Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 9:17 - Sinhala New Revised Version

17 එබැවින් සමිඳාණෝ තරුණයන් කිසිවෙකුට ගැළවී යන්න ඉඩ නොදෙන සේක; වැන්දඹුවන්ටත්, අනාථයන්ටත් අනුකම්පා නොකරන සේක. මන්ද, ඔව්හු සියල්ලෝ අභක්තිකයෝ ද නපුර කරන්නෝ ද වෙති. ඔවුන් කියන සියලු දේ බොරු ය. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එබැවින් සමිඳාණෝ තරුණයන් කිසිවෙකුට ගැළවී යන්න ඉඩ නොදෙන සේක; වැන්දඹුවන්ටත්, අනාථයන්ටත් අනුකම්පා නොකරන සේක. මන්ද, ඔව්හු සියල්ලෝ අභක්තිකයෝ ද නපුර කරන්නෝ ද වෙති. ඔවුන් කියන සියලු දේ බොරු ය. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 එබැවින් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ යෞවනයන් කෙරෙහි ප්‍රීති නොවනසේක, ඔවුන්ගේ පියා නැත්තන්ටත් වැන්දඹුවන්ටත් අනුකම්පා නොකරනසේක. මක්නිසාද ඔවුන් සියල්ලෝම අභක්තිකයෝද නපුර කරන්නෝද වෙති, සියලු මුඛද නින්දිත දේ කථාකෙරෙති. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 9:17
33 හුවමාරු යොමු  

මන්ද, අභක්තිකයන්ට දරු පරපුරක් නොලැබෙනු ඇත. අල්ලෙසන් පොහොසත් වූ ඔවුන්ගේ ගේදොර ගින්නෙන් දැවී යනු ඇත.


ඔහුට කරුණා කරන්න කිසිවෙක් නො වේ වා! ඔහුගේ අනාථ දරුවන්ට අනුකම්පා කරන්න කිසිවෙක් නොසිටී වා!


සවි බලැති අසුන්ගෙන් එතුමන්ට කම් නැත. වේගයෙන් දුවන සෙබළුන්ගෙන් එතුමන්ට වැඩක් නැත.


අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.


එසේ කිරීමෙන් නුඹලා දුප්පතුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ද යුක්තිය ද ලබාගැනීමට ඉඩ නොදෙන්නහු ය. වැන්දඹුවන්ගේත්, අනාථයන්ගේත් දේපළ පැහැරගන්නහු ය.


නුඹලා යුද්ධයේ දී මැරුම් කන්නහු ය. නැත්නම්, සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. මේ සියල්ල ම සිදු වුවත් සමිඳුන්ගේ උදහස සංසිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.


මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.


ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලි කරන්නෝ ය; දරුවන්ට අනුකම්පා නොකරන්නෝ ය; ළමුන්ට කරුණාව නොදක්වන්නෝ ය.


ඔබ ඔබේ දේශය නාස්ති කොට, ඔබේ සෙනඟ මරාදැමූ බැවින්, අන් රජවරුන් භූමදාන කරනු ලබන්නාක් මෙන් ඔබ භූමදාන කරනු නොලබන්නෙහි ය. ඔබේ දුෂ්ට පවුලේ කිසිවෙකුත් සිහියට පවා නොගැනෙති!


සෙනඟ විසින් දෙවිඳුන්ගේ නීති නියෝග හා අණපණත් ද ගිවිසුම ද කඩ කරන ලද බැවින් පොළොව දූෂණය වී ඇත.


ගස්වල අතු වියළී කැඩී ගොස් ඇත. ස්ත්‍රීහු ඒවා දරට එකතු කරති. සෙනඟ කිසිවක් තේරුම්ගෙන නැති නිසා, ඔවුන්ගේ මැවුම්කාර දෙවිඳුන් ඔවුන්ට අනුකම්පා කරන්නේ වත්, දයාවපාන්නේ වත් නැත.


සැබැවින් ම ජෙරුසලම නැති නාස්ති වී ඇත. ජුදා වැටී ඇත. කුමක් නිසා ද ඔවුන් කරන කියන හැම දේ සමිඳුන්ට විරුද්ධ වේ. ඔව්හු දෙවිඳුන්ගේ මහිමය හෙළා දකිති.


එතුමාණන් කරන දේ, එතුමාණෝ හොඳින් දන්න සේක. එතුමාණෝ විනාශය එවන සේක. දුෂ්ටයන්ට ද ඔවුන් ආරක්ෂා කරන අයට ද දඬුවම් කරන බවට එතුමන් කරන තර්ජන ඉටුකරන සේක.


