Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:40 - Sinhala New Revised Version

40 මෙසේ ජෝෂුවා මුළු දේශයට, එනම් කඳු රටට හා දකුණු දේශයට ද පහත රටට හා කඳු බෑවුම්වලට ද එහි සියලු රජුන්ට ද පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස පණ ඇති සියල්ලන් ම මුළුමනින් ම සිඳදැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 මෙසේ ජෝෂුවා මුළු දේශයට, එනම් කඳු රටට හා දකුණු දේශයට ද පහත රටට හා කඳු බෑවුම්වලට ද එහි සියලු රජුන්ට ද පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස පණ ඇති සියල්ලන් ම මුළුමනින් ම සිඳදැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 මෙසේ යෝෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයටද පාත රටට හා කඳු බෑවුම්වලටද එහි සියලු රජුන්ටද පහරදී එක්කෙනෙක්වත් ඉතුරුනොකොට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළ ලෙස හුස්ම ඇති සියල්ලන් මුළුමනින්ම සිඳදැමුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:40
26 හුවමාරු යොමු  

දුදනන්ගේ ඉරණම පාතාලය වේ; දෙවිඳුන් අමතක කරන ජාතීන්ටත් එසේ ම වේ.


තවද, ඔහු රජ වූ වහා ම ජෙරොබෝවම්ගේ මුළු වංශය නැසුවේ ය. විනාශ නොකර පණපිටින් කිසිවෙකු ඔහු ජෙරොබෝවම්ට ඉතිරි නොකෙළේ ය.


එය අල්ලාගෙන එයටත්, එහි රජුටත්, ඊට අයිති සියලු නගරවලටත්, එහි විසූ සියලු දෙනාටත් කඩුවෙන් පහර දී, එග්ලොන් නගරයට කළාක් මෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොකර, එය ද එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදැමුවේ ය.


ඔව්හු ඒ දවසේ දී ම එය අල්ලාගෙන, එයට කඩුවෙන් පහර දී ලාකීෂ් නගරයට කළාක් මෙන් එහි සිටි සියලු දෙනා ඒ දවසේ දී මුළුමනින් විනාශ කරදැමුවෝ ය.


ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “මුළු දේශය ඔබ හැමට දෙන්නටත්, ඔබ හැම ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශ කරදමන්නටත්, ඔබ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු මෝසෙස්ට අණ කළ බව අපට දැනගන්නට ලැබුණ බැවින්, ඔබ විසින් මරනු ලබනු ඇත යන බියෙන් අපි මෙසේ කෙළෙමු.


එහෙත්, ගවයන් ද ඒ නගරයේ වස්තුව ද සමිඳාණන් වහන්සේ ජෝෂුවාට අණ කළ පරිදි, ඉශ්රායෙල්වරු තමන්ට කොල්ලයක් කොට ගත්තෝ ය.


නුඹ ජෙරිකෝවටත් එහි රජුටත් කළාක් මෙන් ආයි නගරයටත්, එහි රජුටත් කරන්න. එහි වස්තුව හා ගවයන් නුඹලාට කොල්ලයක් වශයෙන් ගන්න. නගරයට එහායින් රහසේ රැක සිටින සේනාවක් සූදානම් කර තබන්නැ”යි වදාළ සේක.


නුවර හා එහි ඇති සියල්ල සමිඳාණන් වහන්සේ උදෙසා සහමුලින් ම විනාශයට නියම වන්නේ ය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය, අප යැවූ පණිවුඩකාරයන් සඟවා තැබූ බැවින් ඈ ද ඈ සමඟ ගෙදර සිටින සියල්ලෝ ද පමණක් විනාශ නොවන්නෝ ය.


උන් වහන්සේ ඔවුන්ගේ රජවරුන් ඔබේ බලයට පාවා දෙනු ඇත. ඔබ ද ඔවුන්ගේ නම මිහි පිටින් මකා දැමිය යුතු ය. ඔබ ඔවුන් වනසාලන විට කිසිවෙකුට ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට නොහැකි වනු ඇත.


බෙන්ජමින් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ නගර නම්: ජෙරිකෝව ද බෙත්-හොග්ලා ද ඒමෙක්-කෙශිශ් ද


මේ දේශය කඳු රටෙහි ද පහත රටෙහි ද අරබා සමභූමියෙහි ද කඳු බෑවුම් ළඟ ද කාන්තාරයෙහි ද දකුණු දිශාවෙහි ද වාසය කළ හිත්තීවරුන්ටත්, අමෝරිවරුන්ටත්, කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත්, හිවීවරුන්ටත්, ජෙබුසිවරුන්ටත් අයිති ව තිබිණි.


කඳවුර ගලවා, ගමන අරඹා අමෝරිවරුන්ගේ කඳුකරයට ද ඊට යාබද ව අසල්වැසියන් වසන මිටියාවතට සහ කඳුකරයට ද තැනිතලාවට සහ දකුණු දිශාවට ද මුහුදුබඩට හා කානානිවරුන්ගේ දේශයට ද ලෙබනොන් රටට සහ මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ද යන්න.


නුඹ යන දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකිරීමට බලාගන්න. මන්ද, එය නුඹට මර උගුලක් වන්නට පුළුවන.


එය සහ එහි රජු ද එයට අයිති සියලු නගර ද අල්ලාගෙන, කඩුවෙන් පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකර එහි සිටි සියලු දෙනාත් මුළුමනින් විනාශ කරදැමුවේ ය. ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන් ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන් ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේ ය.


ජෝෂුවා ඒ මුළු දේශය අත්කරගත්තේ ය. එනම්, කඳු රට ද මුළු දකුණු දිශාව ද මුළු ගෝෂෙන් රට ද අරබා සමභූමිය ද ඉශ්රායෙල් කඳු රට ද ඒ අසල පහත රට ද


මෝසෙස් කානාන් දේශයට ඔවුන් චරපුරුෂයන් සේ යවමින්, ඔවුන් අමතා, “දකුණු දිශාවට ගොස්, ඉන්පසු කඳුකරයට යන්න.


ඒ දවස්හි අපි ඔහුගේ සියලු නගර අල්ලාගෙන, ඒවා සියල්ලෙහි ම විසූ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ද සිඟිති දරුවන් ද සම්පූර්ණයෙන් ම වනසා දැම්මෙමු. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකෙළෙමු.


ඔවුන්ගේ දරුවෝ ද ඇතුළු වී දේශය හිමි කරගත්තෝ ය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන් වූ කානානිවරුන් යටත් කර ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන් ද ඔවුන්ගේ රජවරුන් ද දේශයේ ජාතීන් ද ඔවුන් අතට පාවා දුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්