Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 36:2 - Sinhala New Revised Version

2 ඉන්පසු ඔහු තමාගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ් සිට ජෙරුසලමට යවා හෙසකියා රජුට යටත් වන ලෙස බලකරන්නට යයි නියම කෙළේ ය. ඔහු ගොස් අපුල්ලන්නාගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඉන්පසු ඔහු තමාගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ් සිට ජෙරුසලමට යවා හෙසකියා රජුට යටත් වන ලෙස බලකරන්නට යයි නියම කෙළේ ය. ඔහු ගොස් අපුල්ලන්නාගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 අෂූර්හි රජ රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ්හි සිට හෙසකියා රජු ළඟට යෙරුසලමට යැවීය. ඔහු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කානුව ළඟ සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 36:2
10 හුවමාරු යොමු  

එකල සමිඳාණන් වහන්සේ යෙසායාට මෙසේ වදාළ සේක: “නුඹේ පුත්‍ර ෂෙයාර්-යාෂුබ් සමඟ ආහාස් රජු හමු වන්න යන්න. ඉහළ පොකුණෙන් වතුර ගෙනෙන කාණුවේ කෙළවර ඇති අපුල්ලන්නන්ගේ පිටියේ පිහිටි මාවතේ දී ඔහු නුඹට හමුවනු ඇත.


අසිරියාවේ රජ ද ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන්හි ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නගරවල ද පදිංචි කරවී ය.


මාගේ ස්වාමියා වන අසිරියාවේ රජුගේ නාමයෙන් මම ඔබ හැම සමඟ ඔට්ටුවක් අල්ලන්නෙමි. මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. උන් පිට නැඟී යන්න ඔබට අසරුවන් සොයා ගත හැකි ද?


ඒ අවස්ථාවේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම් නගරයට පහර දෙමින් සිටියෝ ය. ජුදාවේ බලකොටු අතරෙන් අල්ලා නොගෙන තිබූ නගරවලින් ඉතිරි වූ ලාකීෂ්ට හා අසේකාට ද ඔව්හු පහර දෙමින් සිටියෝ ය.


අහෝ ලාකීෂ්හි වැසියෙනි! නුඹලාගේ අශ්වයන් රථවල බැඳගන්න; සියොන් පුරඟනගේ පාපයේ පටන්ගැන්ම මෙය විය. මන්ද, ඉශ්රායෙල් කළ පාපය ම නුඹත් කර ඇත.


ඔහු නගරයේ සිටි ඉශ්රායෙල් රජ වන ආහබ් වෙත පණිවුඩකාරයන් යවමින්,


මන්ද, සමාරියේ තුවාළ අසාධ්‍ය ව තිබේ. ජුදාවටත් ඒ දේ සිදු විය. මාගේ සෙනඟගේ දොරටුව වන ජෙරුසලම දක්වා එම විනාශය ළං වී ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්