Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 8:11 - Sinhala New Revised Version

11 සෙනඟ යන මාර්ගයෙහි නොයන ලෙස සමිඳාණන් වහන්සේ තමන් මහත් බලයෙන් මට දැනුමැතිකම් දෙමින් මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 සෙනඟ යන මාර්ගයෙහි නොයන ලෙස සමිඳාණන් වහන්සේ තමන් මහත් බලයෙන් මට දැනුමැතිකම් දෙමින් මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 තවද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයක් ඇතුව මට කථාකොට, මේ සෙනඟගේ මාර්ගයෙහි නොයන හැටියට මට දැනමුතුකම් දෙමින්, මෙසේ කීසේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 8:11
10 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ බලය එලියා පිට පැමිණි නිසා, ඔහු සිය ඉඟටිය වටා වූ වස්ත්‍රය අල්ලාගෙන ආහබ්ට පෙරටු ව ජෙශ්‍රෙයෙල් නගරයට ඇතුළු වන තැන දක්වා දිවී ය.


“නුඹට උගන්වන්නෙමි; යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි; මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.


මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්‍රියා මාර්ගයෙන් ඈත් වන්න.


සමිඳාණෝ මෙසේ වදාළ සේක: “ජුදා දේශය පාලනය කරන අය මට විරුද්ධ ව කැරලි ගසන බැවින් ඔවුන්ට වන විපතක මහත! ඔව්හු පව් පිට පව් කරමින් මා නොකළ සැලසුම අනුගමනය කරති. මාගේ කැමැත්තට විරුද්ධ ව ගිවිසුම්වලට අත්සන් කරති.


මෙයට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ ආපසු ආවොත් මම නුඹ නැවත පිළිගන්නෙමි. නුඹ ද මා ඉදිරියේ සිටින්නෙහි ය. නුඹ නොවටින දේ නොව, අගනා දේ කතා කරන්නෙහි නම්, නුඹ මාගේ මුඛය මෙන් වන්නෙහි ය. එවිට සෙනඟ නුඹ වෙත හැරී එනු ඇත. ඔවුන් වෙත යන්න නුඹට වුවමනාවක් නොවනු ඇත.


අහෝ සමිඳුනි! ඔබ තුමාණෝ මා මුළා කළ සේක. මම ද මුළා වීමි. ඔබ තුමාණෝ මට වඩා බලවන්ත ය. ඔබ තුමාණෝ මා පරාජයට පත් කළ සේක. දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති. ඔව්හු මට උසුළු-විසුළු කරති.


‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.


මෙලෙස ආත්මානුභාවයාණෝ මා ඔසවාගෙන ගියහ. දුකින් හා උදහසින් පිරුණු සිතකින් මම පිටත් ව ගියෙමි. සමිඳාණන් වහන්සේගේ බලය මා කෙරෙහි බලවත් ලෙස පැමිණියේ ය.


මන්ද, අප ඇසූ දුටු දේ ගැන කතා නොකර සිටින්නට අපට නොහැකි ම ය”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්