Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 53:7 - Sinhala New Revised Version

7 සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටිය හ; නිහතමානී ලෙස එය දැරූ හ. මරන්න ගෙන යන බැටළු පොව්වකු සේ ද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬ ව සිටින සේ ද එතුමෝ මුඛය නෑර සිටිය හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටිය හ; නිහතමානී ලෙස එය දැරූ හ. මරන්න ගෙන යන බැටළු පොව්වකු සේ ද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬ ව සිටින සේ ද එතුමෝ මුඛය නෑර සිටිය හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 උන්වහන්සේට පීඩාකළ විට, උන්වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටිසේක; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නෑර සිටිසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 53:7
17 හුවමාරු යොමු  

එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය.


උන් වහන්සේට නින්දා කරනු ලැබූ කල, නින්දා නොකළ සේක. වද වින්ද කල තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන් වහන්සේට තමන් ම භාර දුන් සේක.


එහෙත්, ජේසුස් වහන්සේ නිශ්ශබ්ද ව කිසි පිළිතුරක් නොදී සිටි සේක. යළිත් උත්තම පූජකයා කතා කොට, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ද? ආශීර්වාදිතයාණන්ගේ පුත්‍රයාණෝ දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.


රජවාසලට යළිත් ඇතුළු වී, ජේසුස් වහන්සේ අමතා, “ඔබ කොහෙන් එන්නේ දැ”යි ඇසී ය. එහෙත් ජේසුස් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක.


ඔහු උන් වහන්සේගෙන් බොහෝ ප්‍රශ්න ඇසූ නමුත් උන් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක.


එහෙත්, ජේසුස් වහන්සේ ඉන්පසු කිසි පිළිතුරක් නුදුන් සේක. ඒ ගැන පිලාත් ද මවිත විය.


පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!


එවිට සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද කුලදෙටුවන් ද මධ්‍යයෙහි මරනු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පෝතකයෙකු සිටිනු මම දිටිමි. ඒ බැටළු පෝතකයාට අං සතක් ද ඇස් සතක් ද විය. ඇස් සත නම්, ලොව පුරා යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය.


දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද


දවස පුරා අපි ඔබ නිසා මරනු ලබමු; මැරීමට නියම බැටළුවන් මෙන් ගණන්ගනු ලබමු.


අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක.


මම, මරණයට ගෙනයන හීලෑ බැටළු පැටවෙකු මෙන් සිටියෙමි; ‘අපි පල සමඟ ගස සිඳදමන ලෙස ඔහුගේ නම තවත් ඉතිරි නොවන පිණිස ජීවත් ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු නැති කර දමමු’යි ඔවුන් මට විරුද්ධ ව උපා යෙදූ බව මම නොදැන සිටියෙමි.


මට කන් නොඇසෙන නිසා මම පිළිතුරු දිය නොහැකි මිනිසෙකු හා සමාන ය.


සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය. මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය.


මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි. මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්