Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 14:13 - Sinhala New Revised Version

13 ඔබ මෙසේ සිතා ගත්තෙහි ය: ‘මම ස්වර්ගයට නැඟී, මාගේ සිංහාසනය අහසේ තාරකාවලට ඉහළින් පිහිටුවා උතුරේ ඇති, දෙවිවරුන් රැස් වන කන්ද මුදුනේ රජෙකු මෙන් අසුන් ගන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔබ මෙසේ සිතා ගත්තෙහි ය: ‘මම ස්වර්ගයට නැඟී, මාගේ සිංහාසනය අහසේ තාරකාවලට ඉහළින් පිහිටුවා උතුරේ ඇති, දෙවිවරුන් රැස් වන කන්ද මුදුනේ රජෙකු මෙන් අසුන් ගන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 14:13
23 හුවමාරු යොමු  

“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය.


ඔහු මිනිසුන් දෙවියන් කොට සලකන සියල්ලන්ට ද, මිනිසුන් නමස්කාර කරන සියල්ලන්ට ද විරුද්ධ ව සිට, ඒ හැමට වඩා තමා උසස් කරගනිමින්, දේව මාලිගාවෙහි වැඩහිඳ තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කරන්නේ ය.


නුඹ කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නයිල් ගඟ මැද ලගින, නයිල් ගඟ මාගේ ම ය කියාත්, මම ම ඒක සාදාගත්තෙමි කියාත් කියන මහ කිඹුලා වන මිසරයේ පාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි.


එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම්, එය අද වන තුරු පවතිනු ඇත.


සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.


තීර් නගරයට මෙසේ කියන්න: ‘මුහුදට ඇතුළු වන තැන්හි වාසය කරන, බොහෝ ද්වීපවල ජනයන්ගේ වෙළෙන්දියක මෙන් වන තැනැත්ති ය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා තීර්! මම අකලංක අලංකාරයෙන් සිටිමි යි නුඹ කීයෙහි ය.


මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.


උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය; මුළු පොළොවට පියකරු ය.


නුඹ දෙවි කෙනෙකු නොව, නුඹ සතුරන් අතට අසු වී හුදෙක් මිනිසෙකු ව සිටින නමුත්, නුඹව මරාදමන්නන් ඉදිරියෙහි, ‘මම දෙවි කෙනෙක්මි’යි එවිටත් නුඹ කියා සිටින්නෙහි ද?


එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය.


ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්,


පර්වත ගුහාවල හා හෙල් මුදුන්වල වාසය කරන නුඹලා අනුන් බියගන්වන සුලු නුඹලාගේ සිත්හි උඩඟුකමෙන් රැවටී සිටින්නහු ය. නුඹලාගේ වාසස්ථානය රාජාලියෙකුගේ කූඩුව මෙන් ඉතා ඉහළින් පිහිටා ඇතත්, සමිඳාණන් වහන්සේ නුඹලා පහළට හෙළන සේක. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.”


“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩුණ ඒ ගසට සිදු වන දේ මම නුඹට කියමි. එය උසට වැඩෙන්න වැඩෙන්න උඩඟු විය.


දෙවියන් වහන්සේගේ දර්ශන මඟින් ඉශ්රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස් වූ කන්දක් මත මා සිටෙවූ සේක. ඒ කන්ද පිට නුවරක් වැනි නිර්මාණයක් මා ඉදිරියෙහි තිබිණි.


එහෙත්, ඔහුගේ සිත අහංකාරයෙන් ද අභිමානයෙන් ද දැඩි වූ විට ඔහු රාජ්‍යාසනයෙන් පහ කරනු ලැබී ය. ඔහුගේ මහිමය ද ඔහුගෙන් පහ කරනු ලැබී ය.


“රජ ද තමන් රිසි පරිදි ක්‍රියා කර, සියලු දෙවිවරුන්ට වඩා තමා උසස් කරගෙන, දේවාතිදෙවියන්ට විරුද්ධ ව භයානක අපහාසික වචන පවසන්නේ ය. දේව උදහස ඉෂ්ට වන තුරු ඔහු සඵලවත් වන්නේ ය. මන්ද, නියම කර ඇති දේ ඉෂ්ට වන්නේ ය.


ගල් ගුහාවල ජීවත් වන, උස් තැන්හි වාසය කරන, මා බිම හෙළිය හැක්කේ කවරෙකුට දැ යි කියාගන්න නුඹ, සිතේ අහංකාරය නිසා රැවටී සිටින්නෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්