Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 57:10 - Sinhala New Revised Version

10 අන් දෙවිවරුන් සොයාගැනීමටත් නුඹලා වෙහෙස වන්නහු ය. එහෙත්, නුඹලාගේ සෙවීම අත්නාරින්නහු ය. නුඹලා නව පණක් ලබාගත් බැවින් නුඹලා දුර්වල නොවන්නහු යයි සිතන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 අන් දෙවිවරුන් සොයාගැනීමටත් නුඹලා වෙහෙස වන්නහු ය. එහෙත්, නුඹලාගේ සෙවීම අත්නාරින්නහු ය. නුඹලා නව පණක් ලබාගත් බැවින් නුඹලා දුර්වල නොවන්නහු යයි සිතන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 නුඹේ මාර්ගයේ දීර්ඝකම නිසා නුඹ වෙහෙසවූවෙහිය; එසේ වුවත්: එය නිෂ්ඵලයයි නුඹ නොකීවෙහිය. නුඹේ අතේ ප්‍රාණවත්කම සම්බවූ බැවින් නුඹ දුර්වල නූණෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 57:10
12 හුවමාරු යොමු  

එම්බා ඉශ්රායෙලය! නුඹේ පාදවල වහන් නැති වෙන්නට වත්, නුඹේ උගුර පිපාසයෙන් වේළෙන්නට වත්, ඉඩ නොදෙන්න. එහෙත්, නුඹ, ‘එය නිෂ්ඵල ය, එසේ නොව මම අමුත්තන්ට ආලය කෙළෙමි, ඔවුන් පසුපස්සේ යමි’යි කියන්නෙහි ය.”


එහෙත් ඔවුන්, ‘එයින් වැඩක් නැත; අපේ ම අභිප්‍රායයන් ලෙස අපි හැසිරෙමු, අපි එකිනෙකා අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස ක්‍රියා කරන්නෙමු’යි පිළිතුරු දෙනු ඇත.


අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.


නීතිය නොදැන මා ජීවත් වූ කාලයක් විය. එහෙත් මට ආඥාව දැනගන්න ලැබුණු කල, පාපය වහා ම පණ ලැබී ය.


ජාතීන් නිකරුණේ වෙහෙස මහන්සියෙන් ඔවුන් ගොඩනඟා ඇති සියල්ල ගින්නෙන් දවා නැත්තට නැති කිරීම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ක්‍රියාව නොවේ ද?


මම නිකරුණේ වෙහෙස වීමි. කුමක් නිසා ද, ජෙරුසලම, නුඹේ මලකඩ නමැති නුඹේ දූෂිත ක්‍රියා නුඹෙන් පහ ව නොයයි; ඒවා ගින්නෙන් වුව ද පහ ව නොයයි.


ඔවුන් එකිනෙකා තම තමාගේ අසල්වැසියා රවටනු ඇත. කිසිවෙක් ඇත්ත කතා නොකරති. බොරු කීමට ඔව්හු පුරුදු වී සිටිති; ඔව්හු අපරාධ කරති. එහෙත්, පසුතැවී සිත් හරවා ගැනීමට නොවෙහෙසෙති.


වැහිවලා වළක්වනු ලැබුවේත්, වසන්ත කාලයේ වැසි නොවැස්සේත් ඒ නිසා ය. වේශ්‍යාවකගේ පෙනුම නුඹට ඇත; එහෙත්, නුඹට කිසි ලජ්ජාවක් නැත.


නුඹලා මාර්ග වෙනස් කරගනිමින් වගකීමෙන් තොර ව තැනින් තැන යන එන රඟ! අසිරියාව මඟින් නුඹලා ලජ්ජාවට පත් වූවාක් මෙන් මිසරය මඟින් ද නුඹලා ලජ්ජාවට පත් වන්නහු ය.


ඉතින් නක්ෂත්‍රකාරයෝ ද නැකත් බලන්නෝ ද අමාවක් දවස්වල දී ශුභ අශුභ කියන්නෝ ද ඉදිරියට පැමිණ නුඹට සිදු වන්න යන දෙයින් නුඹ ගළවා ගනිත් වා! ඔවුන්ගේ අවවාද නුඹ ලැබූ නමුත්, ඒවායින් නුඹ වෙහෙසට පත් වී ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්