Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 28:29 - Sinhala New Revised Version

29 මේ සියලු ප්‍රඥාව පැමිණෙන්නේ සව් බලැති දෙවිඳුන්ගෙන් ය. එතුමන්ගේ සැලසුම් ප්‍රඥාවන්ත ය. ඒවා නිරතුරු සාර්ථක වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 මේ සියලු ප්‍රඥාව පැමිණෙන්නේ සව් බලැති දෙවිඳුන්ගෙන් ය. එතුමන්ගේ සැලසුම් ප්‍රඥාවන්ත ය. ඒවා නිරතුරු සාර්ථක වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 මේකත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි, උන්වහන්සේ මන්ත්‍රණයෙන් අපූරුව ප්‍රඥාවෙන් උතුම්ව සිටිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 28:29
15 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්භාරය කෙතරම් විශාල ද? උන් වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කෙතරම් ගැඹුරු ද? උන් වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්ත්‍ය ද? උන් වහන්සේගේ ක්‍රියා මාර්ග කෙතරම් වර්ණනා විෂයාතික්‍රාන්ත ද? ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත:


අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.


එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය; අරුමපුදුම දේ අසංබ්‍ය ය.


ඔබේ අදහස් උදාර ය; ඔබේ ක්‍රියා බලසම්පන්න ය; මිනිසුන් කරන සියලු දේ ඔබට පෙනෙන්නේ ය; ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන සේක.


දෙවි සමිඳුනි, ඔබ අප උදෙසා කර ඇති හාස්කම් කොපමණ ද? ඔබ අප උදෙසා අදහස් කළ දේ කොපමණ ද? ඔබට සම අන් කෙනෙක් සිටී ද? ඒ සියල්ල පවසා නිම කරන්නට කිසි දා මට බැරි ය. ඒවායේ ගණන ඉමහත් ය.


ඔබේ ක්‍රියා කොපමණ උත්තරීතර ද? ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද?


දෙවිඳුන්ගේ මහානුභාවය අචින්ත්‍ය ය, බලපරාක්‍රමයෙන් ද යුක්තියෙන් ද දැහැමිකමෙන් ද එතුමාණෝ උත්තරීතර ය. එතුමාණන්ට ළඟා වීමට අපට නොහැකි ය.


මන්ත්‍රණයෙහි දක්ෂතාව හා විමංසන බුද්ධිය මට ඇත; ස්ථානෝචිත ප්‍රඥාව හා බල මහිමය ද මා සතු ය.


ඔහු තිරිඟු පමණට වඩා පාගා ඒවා නාස්ති කරන්නේ නැත. ධාන්‍ය කුඩු නොවන ලෙස රථයකින් ඒවා පාගන්න ඔහු දනියි.


එතුමාණන් කරන දේ, එතුමාණෝ හොඳින් දන්න සේක. එතුමාණෝ විනාශය එවන සේක. දුෂ්ටයන්ට ද ඔවුන් ආරක්ෂා කරන අයට ද දඬුවම් කරන බවට එතුමන් කරන තර්ජන ඉටුකරන සේක.


මෝඩ මිනිසා මේ ගැන නොදන්නේ ය; අනුවණයන්ට මෙය තේරුම්ගත නොහැකි ය.


මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය.


සෙනඟ මෙය දැක, සමිඳුන් වන මා එය කළ බව දැනගන්නෝ ය. ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් මේ දේ සිදු කළ බව ඔව්හු තේරුම් ගන්නෝ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්