Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 39:4 - Sinhala New Revised Version

4 “ඔව්හු රජ මැදුරේ කුමක් දුටුවෝ දැ”යි යෙසායා ඇසී ය. “ඔව්හු සියල්ල ම දුටුවෝ ය. මාගේ ගබඩාවල ඔවුන්ට නොපෙන්වූ දෙයක් නැතැ”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “ඔව්හු රජ මැදුරේ කුමක් දුටුවෝ දැ”යි යෙසායා ඇසී ය. “ඔව්හු සියල්ල ම දුටුවෝ ය. මාගේ ගබඩාවල ඔවුන්ට නොපෙන්වූ දෙයක් නැතැ”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එවිට ඔහු: ඔව්හු නුඹේ ගෙයි මොනවා දුටුවෝදැයි ඇසීය. හෙසකියා උත්තරදෙමින්: මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝය. මාගේ වස්තු අතරේ මා ඔවුන්ට නොපෙන්වූ කිසිවක් නැතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 39:4
8 හුවමාරු යොමු  

වෙන අය සිය පව්කම් සිතේ සඟවා තබාගනිති; එහෙත්, මම මාගේ අපරාධ කිසි කලක වසන් නොකෙළෙමි.


වස්තුව දෙස බලන විට ම එය පියාපත් මවාගෙන, රාජාලියෙකු මෙන් අහසට පියාඹා යනු ඇත.


තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.


එවිට දිවැසිවර යෙසායා, හෙසකියා වෙත ගොස්, “ඒ අය ආවේ කොහෙන් ද? ඔබට ඔවුන් කීවේ කුමක් දැ”යි ඇසී ය. “ඔව්හු දුර රටක් වන බබිලෝනියේ සිට ආවෝ ය”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.


එවිට යෙසායාතුමා රජුට මෙසේ කී ය: සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මේ වචනය අසන්න.


ගම්බද පළාත්වල ගිරිකුළු මත ද අෂේරා දේවතාවිය උදෙසා තනාගත් ඔවුන්ගේ පූජාසන සිහි කරති. දේශයේ සෑම තැන ම නුඹලා කර ඇති පාප නිසා නුඹලාගේ සම්පත ද සකල වස්තුව ද සතුරන් විසින් පැහැරගෙන යනු ලබන්නට සලස්වන්නෙමි.


ජෝෂුවා ආකාන්ට කතා කොට, “මාගේ පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගෞරවය දී උන් වහන්සේට ඇත්ත කියා, ඔබ කළ වරද මාගෙන් නොසඟවා, මට දන්වන්නැ”යි කීවේ ය.


එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්