබ්‍රොන් අද දවස දක්වා ඔහුගේ උරුමයව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 14:14
9 හුවමාරු යොමු  

ඔහුගේ පියා තවදුරටත් කතා කරමින්, “කරුණාකර, යන්න, නුඹේ සහෝදරයොත් එළු බැටළුවොත් සුව සේ සිටිත් දැ යි බලාගෙන ඇවිත් මට දන්වන්නැ”යි කී ය. මෙසේ කියා ඔහු හෙබ්‍රොන් නම් මිටියාවතින් ජෝසෙප් පිටත් කර හැරියේ ය. ජෝසෙප් ෂෙකෙම් පෙදෙසට පැමිණ, එහි තැනින් තැන යන විට,


ඔහු එත්නිගේ පුත්‍රයා ය; ඔහු ශෙරාගේ පුත්‍රයා ය; ඔහු අදායාගේ පුත්‍රයා ය;


එහෙත්, ඔබ දුබල නොවී ශක්තිමත් වන්න. මන්ද, ඔබ හැමගේ වැඩට විපාක ලැබෙන්නේ ය.”


ජුදාගේ ගෝත්‍රයෙන් ජෙපුන්නේගේ පුත් කාලෙබ් ය.


එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.


මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල ලෙස ජෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව එය කොටස්වලට බෙදා, ඔවුන්ට උරුම කොට දුන්නේ ය. ඉන්පසු යුද්ධයෙන් තොර ව සාමය ඇති විය.


ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කොට, ඔහුට හෙබ්‍රොන් නුවර උරුම කොට දුන්නේ ය.


මීට පළමුවෙන් හෙබ්‍රොන් නගරයේ නම කිරියත්-අර්බා ය. අර්බා වනාහි අනාක්වරුන් අතර සිටි ඉතා ශ්‍රේෂ්ඨ තැනැත්තා ය. යුද්ධයෙන් තොර ව රටේ සාමදානය ඇති විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්