Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 43:20 - Sinhala New Revised Version

20 මා විසින් තෝරාගනු ලැබූ මාගේ සෙනඟට වතුර දෙන පිණිස මා කාන්තාරයෙහි ගංගා ගලා යන්න සැලැසූ නිසා හිවලුන් ද පැස්බරුන් ද ඇතුළු වන සත්ත්වයෝ මට ගෞරව කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මා විසින් තෝරාගනු ලැබූ මාගේ සෙනඟට වතුර දෙන පිණිස මා කාන්තාරයෙහි ගංගා ගලා යන්න සැලැසූ නිසා හිවලුන් ද පැස්බරුන් ද ඇතුළු වන සත්ත්වයෝ මට ගෞරව කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 මා විසින් තෝරාගත් මාගේ සෙනඟට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන නිසා, සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනයේ සත්වයෝ මට ගෞරවකරන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 43:20
27 හුවමාරු යොමු  

අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි.


සමිඳාණන් වහන්සේ සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය විට ඔවුන්ට පිපාසයක් නො වී ය. එතුමාණෝ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්න සැලැස්සූ සේක. එතුමන් පර්වතය විවර කළ විට වතුර ගලා ආයේ ය.


ඔවුන්ට සාපිපාසා නොවන්නේ ය. ගිනි අව්වෙන් වත්, මරුකතරෙන් වත් ඔවුන්ට පීඩාවක් නොවන්නේ ය. මන්ද, ඔවුන්ට අනුකම්පා කරන තැනැන් වහන්සේ ඔවුන්ට මඟපෙන්වන සේක. දිය උල්පත් අසලින් ඔවුන් කැඳවාගෙන යන සේක.


මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”


එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.


එහි ඇති කොත්වලත්, මාලිගාවලත් නරියන් හා සිවලුන් කෑගසනු ඇත. බබිලෝනියේ විනාශයේ දවස දැන් පැමිණ ඇත. එය වැඩි කල් පවතින්නේ නැත.”


ආත්මයාණන් වහන්සේ ද මනාලිය ද “එන්නැ”යි කියති. අසන්නෝ ද, “එන්නැ”යි කියත් වා! පිපාසය ඇත්තෝ ද එත් වා! කැමැති කෙනෙක් ජීවන පැන් නොමිලයේ ගනිත් වා!


උන් වහන්සේ මට කතා කොට, “ඒවා ඉෂ්ට වී ඇත. මම අල්පා සහ ඔමෙගා ය. ආරම්භය සහ අවසානය ය. පිපාසය ඇත්තාට මම ජීවන දිය උල්පතෙන් නොමිලයේ බොන්නට දෙන්නෙමි.


එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.


ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ විසින් ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් ගළවනු නොලබන්නෝ ය. එහෙත්, උන් වහන්සේ තෝරා වෙන් කොට ගත් අය වෙනුවෙන් ඒ කාලය කෙටි කළ සේක.


ඒ කාලයේ දී, කඳුවලින් මිදියුස වෑස්සෙනු ඇත; හෙල්වලින් කිරි ගලා යනු ඇත. ජුදාහි සියලු ඇල දොළවල වතුර පිරෙනු ඇත. සමිඳුන්ගේ මාලිගාවෙන් උල්පත් නික්ම ෂිට්ටිම් මිටියාවතට වතුර දෙනු ඇත.


ඔවුන් අඬමින් ද කන්නලව් කරමින් ද ගිය නමුත්, මම ඔවුන් සනසමින් ආපසු ගෙනෙන්නෙමි. දිය ඔයවල් අසලින්, නොපැකිළෙන, ඇද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි. මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි; එප්‍රායිම් මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේ ය.


මා තෝරා ගත්තවුන්ට නුඹලාගේ නාමය සාපයක් මෙන් වන්නේ ය. එහෙත්, එතුමන්ගේ දාසයෝ නව නාමයකින් අමතනු ලබති. මහෝත්තම ස්වාමීන් වන දෙවිඳාණෝ නුඹලා වනසන සේක.


බලන්න, මම අලුත් දෙයක් කරන්නෙමි. එය දැනුදු ඉටු වේ; නුඹලාට එය නොපෙනේ ද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක් සාදා, එහි ජලධාරා ඇති වන්න සලස්වන්නෙමි.


වන සතුන්, උරගයින්, පක්ෂීන් හා සියලු සිව්පාවෙනි, සමිඳුන් පසසන්න.


සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති. උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති.


සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය.


එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.


ඔබේ සතුරන්ගේ බලකොටු වැටී, සතුරන් මරාදමන දවසේ දී, පර්වත හා කඳු මුදුන්වලින් ජලධාරා ගලා එන්නේ ය.


ඔව්හු, සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද වන්නෝ ය.


සමිඳාණෝ සිය තේජාලංකාරය අපට පෙන්වන සේක. එතුමාණෝ ගංගා හා දිය ඇලවල් අසල වැඩ සිටින සේක. සතුරු නැව් එහි යාත්‍රා නොකරන්නේ ය.


මිරිඟුව ජල පොකුණක් වෙයි. වියළි බිම උල්පත්වලින් පිරෙයි. සිවලුන් ලැගුම් ගත් පාළු පෙදෙස්වල බට පඳුරු හා පන්ගස් හටගන්නේ ය.


මම මුඩු කඳු මුදුන්වල ගංගා ගලා යන්න ද මිටියාවත් මැද උල්පත් ඇති වන්න ද සලස්වන්නෙමි. කාන්තාරය මැද දිය පොකුණක් ද වියළි දේශයෙන් උල්පත් ද ඇති කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්