Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:20 - Sinhala New Revised Version

20 ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ ඔවුන් සමූලඝාතනය කර නිම කළෝ ය. ඔවුන්ගෙන් ඉතිරි අය පවුරු ඇති නගරවලට ඇතුළු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ ඔවුන් සමූලඝාතනය කර නිම කළෝ ය. ඔවුන්ගෙන් ඉතිරි අය පවුරු ඇති නගරවලට ඇතුළු වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 යෝෂුවා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන් විනාශවනතෙක් ඉතා මහත් මැරීමකින් ඔවුන් මරා නිමකළ පසුද, ඔවුන්ගෙන් ඉතිරි අය පවුරු ඇති නුවරවලට ඇතුල්වූ පසුද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:20
12 හුවමාරු යොමු  

ඉශ්රායෙල්වරුන් තමන් ලුහුබැඳ ආ සියලු වැසියන් පාළුකරයේ දී වනසා නිම කළ පසු ද මෙසේ ආයි වැසියන් සියල්ලන් ම එකෙකු වත් ඉතුරු නොවන සේ කඩුවෙන් විනාශ කරනු ලැබූ පසු ද සියලු ඉශ්රායෙල්වරු ආයි නගරයට හැරී ගොස් එහි සිටි අය ද කඩුවෙන් මරා දැමුවෝ ය.


සෙනඟ මෙසේ අසති. “අපි කුමට නිකම් හිඳිමු ද? අපි එක්රැස් වී, පවුරු ඇති නගරවලට වැද එහි මැරෙමු. අප සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා, අපේ දෙවි ස්වාමීන් වහන්සේ අප විනාශයට පත් කොට, අපට බීමට වස දිය දී ඇත.


අබියා ද ඔහුගේ සෙනඟ ද ඔවුන් ඝාතනය කළහ. තෝරාගත් ඉශ්රායෙල් මනුෂ්‍යයෝ පන්ලක්ෂයක් මැරුම් කා වැටුණෝ ය.


දාවිත් අබිෂයිට කතා කොට, “අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුත් ෂෙබා අපට අනතුරු කරනු ඇත. ඔහු පවුරු ඇති නගර අත් කරගෙන අපෙන් ගැළවී නො‍යන පිණිස, ඔබේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගෙන ඔහු ලුහුබැඳ යන්නැ”යි කී ය.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.


“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන නගරවල සෙනඟගෙන් කිසිවෙකුට පණපිටින් සිටින්නට ඉඩ නොහැරිය යුතු ය.


එහෙත්, ඔබ නැවතී නොසිටින්න; ඔබේ සතුරන් ලුහුබැඳ ගොස් පිටුපසින් සිටින්නන්ට පහර දෙන්න; ඔවුන්ගේ නගරවලට ඇතුළු වීමට ඔවුන්ට ඉඩ නොදෙන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය.


ඉන්පසු ජෝෂුවාගේ සෙනඟ මක්කේදාහි කඳවුරට ජෝෂුවා වෙත සුව සේ හැරී ආවෝ ය. ඉශ්රායෙල් සෙනඟගෙන් කිසිවෙකුට විරුද්ධ ව කවරෙක් වත් කිසිවක් නොකීවෝ ය.


“දේශය මුළුල්ලේ හොරණෑව පිඹ මොරගසා, ‘අපි එක්රැස් වී බලකොටු සහිත නගරවලට යමු’ කියා ජුදාව පුරා පතුරුවන්න; ජෙරුසලමේ ප්‍රකාශ කරන්න.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් මහ සීදොන් දක්වා ද මිස්රෙපොත්-මායිම් දක්වා ද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වා ද එළවාගෙන ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔවුන්ට පහර දුන්නෝ ය.


ජෝෂුවා මේ සියලු රජවරුන්ගේ නගර ද එහි සියලු රජවරුන් ද අල්ලාගෙන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අණ කළ ලෙස කඩුවෙන් ඔවුන්ට පහර දී, ඔවුන් මරා දැමුවේ ය.


ඉශ්රායෙල් රජ පිටතට ගොස් අශ්වයන්ට ද අශ්ව රථවලට ද පහර දී සිරියාවේ වැසියන් හොඳට ම පරාජය කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්