Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 65:12 - Sinhala New Revised Version

12 මම කඩුවෙන් මරණයට පත් වීමේ ඉරණමට නියම කරන්නෙමි. නුඹලා සියල්ලෝ ම ඝාතනයට අවනත වන්නහු ය. මන්ද, හඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහු ය. මා කතා කළ විට නුඹලා සවන් නුදුන්නහු ය. මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර, මා ප්‍රිය නොකරන දේ තෝරාගත්තහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මම කඩුවෙන් මරණයට පත් වීමේ ඉරණමට නියම කරන්නෙමි. නුඹලා සියල්ලෝ ම ඝාතනයට අවනත වන්නහු ය. මන්ද, හඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහු ය. මා කතා කළ විට නුඹලා සවන් නුදුන්නහු ය. මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර, මා ප්‍රිය නොකරන දේ තෝරාගත්තහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 නුඹලා මම කඩුවට නියමකරන්නෙමි; නුඹලා සියල්ලෝම මැරුම්කෑමට අසුවන්නහුය. මක්නිසාද මා අඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහුය, මා කථාකළ විට නුඹලා නොඅසා, මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කොට, මා කැමැති නැති දේ තෝරාගත්තහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 65:12
34 හුවමාරු යොමු  

මා සඳහන් කළ සියලු පව් නුඹලා කර ඇත. මා නුඹලාට නැවත නැවත ඕනෑකමින් කතා කළ නමුත්, නුඹලා මට සවන් නොදුන්නහු ය. මා නුඹලාට අඬගැසූ නමුත්, නුඹලා මට පිළිතුරු නුදුන්නහු ය.


ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද? ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද? ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද? මෙය සිතට ගන්න. මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය. වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත.


උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.


රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.


ඔහු සරණ මංගල්‍යයට ආරාධිතයන් කැඳවාගෙන එන පිණිස දාසයන් යැවී ය. එහෙත්, ඔව්හු එන්න අකමැති වූ හ.


ජෙරුසලම සෞභාග්‍යයෙන් හා ජනගහණයෙන් පිරී, ඒ නගරය අවට නගර ද දකුණු දිශාව ද පහත පළාත ද ජනාවාස වී තිබුණු කාලයේ දී පවා සමිඳාණන් වහන්සේ කලින් සිටි දිවැසිවරුන් මඟින් කීවේත් මෙය නොවේ දැ යි කියන්න.”


එබැවින් ස්වාමීන් වන මම මෙසේ කියමි. නුඹලා මට අකීකරු වී, නුඹලාගේ සහෝදර අසල්වැසි හෙබ්‍රේවරුන්ට නිදහස ප්‍රකාශ නොකළහු ය. ඒ නිසා කඩුවට ද වසංගතයට ද සාගතයට ද මම නුඹලා පාවා දෙන්නෙමි. මා නුඹලාට කරන දේ ගැන පොළොවේ සියලු ජාතීන් තැති ගැනීමට මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


එහෙත්, දැන් ඔවුන්ගේ දරුවන් හාමතේ මැරෙන්නට හැරිය මැනව. යුද්ධයෙන් මැරෙන්නට සැලසුව මැනව; ඔවුන්ගේ භාර්යාවන්ගේ දරුවෝ ද පුරුෂයෝ ද නැති වෙත් වා! ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත් වා! ඔවුන්ගේ තරුණයෝ යුද්ධයේ දී කඩුවෙන් මැරුම්කත් වා!


ඔවුන් කරන සියලු දේ මට පෙනේ; කිසිවක් මාගෙන් සැඟවී නැත; ඔවුන්ගේ අයුතුකම් මාගේ ඇස් ඉදිරියෙන් සැඟවී නැත.


ඒ සෙනඟ මා ඉදිරියෙහි දී නිතරම මා කෝප කරති; උයන්වල පූජා ඔප්පු කරති; ගඩොල් පිට සුවඳ දුම් ඔප්පු කරති. රහස් ස්ථානවල රාත්‍රිය ගත කරති;


දෙවිවරුන් අතරේ මා සෝදිසි කළ විට ඔවුන්ගෙන් කිසිවෙකුට කියන්න දෙයක් නුවූ බව මට පෙනුණේ ය. මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔවුන්ගෙන් කිසිවෙකුට නොහැකි විය.


ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ තමන්ගේ දැඩි, බලවත්, භයානක කඩුවෙන් ශීඝ්‍රයෙන් වක් වෙමින් යන ලෙවියාතන් නම් මුහුදු සර්පයාට දඬුවම් කර, මුහුදේ සිටින දිය රකුසා මරාදමන සේක.


නුඹලා යුද්ධයේ දී මැරුම් කන්නහු ය. නැත්නම්, සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. මේ සියල්ල ම සිදු වුවත් සමිඳුන්ගේ උදහස සංසිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.


නගරයේ සිටින පුරුෂයෝ ඉතා ශක්තිමත් අය වුව ද යුද්ධයේ දී මැරුම් කන්නෝ ය.


ස්නානය කොට පිරිසිදු වන්න; මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න.


වීදිවල යුද්ධය ඇති වෙයි; ගෙවල භීතිය ඇති වෙයි. තරුණ තරුණියෝ නැසී යති; කිරි දරුවෝ ද මහල්ලෝ ද වැනසී යති.


මාගේ ගිවිසුම කඩ කළ නිසා දඬුවම් කරනු පිණිස නුඹලාගේ රටට යුද්ධයක් පමුණුවනු ලැබේ. නුඹලා නගරවල එක් රැස් වී සිටින විට මම නුඹලා අතරට වසංගත පමුණුවන්නෙමි. නුඹලාගේ සතුරන්ගේ බලයට නුඹලා පාවා දෙනු ලබන්නහු ය.


අකීකරු වී කැරලි ගසන්නහු නම් කඩුවෙන් මැරුම් කන්නහු ය.” සමිඳාණෝ සිය සිරි මුවෙන් මෙය වදාළ සේක.


සමිඳුන් සෑම ජාතීන් කෙරෙහි උදහස් වී, ඔවුන්ගේ සියලු සේනාවන් කෙරෙහි කෝප වී විනාශයටත්, මැරුම්කෑමටත් ඔවුන් තීන්දුකර ඇත.


සමිඳුන් සිය කඩුව සගයෙහි සූදානම්කර ඇත. එයින් එතුමාණෝ, ඒදොම්හි සිටින, විනාශයට තීන්දු කරන ලද සෙනඟට පහර දෙන සේක.


පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත. සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක. මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.


මාගේ උදහසින් ජාතීන් පාගාදමා, මාගේ කෝපයෙන් ඔවුන් මත් කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙව්වෙමි.”


එසේ ය, එතුමාණෝ පොළෝ වැසි සියලු දෙන ගින්නෙන් ද කඩුවෙන් ද විනිශ්චය කරන සේක. මරණු ලබන්නෝ බොහෝ වෙති.


‘ජෙරමියා, නුඹ මේ සියලු වචන ඔවුන්ට කතා කර කියන නමුත්, ඔව්හු නුඹලාට සවන් නොදෙන්නෝ ය. නුඹ ඔවුන්ට අඬගසන නමුත්, ඔව්හු නුඹට උත්තර නොදෙන්නෝ ය.


එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මම ජුදාවරුන්ටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධ ව මා කී සියලු විපත් ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා ඔවුන්ට කතා කළ නමුත්, ඔව්හු සවන් නුදුන්නෝ ය. මා ඔවුන්ට අඬගැසූ නමුත්, ඔව්හු උත්තර නුදුන්නෝ ය.’ “


මට කීකරු නොවූ ජාතීන් හට මම උදහසෙනුත්, කෝපයෙනුත් දඬුවම් දෙන්නෙමි.”


සැබෑකම දක්නට නැත; නපුර හෙළා දකින තැනැත්තා සොර මුළට ගොදුරක් වේ. සමිඳාණෝ මේ දේ දැක, යුක්තිය නුවූ බැවින් අප්‍රසන්න වූ සේක.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්