Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 32:10 - Sinhala New Revised Version

10 ඔබ දැන් තෘප්තිමත් ව සිටින නමුත්, තව අවුරුද්දකින් පමණ නෙළාගැනීමට මුද්‍රික පල කිසිවක් නොවන නිසා ඔබේ බලාපොරොත්තු ශුන්‍ය වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔබ දැන් තෘප්තිමත් ව සිටින නමුත්, තව අවුරුද්දකින් පමණ නෙළාගැනීමට මුද්‍රික පල කිසිවක් නොවන නිසා ඔබේ බලාපොරොත්තු ශුන්‍ය වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 අප්‍රවේසම් තැනැත්තියෙනි, අවුරුද්දකට වැඩි කාලයකින් නුඹලා කැලඹෙන්නහුය. මක්නිසාද මුද්‍රිකඵල ඉවරවන්නේය; ඵල නෙළාගැනීමක් නොපැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 32:10
14 හුවමාරු යොමු  

“මිදි වැලේ මිදි පල නැති, අත්තික්කා ගසේ ගෙඩි නැති, කොළ පවා වියළී ඇති, ඔවුන්ට දුන් දේ පහ ව ගොස් ඇති සමයේ මම ඔවුන් රැස් කරන්නෙමි.”


“ඒ කාලය පැමිණි විට රිදී මිළ දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම මිදි වතුවල කටු ගස් ද ගොකටු ද හටගැනෙනු ඇත.


ඔවුන්ගේ වස්තුව කොල්ලකනු ලැබේ; ඔවුන්ගේ ගෙවල් පාළුකරනු ලැබේ; ඔවුන් ගෙවල් ගොඩනඟන නමුත්, ඒවායේ වාසය කරන්නේ වත් මිදි වතු වවන නමුත්, ඒවායින් මිදියුස බොන්නේ වත් නැත.”


අත්තික්කා ගස පල නොදැරුවත්, මිදි වැල්වල පලදාව නොතිබුණත්, ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත්, ගාලෙන් බැටළු රැළ නැති වී ගියත්, ගව හල් සියල්ල හිස් ව ගියත්,


මිදි වලු පර වී, අත්තික්කා ගස් මැලවී දෙළුම්, තල්, ජම්බු, සියලු ගස් වියළී ඇත. මිනිසාගේ ප්‍රීතිය දුරු වී ඇත.


උන් මාගේ මිදි වැල් පාළු කර ඇත; මාගේ අත්තික්කා ගස් විකාදමා ඇත; ඒවායේ පොතු ගලවා බිම හෙළා ඇත. එහි අතු දැන් සුදු වී ඇත.


මෙලෙස ඉශ්රායෙල් සෙනඟ බොහෝ දවස් රජ කෙනෙකු වත්, අධිපතියෙකු වත්, පුද පූජා වත්, රූපස්ථම්භ වත්, පිළිම වත්, ඉටුදෙව් රූප වත්, නැති ව සිටිනු ඇත.


ඈ කී පරිදි ඇගේ පෙම්වතුන් කුලියක් වශයෙන් ඈට දුන් මිදි වැල් හා අත්තික්කා ගස් විනාශ කර වන ලැහැබක් කර දමමි. වන මෘගයෝ ඒවා කාදමති.


සාරවත් කෙත්වල කිසිවෙකුට ප්‍රීතියක් නැත. මිදි වතුවල කිසිවෙකු ගී ගයන්නේ නැත. මිදියුස ලැබීමට කිසිවෙකු මිදි වලු පාගා මිරිකන්නේ නැත. ප්‍රීති නාදය දැන් ඇසෙන්නේ නැත.


සුරා සොඬුනි, පිබිද වැලපෙව්! බේබද්දෙනි, කෑමොරගසව්! මන්ද, මිදිරස ඔබේ මුවින් පහවී ගොස් ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්