Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 31:8 - Sinhala New Revised Version

8 “එකල අසිරියන්වරු යුද්ධයේ දී මනුෂ්‍ය බලයකින් නොව, ඊට වඩා අධික බලයකින් විනාශ වන්නෝ ය. ඔව්හු යුද්ධයෙන් පලා යන්නෝ ය. ඔවුන්ගේ තරුණයෝ වහල්ලු වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “එකල අසිරියන්වරු යුද්ධයේ දී මනුෂ්‍ය බලයකින් නොව, ඊට වඩා අධික බලයකින් විනාශ වන්නෝ ය. ඔව්හු යුද්ධයෙන් පලා යන්නෝ ය. ඔවුන්ගේ තරුණයෝ වහල්ලු වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එකල අෂූරියයා මනුෂ්‍යයාගේ නොවන කඩුවකින් වැටෙන්නේය; මනුෂ්‍යයන්ගේ නොවන කඩුවකින් ඔහු විනාශවන්නේය. ඔහු කඩුව ඉදිරියෙන් පලායන්නේය, ඔහුගේ තරුණයෝ රාජකාරියට යටත්වන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 31:8
21 හුවමාරු යොමු  

මාගේ ඉශ්රායෙල් දේශයේ මම අසිරියන්වරුන් විනාශ කොට මාගේ කඳු පිට ඔවුන් පයින් පාගාදමන්නෙමි. මාගේ සෙනඟ අසිරියාවේ වහල්කමෙන් ද ඔවුන් පිට පටවන ලද බරෙන් ද නිදහස් කරන්නෙමි.


විශ්‍රාමය කදිම බව ඔහු දිටී, රට ද සුන්දර බව දිටී, එබැවින් ඔහු, බඩු පොදියට කර දුන්නෙන්, බර වැඩට වහලෙක් වී ය.


එහෙත්, මම ජුදා වංශයට අනුකම්පා කරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ඔවුන් ගළවන්නෙමි. එසේ කරන්නේ දුන්නෙන් වත්, කඩුවෙන්‍ වත්, යුද්ධයෙන් වත්, අශ්වයන්ගෙන් හෝ අසරුවන්ගෙන් වත් නොවේ ය”යි වදාළ සේක.


මම, තම දේශයට හැරී යාමට ආරංචියක් ඇසෙන පිණිස අධිරාජයා පිට ආත්මයක් පමුණුවන්නෙමි. ඔහු තම දේශයේ දී කඩුවෙන් වැටී යාමට සලස්වන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”


එහෙත්, එම්බා ජෙරුසලම! ඔබට පහර දෙන විදේශීන් සියලු දෙන දූවිල්ල මෙන් ගසාගෙන යනු ඇත; ඔවුන්ගේ භයානක හමුදා පිදුරු මෙන් පහ වී යනු ඇත.


එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”


එවිට සමිඳාණන් වහන්සේ දේව දූතයෙකු එවූ සේක. ඔහු අසිරියාවේ රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධ භටයන් ද ප්‍රධානීන් ද අධිපතීන් ද මරා දැමුවේ ය. මෙසේ සෙනකෙරීබ් රජ අපකීර්තියට පත් වී හැරී තම දේශයට ආපසු ගියේ ය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාගේ ම පුත්‍රයෝ එහි දී ඔහු කඩුවෙන් මැරුවෝ ය.


සමිඳාණන් වහන්සේ ඔවුන්ට දුන් දේශයට ආපසු පැමිණෙන පිණිස බොහෝ ජාතීන් ඉශ්රායෙල්වරුන්ට උදව් දෙනු ඇත. ඒ ජාතීන් වහලුන් වශයෙන් ඉශ්රායෙල්වරුන්ට සේවය කරනු ඇත. වරක් ඉශ්රායෙල්වරුන් යටත් කරගෙන සිටි ජාතීහු දැන් ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලබති. දැන් ඉශ්රායෙල්වරු වරක් තමන්ට පීඩා කළ ජාතීන් පාලනය කරති.


ඔව්හු කොපුවෙන් ඇදගත් කඩුවලින් ද තැත් කැවූ දුන්නෙන් ද යුද්ධයෙන් ඇති වන විනාශයෙන් ද ගැළවෙන පිණිස පලා යති.


ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට සමිඳුන් දැඩි ලෙස දඬුවම් කළාක් මෙන් ඉශ්රායෙල්ටත් දඬුවම් කර ඇද් ද? ඔවුන් මරණයට පත් කළ සතුරන් විනාශ කළාක් මෙන් ඔවුනුත් විනාශ කර ඇද් ද?


කිසිවකු විසින් කොල්ලකනු නොලැබූ නමුත්, කොල්ලකන, ද්‍රෝහිකම් කරනු නොලැබූ නමුත්, ද්‍රෝහිකම් කරන අපේ සතුරන්ට වන විපතක මහත! ඔවුන්ගේ කොල්ලකෑම හා ද්‍රෝහිකම් කිරීමේ කාලය අවසාන වේ. එවිට ඔවුන් ම කොල්ලකෑමටත්, ද්‍රෝහිකමටත් භාජනය වනු ඇත.


එසේ ය, එතුමාණෝ පොළෝ වැසි සියලු දෙන ගින්නෙන් ද කඩුවෙන් ද විනිශ්චය කරන සේක. මරණු ලබන්නෝ බොහෝ වෙති.


ඒ දවස වනාහි ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන්ගේ දවස ය. එතුමන්ගේ සතුරන්ට දඬුවම් දීමේ දවස ය. එතුමන්ගේ කඩුව ඔවුන් නසා වනසා සෑහීමට පැමිණෙන්නේ ය; ඔවුන්ගේ ලේවලින් මත් වන්නේ ය. මන්ද, එය වනාහි උතුරු දේශයේ යුප්‍රටීස් ගංගාව ළඟ ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන් වෙත කළ යාගයකි.


“මනුෂ්‍ය පුත්‍රය, නුඹ දිවැසි වදන් පවසමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට නින්දා කරන අම්මොන්වරුන්ට මෙසේ කියන සේකැ’යි කියන්න. ඔවුන්ට මෙසේ කියන්න: ‘කඩුවක්, සැබැවින් ම ඝාතනය පිණිස වන කඩුවක් කොපුවෙන් ඇද තිබේ. මරාදමන පිණිස එය විදුලිය මෙන් දිළිසෙයි.


තව ටික කලකින් මම නුඹලාට දඬුවම් කර නිම කරමි. ඉන්පසු මාගේ උදහස අසිරියන්වරුන්ගේ විනාශයට එල්ල කරන්නෙමි.


වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක. එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්