Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 32:6 - Sinhala New Revised Version

6 අඥානයා මෝඩ ලෙස කතා කරමින් නපුරු දේ කරන්න සිතයි; ඔහු කරන දේත්, සිතන දේත් දෙවිඳුන්ට අපහාසයකි. ඔහු කිසි කලක බඩගිනි අයට කන්න දෙන්නේ වත්, පිපාසිත අයට බොන්න දෙන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 අඥානයා මෝඩ ලෙස කතා කරමින් නපුරු දේ කරන්න සිතයි; ඔහු කරන දේත්, සිතන දේත් දෙවිඳුන්ට අපහාසයකි. ඔහු කිසි කලක බඩගිනි අයට කන්න දෙන්නේ වත්, පිපාසිත අයට බොන්න දෙන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 මක්නිසාද අධමයා අභක්තික ලෙස හැසිරෙමින්ද ස්වාමීන්වහන්සේට විරුද්ධව අපහාස කථාකරමින්ද බඩගිනි අයගේ ප්‍රාණය හිස්කරමින්ද පිපාසා ඇත්තාගේ පානය අහක්කරමින්ද දුෂ්ටලෙස කථාකරන්නේය, ඔහුගේ සිතද අයුතුකම් කරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 32:6
33 හුවමාරු යොමු  

නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය.


“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.


මාගේ සෙනඟ පාගාදමන්නත්, දුප්පතුන්ට අසාධාරණ දේ කරන්නත් නුඹලාට යුතු නැත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.”


පැරැණි ආප්තෝපදේශයේ හැටියට දුෂ්ටයාගෙන් දුෂ්ටකම නික්මෙයි. එහෙත්, මම ඔබට දුෂ්ටකමක් නොකරන්නෙමි.


අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.


අපට දුප්පතා සල්ලිවලට ද දුගියා සෙරෙප්පු දෙකක මිලයට ද ගත හැකි ය; එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකි ය.”


එතියෝපිය මිනිසෙකුට සිය හමේ පාට වත්, කොටියෙකුට උගේ ඇඟේ ලප වත් කොයි ලෙසින් වත් වෙනස් කළ හැකි ද? එසේ කළ හැකි නම්, නපුර කරන්න හුරුපුරුදු ඔබ හැමටත් යහපත කරන්න හැකි වෙයි.


එබැවින් සමිඳාණෝ තරුණයන් කිසිවෙකුට ගැළවී යන්න ඉඩ නොදෙන සේක; වැන්දඹුවන්ටත්, අනාථයන්ටත් අනුකම්පා නොකරන සේක. මන්ද, ඔව්හු සියල්ලෝ අභක්තිකයෝ ද නපුර කරන්නෝ ද වෙති. ඔවුන් කියන සියලු දේ බොරු ය. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.


සමහරු මෝඩකමින් විපතට පත්වෙති; පසු ව සමිඳුන් හට දොස් තබති.


මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.


මෝඩයෙකුට ප්‍රඥාව ඔරොත්තු නොදෙයි; උසාවියේ දී ඔහුට එක වචනයක් වත් නොකිය හැකි ය.


එසේ කිරීමෙන් නුඹලා දුප්පතුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ද යුක්තිය ද ලබාගැනීමට ඉඩ නොදෙන්නහු ය. වැන්දඹුවන්ගේත්, අනාථයන්ගේත් දේපළ පැහැරගන්නහු ය.


මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.


දුෂ්ටයන්ට ඔබ කරුණාව පෑවත්, යුක්තිය කුමක් දැ යි ඔව්හු කිසි කලෙක ඉගෙන නොගනිති. දමිටු අය සිටින මේ දේශයෙහි වුව ද තවමත් ඔව්හු වැරදි කරන්නෝ ය. ඔබේ මහිමතාව ඔව්හු නොපිළිගන්නෝ ය.


එතුමාණන් කරන දේ, එතුමාණෝ හොඳින් දන්න සේක. එතුමාණෝ විනාශය එවන සේක. දුෂ්ටයන්ට ද ඔවුන් ආරක්ෂා කරන අයට ද දඬුවම් කරන බවට එතුමන් කරන තර්ජන ඉටුකරන සේක.


නපුරුකම් කිරීමට නුඹලා යුහුසුළු වන්නහු ය. නිදොස් අයගේ ලේ වැගිරීමට ඉක්මන් වන්නහු ය. නුඹලාගේ සිතුවිලි පාපතර සිතුවිලි ය. නුඹලා යන යන තැන නාස්තිය හා විනාශය ඇති වේ.


අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.


බොහෝ දෙනෙක් තමන් ම ශුද්ධ පවිත්‍ර කරගෙන ධවල දීප්තියෙන් පිරිසිදු වන්නෝ ය. දුෂ්ටයෝ දුෂ්ටකමෙහි ම නියැලී සිටින්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝ ය. එහෙත්, නුවණැති නායකයෝ පමණක් තේරුම්ගනිති.


නුඹලාගෙන් සමහරු හොඳ තණ කෑමෙන් සෑහීමට පත් නොවනු පමණක් නොව, ඉතිරි හොඳ තණ පවා පාගාදමන්නෝ ය; නුඹලා පිරිසිදු වතුර බොනවා පමණක් නොව හොඳ වතුර පාගා මඩ කරන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්