Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 13:22 - Sinhala New Revised Version

22 ඉශ්රායෙල් සෙනඟ විසින් කඩුවෙන් මරන ලද්දවුන් අතරේ බෙයෝර්ගේ පුත් බාලාම් නම් පේන කියන්නා ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඉශ්රායෙල් සෙනඟ විසින් කඩුවෙන් මරන ලද්දවුන් අතරේ බෙයෝර්ගේ පුත් බාලාම් නම් පේන කියන්නා ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් මරනලද්දවුන් අතරේ ඔව්හු බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් නම් පේනකියන්නාද කඩුවෙන් මැරූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 13:22
10 හුවමාරු යොමු  

ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇත.


ඉශ්රායෙල්වරුන්ට ආශීර්වාද කිරීමට සමිඳාණන් වහන්සේ කැමැති බව බාලාම් දැනගත් විට, ඔහු කලින් කළාක් මෙන්, සුබ ලකුණු බැලීමට නොගොස් පාළුකරය දෙසට හැරුණේ ය.


බලන්න, මම දැන් මගේ සෙනඟ වෙත යමි. එහෙත්, මින් ඉදිරියට මේ සෙනඟ ඔබේ සෙනඟට කරන දේ කල්තියා දන්වන්නට යමි”යි කීවේ ය.


ඔවුන්ගෙන් මැරුම්කෑ අය අතර එවී, රෙකෙම්, ශූර්, හුර් සහ රෙබා යන මිදියන් රජුන් පස්දෙනා ද වූ හ. තවද, ඔව්හු බෙයෝර්ගේ පුත් බාලාම් ද කඩුවෙන් මරාදැමූ හ.


රූබන් ගෝත්‍රයේ දේශ සීමාවේ මායිම ජොර්දාන් ගඟ විය. මේවා වනාහි රූබන් ගෝත්‍රයේ පවුල්වලට උරුම කර දුන් නගර හා ගම් ය.


ඔව්හු හරිමඟ හැර දමා මුළා වූ හ. මුදලට තණ්හාවෙන් අයුතුකම් කිරීමට කැමැති වූ බෙයෝර්ගේ පුත් බාලාම් දිවැසිවරයාගේ මාර්ගයේ ඔව්හු ගියහ.


අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.


එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ.


එහෙත් ඔබට විරුද්ධ ව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම්, දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත්, කාමමිථ්‍යාචාරය කිරීමටත්, ඉශ්රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්වී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්