Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 25:10 - Sinhala New Revised Version

10 සමිඳාණන් වහන්සේ සියොන් කන්ද ආරක්ෂා කරන සේක. එහෙත්, මෝවබ් සෙනඟ කසළ ගොඩේ පිදුරු මෙන් මඩිනු ලබන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 සමිඳාණන් වහන්සේ සියොන් කන්ද ආරක්ෂා කරන සේක. එහෙත්, මෝවබ් සෙනඟ කසළ ගොඩේ පිදුරු මෙන් මඩිනු ලබන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය මේ කන්දෙහි රඳන්නේය, නුමුත් මෝවබ් කසළගොඩේ වතුරෙහි පිදුරු මඩින්නාක්මෙන් තමාගේ ඉඩමේ මඩිනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 25:10
27 හුවමාරු යොමු  

ජීවමාන දෙවියන් වහන්සේ වන මම මාගේ නාමයෙන් දිවුරා, මෝවබ්, සොදොම් මෙන් ද අම්මොන්, ගොමොරා මෙන් ද විනාශ කරමි. ඒ දෙරට කහඹිලියා හා ලුණු වළවල් ඇති බිමක් ද සදහට ම පාළු වූ ස්ථානයක් ද කරන්නෙමි. මාගේ සෙනඟ අතුරෙන් ඉතිරි ව සිටින අය ඒ දෙරට කොල්ලකන්නෝ ය. මාගේ ජාතීන්ගෙන් ඉතිරි වූ අය ඔවුන්ගේ රට උරුම කරගන්නෝ ය.”


මෝවබ්හි කීර්තිය පහ වී ගොස් ඇත. ‘අපි මෝවබ් ජාතිය නැත්තට ම විනාශ කරමු’යි කියමින් හෙෂ්බොන්හි දී සතුරෝ කුමන්ත්‍රණ කරති. මද්මේන් නගරය නිහඬ වන්නේ ය. සතුරු සේනා ඊට පහර දෙන්නෝ ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක.


“සියොන් පුරඟන, නැඟිට ගොයම් පාගන්න. බොහෝ ජාතීන් පොඩි කරන පිණිස ඔබට මම යකඩ අං හා ලෝකඩ කුර දෙන්නෙමි. ඔවුන්ගේ ධනය සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය. එය මුළු ලෝකයේ සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය.”


වට ප්‍රමාණය මීටර් දහසක් වේ. ඒ දවසේ පටන් නුවර නාමය ‘සමිඳාණන් වහන්සේ එහි ය’ යන අරුත ඇති ජෙහෝවා-ෂාමා වන්නේ ය.”


මට සිටි මාගේ සියලු බලවත් සෙබළුන් සමිඳාණෝ හෙළාදැමූ සේක. මාගේ යෞවනයන් වනසන පිණිස එතුමාණෝ මට විරුද්ධ ව සේනාවක් කැඳවූ සේක. මිදි යන්ත්‍රයක මිදි පොඩි කරන්නාක් මෙන් සමිඳාණෝ ජුදා සෙනඟ පොඩි කරදැමූ සේක.


පීඩිත වූවෝ ඒ මත දැන් ඇවිදිති. ඔවුන්ගේ පාදවලින් ඔව්හු ඒවා පාගාදමති.


සමිඳුන් මට කතා කොට මෙසේ වදාළ සේක: “දාවල් ග්‍රීෂ්ම වේලාවේ පායන හිරු මෙන් සන්සුන් ව ද ගොයම් කපන කාලයේ උණුසුම් රැයේ පිනි වලාකුළක් මෙන් නිශ්චල ව ද මම ස්වර්ගයේ සිට බලන්නෙමි.


එහෙත්, දුගඳ හමන ඔබේ මළසිරුර පිටතට ඇදදමා ඇත. එය යුද්ධයේ දී මළ හේවායන්ගේ මළකඳන්වලට යට වී ඇත. ඒවා සමඟ ඔබේ මළකඳත් ගල් වළකට විසිකරදමනු ලැබ පාගාදමා ඇත.


සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”


ඔව්හු එකතු වී බටහිර වසන පිලිස්තිවරුන්ට පහර දෙන්නෝ ය; නැගෙනහිර වසන සෙනඟ කොල්ල කන්නෝ ය. ඔව්හු ඒදොම් සහ මෝවබ් ජාතීන් ජයගන්නෝ ය. අම්මොන් වැසියොත් ඔවුන්ට කීකරු වන්නෝ ය.


දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය.


මද්මේනාහි සෙනඟ ද ගේබිම් වැසියෝ ද පණ බේරාගන්න පිණිස පලා යන්නෝ ය.


මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.


සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.


ඔබ ඔවුන් එන්දෝර්හි දී විනාශ කළ සේක. ඔව්හු පොළොවට පොහොර මෙන් වූ හ.


මම එතුමන් දකිමි, එහෙත් දැන් නොවේ; මට එතුමන් පෙනේ, එහෙත් ළඟපාත නොවේ; ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත; ඉශ්රායෙල් වංශයෙන් ජයකොන්තයක් මතු වනු ඇත. එතුමන් මෝවබ් නායකයන්ට පහර දී, ඔද වැඩි, සැහැසියන් වනසනු ඇත.


එහෙත්, දැන් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කුලීකරුවාගේ සේවා කාලය අවසාන වන්නා සේ අවුරුදු තුනක් ඇතුළත දී මෝවබ්හි සියලු යසඉසුරු නැති වී යන්නේ ය. විශාල සමූහයක් අතරෙන් ඉතිරි වන්නේ ස්වල්ප දෙනෙක් පමණ ය. ඔව්හු ද දුර්වල අය වෙති.”


ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෝවබ් ගැන වදාළ දේ මෙසේ ය: “අහෝ, නෙබෝ‍් වැසියන්ට වන විපතක මහත! මන්ද, එය පාළු වී ඇත. කිරියාතයිම් ලජ්ජාවට පත් වී ඇත. සතුරා එය අල්ලාගෙන ඇත. එහි බලකොටු නින්දිත ලෙස බිඳදමා ඇත. මිස්ගාබ් ලජ්ජාවටත්, කැළඹීමටත් පැමිණියේ ය.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා දේශය සෙසු සියලු ජාතීන් හා සමාන යයි මෝවබ් සහ සේයිර් ද කියන නිසා,


ජුදාවේ සෙනඟ කතා කරමින්, “මෝවබ් සෙනඟගේ උඩඟුව ද දර්පය ද අහංකාරය ද ගැන අසා ඇත. එහෙත්, ඔවුන්ගේ පාරට්ටුව හිස් ය”යි කියති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්