මිසරවාසීහු දෙවිවරු නොවෙති. ඔව්හු මනුෂ්‍යයෝ ය. ඔවුන්ගේ අශ්වයන්ට අලෞකික බලයක් නැත; ඔව්හු ඇට මස්වලින් යුක්ත ය. සමිඳුන් ක්‍රියා කරන විට බලවත් ජාතිය විනාශ වන්නේ ය. එයින් උදව් ලැබූ බෙලහීන ජාතිය ද වැටෙන්නේ ය. ඒ ජාති දෙක ම විනාශ කරනු ලබන්නෝ ය.


නුඹලා කිසිම තේරුමක් නැති යෝජනා කරන්නහු ය. නුඹලා කරන සියලු දේ නිෂ්ඵල ය. ගින්නක් වැනි හුස්මක් නුඹලා දවාලන්නේ ය.


නුඹලා පුළුස්සනු ලබන හුණු ගල් මෙන් ද කපා ගින්නෙහි දවාලනු ලබන කටු පඳුරු මෙන් ද වන්නහු ය.


තරුණයෝ පවා දුබල වෙති; යෞවනයෝ පවා වෙහෙස වී වැටෙති.


ශුද්ධ දෙවිඳුන්ගේ වචනය හෙළා දුටු නිසාත්, සව් බලැති සමිඳුන්ගේ අණපණත් ප්‍රතික්ෂේප කළ නිසාත්, ගිනි දැල්ලට ඉපනැලි හා පිදුරු දැවී යන්නාක් මෙන් ඔබට සමාන ඒ ගස්වල මුල් දිරාපත් වී, මල් වියළී පහ වී යන්නේ ය.


සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.


තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය. මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.


මම ජෙරුසලම කෙරෙහිත්, මාගේ සෙනඟ කෙරෙහිත් ප්‍රසන්න වෙමි. ඇඬීමේ ශබ්දයක් වත්, පීඩිත වේදනාවේ ශබ්දයක් වත් එහි තවත් නොඇසෙන්නේ ය.


නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.


මනස්සේ රටේ සෙනඟ ද එප්‍රායිම් රටේ සෙනඟ ද එකිනෙකාට විරුද්ධ ව සටන් කරති. දෙගොල්ලෝ ම එකතු වී ජුදාවට පහර දෙති. මේ සියල්ල සිදු වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තව ම දිගු කර ඇත.


එහෙත්, දැන් ඔවුන්ගේ දරුවන් හාමතේ මැරෙන්නට හැරිය මැනව. යුද්ධයෙන් මැරෙන්නට සැලසුව මැනව; ඔවුන්ගේ භාර්යාවන්ගේ දරුවෝ ද පුරුෂයෝ ද නැති වෙත් වා! ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත් වා! ඔවුන්ගේ තරුණයෝ යුද්ධයේ දී කඩුවෙන් මැරුම්කත් වා!


ජෙරුසලම් ජනයෙනි, වීදිවල ඔබමොබ දුව ගොස් බලන්න; ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. යුක්තිය කරන, සත්‍යය සොයන එක ද මිනිසෙක් වත් ඇද්දැ යි සොයා බලන්න. එවැන්නෙක් ඇත්නම්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමට කමා වනු ඇත.


“මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරමින්, ප්‍රබල බාහුවෙන් ද මාගේ මුළු බලයෙන් ද මාගේ උදහස වැගිරීමෙන් ද නුඹලා කෙරෙහි රජකම් කරන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


“මා මිසර දේශයේ ඇති කළ වසංගතයට සමාන වසංගතයක් නුඹලා අතරේ ද ඇති කෙළෙමි; නුඹලාගේ තරුණයන් ද කඩුවෙන් මරාදමා, නුඹලාගේ අශ්වයන් පැහැරගෙන ගියෙමි; කඳවුරුවල දුර්ගන්ධයෙන් නුඹලාගේ නාස් පුඩු පිරෙව්වෙමි. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ඒ දවසේ දී රූමත් තරුණියෝ ද ශක්තිමත් තරුණයෝ ද පිපාසයෙන් ක්ලාන්ත වී වැටෙන්නෝ ය.


දේශයේ කිසි ම අවංක මිනිසෙකු වත්, දේව භක්තිය ඇති කෙනෙකු වත් ඉතිරි වී නැත. සෑම දෙනා ම මිනීමැරීමට බලා සිටිති. එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසු කරගන්නට මාන බලයි.


එසේ ය, එය කොපමණ සාරවත්, අලංකාරවත් දේශයක් වන්නේ ද! ධාන්‍යයෙන් එහි වෙසෙන තරුණයෝ ද මිදියුසෙන් එහි වෙසෙන තරුණියෝ ද ශක්ති සම්පන්න වන්නෝ ය.”


එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ.


උදයෙහි අහස රතු හා අඳුරු ව තිබෙන නිසා අද කුණාටු ඇති දවසක් වන්නේ ය කියා ද ඔබ දන්නහු ය. ඔබ අහස බලා කාලගුණය තීරණය කරන්න දන්නහු ය. එහෙත්, තත්කාලීන ලකුණු විමසා දැනගන්න ඔබට නුපුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්