Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 17:8 - Sinhala New Revised Version

8 ඔවුන් තමන්ගේ අත්වලින් තනාගත් පූජාසන සලකන්නේ වත්, අෂේරා දේවිය නැමදීමට සිය’තින් සාදාගත් කප් කණු හා දුම් පූජාසන කෙරෙහි විශ්වාසය තබන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔවුන් තමන්ගේ අත්වලින් තනාගත් පූජාසන සලකන්නේ වත්, අෂේරා දේවිය නැමදීමට සිය’තින් සාදාගත් කප් කණු හා දුම් පූජාසන කෙරෙහි විශ්වාසය තබන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 තමාගේ මැවුම්කාරයාණන් දෙස බලන්නේය, ඔහුගේ ඇස්ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙසට හැරෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 17:8
29 හුවමාරු යොමු  

රිදීයෙන් ද රනින් ද ඔප දමන ලද දේව රූප ගෙන, “නුඹලා අපෙන් ඉවත් වෙත්වා”යි කියමින් ඔබ ඒවා කුණු කසළ මෙන් විසිකර දමන්නහු ය.


විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.


ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත. ඔව්හු සිය අත්වලින් තැනූ දේ නමදිති.


ඒ කාලයේ දී දේව රූපවල නම් තවත් සිහි නොවන පරිදි මම ඒ රූප දේශයෙන් බැහැර කරන්නෙමි. බොරු දිවැසිවරුන් ද පහ කරදමා, මම රූප වන්දනාවේ ආශාව නැති කරදමන්නෙමි.


මම සියලු මිනිසුන් ද ස්ත්‍රීන් ද අහසේ කුරුල්ලන් ද මුහුදේ මත්ස්‍යයන් ද විනාශ කරමි. දුෂ්ටයන් වැටෙන්නට සලස්වා, මනුෂ්‍ය වර්ගයා මිහි පිටින් සහමුලින් ම විනාශ කරන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ම ය.


එප්‍රායිම් සෙනඟට දේව රූපවලින් තවත් වැඩක් ඇද් ද? නුඹලාට පිළිතුරු දී නුඹලා ආරක්ෂා කරන්නේ මම ය. මම කිසි කලෙක නොමැලවෙන දේවදාර ගසකි. නුඹලාගේ රැකවරණය මම ය. නුඹලාගේ සියලු ආසිරිවලට උල්පත මම ය.”


නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”


එය වැඩුණු විට ගසෙන් කොටසක් ගිනි දැල්වීම පිණිස යොදාගන්නේ ය. ඒ කොටසෙන් ගිනි තපින්නේ ය; එය පත්තු කොට රොටි ද පුළුස්සන්නේ ය. ඉතිරි කොටසින් ඔහු දේව රූපයක් නෙළා ගෙන ඊට නමස්කාර කරන්නේ ය; ඊට වැඳ වැටෙන්නේ ය.


නුඹලා කලින් රුක් වන්දනාවේ යෙදුණු බැවින් ද ශුද්ධ වූ උද්‍යාන පිහිටෙවූ බැවින් ද ඒවා ගැන ලජ්ජා වන්නහු ය.


ඔහු බලාගෙන සිටිය දී බාල් පූජාසන කඩා දමන ලද්දේ ය. ඒවාට උඩින් තිබුණු සුවඳ දුම් පුදන පූජාසන ඔහු කඩා දමා, අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද බිඳ කුඩු කොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඔහු ඒවා ඉස්සේ ය.


ඔහු ජුදාහි සියලු නගරවලින් ගිරිකුළු දේවාල සහ සුවඳ දුම් පූජාසන පහකෙළේ ය. ඔහුගේ කාලයේ රාජ්‍යයෙහි ද සාමය පැවතිණි.


තවද, නුඹ ඔවුන්ගේ පූජාසන වනසා ශිලාස්තම්භ කුඩු කොට, අෂේරා නම් ශුද්ධස්ථාන සිඳ හෙළිය යුතු යි.


ඔබ ඔවුන්ට මෙලෙස කළ යුතු ය. ඔවුන්ගේ පූජාසන කඩාදමා, රූපස්තම්භ බිඳදමා, අෂේරා කප් කණු කපාදමා, නෙළූ දේව රූප ගින්නේ දැවිය යුතු ය.


ඔවුන් බැලූ නමුත්, ඔවුන් ගළවන්න කිසිවෙක් නො‍ වූ හ. සමිඳුන්ට මොරගැසූ නමුත් එතුමාණෝ උත්තර නුදුන් සේක.


ඉශ්රායෙල්හි ගැළවී ඉතිරි වූ කුඩා පිරිස තමන් විනාශ කරන්න උත්සාහ කළ ජාතිය කෙරෙහි තවත් විශ්වාසය නොතබන කාලයක් පැමිණෙන්නේ ය. ඔව්හු ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ විශ්වාසය සැබෑ ලෙස තබන්නෝ ය.


ඒ දවස පැමිණි විට මනා සේ ආරක්ෂා කරන ලද ඒ නගර පාළු වී ඉශ්රායෙල්වරුන් කෙරෙන් හිවීවරුන් ද අමෝරිවරුන් ද පාළුවට හැර පලා ගිය නගර මෙන් නටබුන් වන්නේ ය.


ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි දවා ලූ බව අපි දනිමු. ඒ දෙවිවරුන් ඇත්ත වශයෙන් දෙවිවරුන් නොව, මිනිසුන්ගේ අත්වලින් සාදන ලද ලී හා ගල් පිළිම පමණකි. එබැවින් ඒවා විනාශ විය.


මේ දෙවිවරුන් සියලු දෙනාගෙන් වැඩක් නැත. ඔවුන්ට කිසිවක් කළ නොහැකි ය. ඔවුන්ගේ පිළිම හිස් රූකඩ ය.”


නුඹලාගේ දරුවෝ අතුපතර ඇති ගස් ළඟ ද උස් හෙල් උඩ ද


මේ සියල්ල නිම වූ කල එහි සිටි සියලු ඉශ්රායෙල්වරු ජුදාහි නගරවලට ගොස් රූපස්තම්භ බිඳ දමා, අෂේරා කප් කණු කපා දමා, ජුදාගේ මුළු රටේ ද බෙන්ජමින්ගේ රටේ ද එප්‍රායිම්ගේ රටේ ද මනස්සේගේ රටේ ද ගිරිකුළු සහ පූජාසන නැති වී යන තුරු ඒවා කඩා දැමුවෝ ය. ඉන්පසු ඉශ්රායෙල්වරු තම තමන්ගේ නගරවල තම තමන්ගේ උරුම දේශවලට හැරී ගියෝ ය.


මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්