Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 9:10 - Sinhala New Revised Version

10 “ගඩොල්වලින් තැනූ ගොඩනැඟිලි ගරාවැටී ඇතත්, ඒ වෙනුවට කැපූ ගලින් අපි ගොඩනැඟිලි තනන්නෙමු. අත්තික්කා ලී බාල්ක කපාදමා ඇතත්, ඒ වෙනුවට අපි ඉස්තරම් කිහිරි ලී බාල්ක යොදන්නෙමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “ගඩොල්වලින් තැනූ ගොඩනැඟිලි ගරාවැටී ඇතත්, ඒ වෙනුවට කැපූ ගලින් අපි ගොඩනැඟිලි තනන්නෙමු. අත්තික්කා ලී බාල්ක කපාදමා ඇතත්, ඒ වෙනුවට අපි ඉස්තරම් කිහිරි ලී බාල්ක යොදන්නෙමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 සිතේ එඩිතරකමෙන්ද අහංකාරයෙන්ද කියන්නාවූ එප්‍රායිම් සහ සමාරියේ වැසියෝද වන මුළු සෙනඟ ඒක දැනගන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 9:10
6 හුවමාරු යොමු  

තවද, රජ ජෙරුසලමෙහි වූ රිදී ගල් මෙන් ද, කිහිරි ගස්, මිටියාවතේ වූ අත්තික්කා ගස් මෙන් ද, ගණනින් වැඩි වන්නට සැලැස්වී ය.


අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.


“ඉශ්රායෙල් දේශයේ සෙනඟ ඔවුන්ගේ මැවුම්කාරයාණන් අමතක කර, තමන්ට මාලිගා තනාගත්හ. ජුදා දේශයේ සෙනඟ සුරක්ෂිත වන පිණිස බලකොටු නගර වැඩි වැඩියෙන් තනාගත්හ. එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඒ නගර පිට ගින්නක් එවන සේක, එයින් එහි මාලිගා දැවී වැනසෙනු ඇත.”


ඒසව්ගේ පරම්පරාවෙන් පැවත එන ඒදොම්වරුන්, “අපේ නගර විනාශ වී ඇතත් අපි නැවත ඒවා ගොඩනඟන්නෙමු”යි කීවොත්, සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “ඔවුන් ගොඩනඟන නමුත් මම නැවත ඒවා කඩාදමන්නෙමි. ඒදොම් වනාහි ‘දුෂ්ට පළාත’ කියා ද ‘සදහට ම සමිඳාණන් වහන්සේගේ උදහසට ලක් වී ඇති ජාතියක්’ කියා ද සෙනඟ කියනු ඇත.


ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින්, ඔහු පෙරටුව දුව ගොස්, උන් වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැංගේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්