Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 22:6 - Sinhala New Revised Version

6 ඒලාම් රටේ හේවායෝ දුනු හී ඇති ව, රථ හා අසුන් පිට නැඟී ආහ. කීර් රටේ හේවායෝ තමන්ගේ පලිස් සූදානම් කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඒලාම් රටේ හේවායෝ දුනු හී ඇති ව, රථ හා අසුන් පිට නැඟී ආහ. කීර් රටේ හේවායෝ තමන්ගේ පලිස් සූදානම් කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඒලාම් වනාහි රථ සේනාවද අසරුවන්ද ඇතුව සිට ඊකොපුව දැරුවේය; කීර්ද පලිහෙන් වැස්ම ඇරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 22:6
9 හුවමාරු යොමු  

අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.


කෲරතර සිද්ධීන් පිළිබඳ දර්ශනයක් මට ප්‍රකාශ කරන ලද්දේ ය. එය කොල්ලයත්, විනාශයත් පිළිබඳ දර්ශනයකි. ඒලාම් හමුදාවෙනි, පහර දෙව්! මේදිය හමුදාවෙනි, නගර වටලාගනිව්! බබිලෝනිය විසින් ඇති කරන ලද දුක් වේදනා දෙවිඳාණෝ කෙළවර කරන සේක.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් ජනයෙනි, මා නුඹලාත්, එතියෝපිවරුනුත් සලකන්නේ එක හා සමාන ව ය. මා නුඹලා මිසර දේශයෙන් ගෙනා සේ ම, පිලිස්තිවරුන් ක්‍රීතයේ සිට ද සිරියන්වරුන් තීර්හි සිට ද මම ගෙනාවෙමි.


දමස්කයේ වාසල් දොරටු සුණු විසුණු කොට, ආවෙන් මිටියාවතේ වැසියන් හා බෙත්-ඒදන්හි අධිපතියා ඉවත් කරන්නෙමි. සිරියාවේ ජනයා හිරකරුවන් වශයෙන් කීර් දේශයට ගෙනයනු ලබන්නෝ ය.” මේ සමිඳාණන් වහන්සේගේ වචනය වේ.


මෝවබ් රට පිළිබඳ පණිවුඩය මෙය ය: “එක රාත්‍රියක දී මෝවබ් දේශයෙහි ආර් හා තීර් පාළු කොට වනසන ලදී; මෝවබ් දේශය පුරා විනාශය ඇත.


ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂුර්, අර්පක්ෂද්, ලූද් සහ අරාම් ය.


ජුදාවේ ඉතා සාරවත් මිටියාවත් යුද්ධ රථවලින් පිරී තිබිණි. අසරුවෝ ජෙරුසලමේ දොරටුව ඉදිරියෙහි සිටියහ.


ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්