Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 30:16 - Sinhala New Revised Version

16 ඒ වෙනුවට ශීඝ්‍රයෙන් දුවන අශ්වයන් පිට නැඟී, සතුරන්ගෙන් බේරී යමු යි කියමින්, නුඹලා ගැළවෙන්න උත්සාහ කරන්නහු ය. නුඹලා බේරී පලා යා යුතු බව නම් සැබෑ ය. නුඹලාගේ අශ්වයන් වේගයෙන් දුවති යි නුඹලා සිතන නමුත්, නුඹලා ලුහුබැඳ එන්නෝ ඊට වඩා වේගයෙන් එන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඒ වෙනුවට ශීඝ්‍රයෙන් දුවන අශ්වයන් පිට නැඟී, සතුරන්ගෙන් බේරී යමු යි කියමින්, නුඹලා ගැළවෙන්න උත්සාහ කරන්නහු ය. නුඹලා බේරී පලා යා යුතු බව නම් සැබෑ ය. නුඹලාගේ අශ්වයන් වේගයෙන් දුවති යි නුඹලා සිතන නමුත්, නුඹලා ලුහුබැඳ එන්නෝ ඊට වඩා වේගයෙන් එන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් නුඹලා පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි නුඹලා කීවහුය; එබැවින් නුඹලා ලුහුබැඳ එන්නෝ ශීඝ්‍රවන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 30:16
20 හුවමාරු යොමු  

එහෙත්, කල්දිවරුන්ගේ සේනාව රජු පසුපස්සේ එලවාගෙන ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු කිට්ටු කර ආවෝ ය. ඔහුගේ මුළු සේනාව ද ඔහු වෙතින් විසිර ගියහ.


උගේ ශක්තිය මහත් බැවින්, නුඹ ඌ විශ්වාස කර, නුඹේ බර වැඩ ඌට බාර දෙන්නෙහි ද?


සවි බලැති අසුන්ගෙන් එතුමන්ට කම් නැත. වේගයෙන් දුවන සෙබළුන්ගෙන් එතුමන්ට වැඩක් නැත.


ස්වාරක්ෂාව පිණිස යුද්ධ අශ්වයෙකුගෙන් වැඩක් නැත; උගේ මහත් බලයෙන් ඌ කිසිවෙකු නොගළවයි.


ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත. වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත. ඒ රථවාහනවල නිමක් නැත.


උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත! ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති. එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති; සමිඳුන්ගේ උපදෙස් නොසොයති.


මිසරවාසීහු දෙවිවරු නොවෙති. ඔව්හු මනුෂ්‍යයෝ ය. ඔවුන්ගේ අශ්වයන්ට අලෞකික බලයක් නැත; ඔව්හු ඇට මස්වලින් යුක්ත ය. සමිඳුන් ක්‍රියා කරන විට බලවත් ජාතිය විනාශ වන්නේ ය. එයින් උදව් ලැබූ බෙලහීන ජාතිය ද වැටෙන්නේ ය. ඒ ජාති දෙක ම විනාශ කරනු ලබන්නෝ ය.


තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා ද සියලු හේවායෝ ද ඔවුන් දුටු විට, පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රජ උයන මැදින් යන පාරෙන් නගරයෙන් පිටත් ව රාත්‍රියේ පලා ගියෝ ය. ඔව්හු අරබා සමභූමියේ මාර්ගය බලා නික්ම ගියෝ ය.


“බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!


ශීඝ්‍ර ලෙස දුවන්නන්ට බේරී යන්න බැරි ය; හේවායන්ට ගැළවී යන්න බැරි ය; ඔව්හු උතුරු දිශාවේ යුප්‍රටීස් ගංගාව ළඟ දී පැකිළී වැටුණෝ ය.


එවිට නගරයේ පවුරු බිඳිනු ලැබී ය. බබිලෝනිවරුන් නගරය වටලාගෙන සිටිය දී හේවායෝ සියලු දෙන රාත්‍රි කාලයේ ගැළවී යන්නට උත්සාහ කළෝ ය. ඔව්හු රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් පිටත් වී අරබා සමභූමි මාර්ගයෙන් ජොර්දාන් මිටියාවත දෙසට පලා ගියෝ ය.


අප පසුපස ලුහුබැඳ ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත් වූ හ. ඔව්හු කඳුවල අප ලුහුබැඳ ආවෝ ය. අප අල්ලන්න පාළුකරයේ රැක සිටියෝ ය.


සමිඳාණන් වහන්සේ පූජාසනය ළඟ සිටිනු මම දිටිමි. උන් වහන්සේ මෙසේ අණ කළ සේක: “උළුවහු සෙලවෙන හැටියට සිද්ධස්ථානයේ පේකඩවලට පහර දී, ඒවා බිඳදමා, ඔවුන් සියල්ලන්ගේ හිස් පිට කඩා වැටෙන්න සලස්වන්න. ඉතිරි වන සියලු දෙනා මම යුද්ධයේ දී මරාදමමි. එක මිනිහෙක් වත් ඉතුරු නොකරමි. එක් කෙනෙක් වත් බේරෙන්නේ නැත.


අහෝ ලාකීෂ්හි වැසියෙනි! නුඹලාගේ අශ්වයන් රථවල බැඳගන්න; සියොන් පුරඟනගේ පාපයේ පටන්ගැන්ම මෙය විය. මන්ද, ඉශ්රායෙල් කළ පාපය ම නුඹත් කර ඇත.


“ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රගාමී ය. ක්ෂුධාවෙන් සිටින අඳුරු වේලේ වෘකයන්ට වඩා දරුණු ය. ඔවුන්ගේ අසරුවෝ ඉදිරියට යන්නෝ ය; අසරුවෝ දුර සිට එන්නෝ ය. ගොදුරු කරා වේගයෙන් යන රාජාලීන් මෙන් ඔව්හු කඩා පැන එන්නෝ ය.


“සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජය වන්නට සලසන සේක. ඔබ ඔවුන්ට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් පලා යන්නහු ය. මිහි පිට සියලු රාජධානීන්හි වැසියන්ට ඔබ ගොරතර භීතියක් වන්නහු ය.


ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්