Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 25:11 - Sinhala New Revised Version

11 පීනන්නෙකු පිනන්නට අත් විදහන්නාක් මෙන් ඔව්හු තමන්ගේ අත් විදහා පාන්නෝ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔවුන්ගේ උඩඟුකම නිසා දක්ෂතාව පහත් කරන සේක. එබැවින් ඔවුන්ගේ ප්‍රයත්න නිෂ්ඵල වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 පීනන්නෙකු පීනන්නට අත් විදහන්නාක් මෙන් ඔව්හු තමන්ගේ අත් විදහා පාන්නෝ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔවුන්ගේ උඩඟුකම නිසා දක්ෂතාව පහත් කරන සේක. එබැවින් ඔවුන්ගේ ප්‍රයත්න නිෂ්ඵල වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 පීනන්නෙකු පීනන්ට අත් විදහන්නාක්මෙන් ඔහු එහි තමාගේ අත් විදහන්නේය; නුමුත් උන්වහන්සේ ඔහුගේ ආඩම්බරයත් ඔහුගේ අත්වල ප්‍රයෝගයත් පහත්කරදමනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 25:11
26 හුවමාරු යොමු  

එහෙත්, දැන් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කුලීකරුවාගේ සේවා කාලය අවසාන වන්නා සේ අවුරුදු තුනක් ඇතුළත දී මෝවබ්හි සියලු යසඉසුරු නැති වී යන්නේ ය. විශාල සමූහයක් අතරෙන් ඉතිරි වන්නේ ස්වල්ප දෙනෙක් පමණ ය. ඔව්හු ද දුර්වල අය වෙති.”


ජුදාවේ සෙනඟ කතා කරමින්, “මෝවබ් සෙනඟගේ උඩඟුව ද දර්පය ද අහංකාරය ද ගැන අසා ඇත. එහෙත්, ඔවුන්ගේ පාරට්ටුව හිස් ය”යි කියති.


මුළු පොළොව පිළිබඳ මාගේ තීරණය මෙය වේ. ජාතීන්ට දඬුවම් කරන පිණිස මම මාගේ අත ඔසවාගෙන යමි.”


සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.


මිනිසාගේ අහංකාරය බිඳී යන, අභිමානය සිඳී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.


එහෙත් උන් වහන්සේගෙන් එන වරප්‍රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි.


මෙලෙස උන් වහන්සේ භූතාධිපතීන් ද බලධාරීන් ද නිරායුධ කොට ඔවුන් ප්‍රසිද්ධියේ ජය පෙරහරින් ගෙන ගොස් ප්‍රදර්ශනය කළ සේක.


දැන් නෙබුකද්නෙශර් රජු වන මම ස්වර්ගයේ රජ්ජුරුවන් වහන්සේට ප්‍රශංසා කරමි, තුති පුදමි, ගරු කරමි, මන්ද, උන් වහන්සේගේ පොරො‍න්දු ඉෂ්ට වන්නේ ය. උන් වහන්සේගේ ක්‍රියා මාර්ග සාධාරණ ය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන් වහන්සේට පුළුවන.


මම බබිලෝනියේ දෙවියා වන බේල්ට දඬුවම් කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට අදින්නෙමි. ජාතීහු ඔහුට තවත් නමස්කාර නොකරන්නෝ ය. එසේ ය, බබිලෝනියේ පවුරු ඇද වැටෙන්නේ ය.


මෝවබ් තමන් උසස් ලෙස සැලකූ බැවින්, මින්පසු ජාතියක් ව නොසිටින ලෙස විනාශ කරනු ලබන්නේ ය.


කැරලිකාරයන් වන, හිතු මනාපේ අයහපත් මාර්ගයක ගමන් කරන සෙනඟක් දෙසට දවස මුළුල්ලේ ම මාගේ අත් විදහාගෙන සිටියෙමි.


එබැවින් මම එතුමන්ට උදාරතර සම්පත් දෙන්නෙමි. එතුමෝ එය බලවතුන් සමඟ බෙදාගන්නා හ. මෙසේ වන්නේ, එතුමන්, වරදකරුවන් සමඟ ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලාගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි.


නපුරු අය ශීත සෘතුවේ කුණාටුවක් මෙන් ද වියළි දේශයක නියඟයක් මෙන් ද ඔවුන්ට පහර දෙති. එහෙත් සමිඳුනි, වලාකුළක් තද අවු රශ්මිය පහ කරන්නාක් මෙන් ඔබ අපේ සතුරන් ද නපුරු සෙනඟගේ කෑමොරගැසීම් ද නිහඬ කළ සේක.


මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත්, දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත් දඬුවම් කරමි. උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලහත්කාරකම් කරන්නන්ගේ ආඩම්බරය පහකරන්නෙමි.


ගස්වලින් කපාදමන අතු සේ සව් බලැති සමිඳාණෝ ඔවුන් බිඳදමන සේක. ඔවුන් අතරෙන් ඉතා අසහනකාරී අය සිඳදමනු ලබන්නෝ ය. උසස් අය පහත් කරනු ලබන්නෝ ය.


සමිඳාණෝ ඔවුන් හට පරිහාස කරන සේක; එකල උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක; උදහසින් ඔවුන්ට තර්ජන කරන සේක.


මෝවබ් ඉතා අහංකාරී ය. එහි වැසියන්ගේ උඩඟුකමත්, ආඩම්බරයත්, උදාරකමත්, අහංකාරයත් ගැන මා අසා ඇත.


උඩඟු අය දෙස බලා, උදහස වගුරුවා ඔවුන් පහත හෙළ‍න්න.


සමිඳුන් උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස ඔව්හු ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.


එහෙත්, මතු දවස්වල දී මම මෝවබ්ට සමෘද්ධිය යළි ඇති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. මෝවබ් ගැන විනිශ්චය මෙය වේ.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්