Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 22:15 - Sinhala New Revised Version

15 සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, “රාජගෘහාධිකාරී ෂෙබ්නා වෙත ගොස් මෙසේ කියන්න මට නියම කළ සේකැ”යි දන්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, “රාජගෘහාධිකාරී ෂෙබ්නා වෙත ගොස් මෙසේ කියන්න මට නියම කළ සේකැ”යි දන්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක්: ගෘහාධිපතිවූ ෂෙබ්නා නම්වූ මේ ගබඩාකාරයා ළඟට නුඹ ගොස් මෙසේ කියන්න,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 22:15
12 හුවමාරු යොමු  

එවිට රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ලේකම් වූ ෂෙබ්නා ද වාර්තාකරු වූ ආසප්ගේ පුත් ජෝවා ද ඔහු වෙත ගියහ.


එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය.


ඔහු ගෝණි රෙදි ඇඳගෙන සිටි රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම් ද ලේකම් වන ෂෙබ්නා ද ජ්‍යෙෂ්ඨ පූජකයන් ද ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා වෙත යැව්වේ ය.


තවද, ඔහු රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම්ට ද ෂෙබ්නා ලේකම්ට ද පූජකයන්ගේ මූලිකයන්ට ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ළඟට යැවී ය.


එවිට රජ ගෙදර ප්‍රධානියන් වන හිල්කියාගේ පුත් එලියාකිම් නම් ගෘහාධිපතියා ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරු වන ආසාප්ගේ පුත් ජෝවා ද දුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට අවුත් රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්වූ හ.


ඔහු එහි ගියේ ය. එවිට එතියෝපීය රටවැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තා වූ ද ඇගේ මුළු වස්තුවේ අධිකාරී වූ ද එතියෝපීය නපුංසකයෙක් වන්දනාව පිණිස ජෙරුසලමට ගොස්


එවිට හිල්කියාගේ පුත් එලියාකිම් ද ලේකම් ව සිටි ෂෙබ්නා ද ජෝවා ද තම තමන්ගේ ඇඳුම් ශෝකයෙන් ඉරාගෙන හෙසකියා රජු වෙත ගොස් රබ්-ෂාකේ කී දේ ඔහුට සැළ කළෝ ය.


එවිට එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “අරමීය භාෂාවෙන් අපට කතා කරන්න, එය අපට තේරේ. පවුර පිට සෙනඟට ඇසෙන පිණිස හෙබ්‍රේව් භාෂාවෙන් කතා නොකරන්නැ”යි කී හ.


රජුගේ ගබඩා කෙරෙහි අදීයෙල්ගේ පුත් අශ්මාවෙත් පත් ව සිටියේ ය. පිටිසර පළාත්වල ද නුවරවල ද ගම්වල ද බලකොටුවල ද පිහිටි ගබඩා කෙරෙහි උශ්ශියාගේ පුත් ජොනතන් පත් ව සිටියේ ය.


එකල හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “පවුර පිට සිටින සෙනඟට ඇසෙන්නට ජුදෙව් භාෂාවෙන් අපට කතා නොකොට, ඔබේ මෙහෙකරුවන් වන අපට සිරියන් භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කතා කළ මැනවැ”යි කී හ.


එවිට මාලිගාවේ ප්‍රධානියා ද නගරාධිපතියා ද ප්‍රජා මූලිකයෝ ද රාජ කුමාරයන් ඇතිදැඩි කළ අය ද ජේහු වෙත පණිවුඩයක් යවමින්, “අපි ඔබේ මෙහෙකරුවෝ ය, ඔබ අපට අණ කරන සියල්ල කරන්නෙමු‍; කිසිවෙකු රජ කර නොගන්නෙමු‍. ඔබට යහපත් ව පෙනෙන හැටියට කළ මැනවැ”යි කී හ.


අහිෂාර් වනාහි රජ ගෙදර ප්‍රධානියා ය. අබ්දාගේ පුත් අදොනිරාම් රාජකාරියේ මුලාදෑනියා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්