Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 10:5 - Sinhala New Revised Version

5 මාගේ උදහසට ලක් වූ ජාතියට දඬුවම් කරන පිණිස මම අසිරියාව මුගුරක් හෙවත් සැරයටියක් සේ පාවිච්චි කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මාගේ උදහසට ලක් වූ ජාතියට දඬුවම් කරන පිණිස මම අසිරියාව මුගුරක් හෙවත් සැරයටියක් සේ පාවිච්චි කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 අහෝ මාගේ උදහස නැමැති පොල්ලවූද මාගේ කෝපය නැමති සැරයටිය ස්වකීය අතෙහි ඇත්තාවූද අෂූරියය!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 10:5
31 හුවමාරු යොමු  

ඒ දේශයෙන් අසිරියාවට නික්ම ගොස් නිනිවය ද රෙහොබොත්-ඊර් නගරය ද කලා ද


මා දැන් මේ ස්ථානය විනාශ කරන්නට ඊට විරුද්ධ ව ආවේ සමිඳාණන් වහන්සේ නැතිව ද? මේ දේශයට විරුද්ධ ව ගොස් එය විනාශ කරන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක’ කියා ඔබ හැම හෙසකියාට කියන්නැ”යි කී ය.


“මම බොහෝ කාලයක සිට එය අභිප්‍රාය කර පෙර සිට ම එය නියම කළ බව නුඹ ඇසුවේ නැද් ද? දැන් නුඹ පවුරු ඇති නගර නාස්ති කොට, ජරාවාස ගොඩවල් කරන හැටියට එය ඉෂ්ට කෙළෙමි.


අදමිටු අය දමිටු අයගේ දේශය සදා පාලනය නොකරති. එසේ කළොත්, දමිටු අය වුව ද අදමිටු දේ කිරීමට පෙළඹෙන්නෝ ය.


ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.


එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “පොරොව පාවිච්චි කරන්නාට වඩා පොරොව උතුම් ය යි එයට කිය හැකි ද? කියත පාවිච්චි කරන්නාට වඩා කියත උතුම් ය යි එයට කිය හැකි ද? මුගුරකට හෙවත් සැරයටියකට මිනිසෙකු එසවිය නොහැකි ය. මුගුර හෙවත් සැරයටිය ඔසවන්නේ මිනිසා ය.


තව ටික කලකින් මම නුඹලාට දඬුවම් කර නිම කරමි. ඉන්පසු මාගේ උදහස අසිරියන්වරුන්ගේ විනාශයට එල්ල කරන්නෙමි.


පොළොවේ සීමාන්තවල ඇති දුර බැහැර රටවලින් ඔව්හු පැමිණෙති. මුළු දේශය වනසන පිණිස තමන් වහන්සේගේ උදහසේ ආයුධ වන ඔවුන් සමඟ මම පැමිණෙන්නෙමි.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ දිවුරා ඇත: “මා අදහස් කළ ලෙස සිදු වන්නේ ය. මා කරන්න අධිෂ්ඨාන කළ දේ කරනු ලබන්නේ ම ය.


මාගේ ඉශ්රායෙල් දේශයේ මම අසිරියන්වරුන් විනාශ කොට මාගේ කඳු පිට ඔවුන් පයින් පාගාදමන්නෙමි. මාගේ සෙනඟ අසිරියාවේ වහල්කමෙන් ද ඔවුන් පිට පටවන ලද බරෙන් ද නිදහස් කරන්නෙමි.


තීර් දේශය වන සතුන් විසින් වනසනු ලබන පිණිස මඟ පෑදුවෝ අසිරියන්වරු නොවෙති; වැටලීමේ කොත් ගොඩනඟා තීර්හි බලකොටු බිඳදමා නගරය සුන්බුන් කළෝ බබිලෝනිවරු ය.


මාගේ සෙනඟෙනි, නුඹලාගේ ගෙවලට ඇතුළු වී, දොරවල් වසාගෙන, දෙවිඳුන්ගේ කෝපය සංසිඳෙන තුරු ස්වල්ප කලක් සැඟවී සිටින්න!


ඉන්පසු දෙවිඳුන්ගේ පූජාසනය ලෙස හැඳින්වෙන ජෙරුසලම පිට එතුමාණෝ විපත්තිය පමුණුවන සේක. එකල හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය. නගරය වුව ද, පූජාසනයක් බවට හරවනු ලැබ එය ගල්වලින් වැසී යන්නේ ය.


සමිඳුන්ගේ බලය හා තේජස දුර තියා ම පෙනෙන්නේ ය. ගින්න හා ඉන් නඟින දුම් එතුමන්ගේ උදහස දක්වන්නේ ය. කතා කළ විට එතුමන්ගේ වචන දැවෙන ගින්නක් හා සමාන වන්නේ ය.


සමිඳාණන් වහන්සේ තමන්ගේ මහිමාන්විත හඬ සියල්ලන්ට ඇසෙන්නට සලස්වා තමන්ගේ උදහසේ තද පරුෂකම සියල්ලන්ට දැනෙන්නට සලස්වන සේක. එවිට ගිනි දලු ද ධාරානිපාත වර්ෂාව ද වැහි කුණාටු ද ගල් වර්ෂා ද ඇති වන්නේ ය.


ඔව්හු හැම වේලේ ම දෙවිඳුන්ට විරුද්ධ ව කැරලි ගසති; හැම වේලේ ම බොරු කියති; හැම වේලේ ම සමිඳුන්ගේ ඉගැන්වීම්වලට සවන් දෙන්න අකමැති වෙති.


සමිඳුන් සෑම ජාතීන් කෙරෙහි උදහස් වී, ඔවුන්ගේ සියලු සේනාවන් කෙරෙහි කෝප වී විනාශයටත්, මැරුම්කෑමටත් ඔවුන් තීන්දුකර ඇත.


මෙය දුටු විට නුඹලාගේ සිත් ප්‍රීතියෙන් පිනා යන්නේ ය. එසේ නුඹලා සනීප ශක්තිය ලබන්නහු ය. එවිට සමිඳුන් වන මම මට කීකරු වන්නන්ට ආශීර්වාද කරන බවත්, මාගේ සතුරන්ට උදහස දක්වන බවත් නුඹලා දැනගන්නහු ය.”


“ඉශ්රායෙල් රාජ්‍යය ජුදාවෙන් වෙන් වූ කාලයේ පටන් නුවූ විරූ අන්දමේ දුක් කරදර සමිඳාණන් වහන්සේ නුඹ පිටත්, නුඹේ සෙනඟ පිටත්, මුළු රජ පවුල පිටත් පමුණුවන සේක. උන් වහන්සේ අසිරියාවේ රජු නුඹට විරුද්ධ ව එවන සේක.”


“ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ විසින් යුප්‍රටීස් ගඟට එගොඩින් කරණවෑමියෙකු එනම්, අසිරියාවේ රජු කුලියට ගෙන්වා ගෙන, ඔහු ලවා නුඹේ හිසේ ද සිරුරේ ද කේශ හා රැවුල් බූගාවනු ලබන්නේ ය.


මන්ද, ‘අම්මේ, තාත්තේ’ කියා කියන්න දරුවාට හැකි වන්න පෙර දමස්කයේ සකල වස්තුවත්, සමාරියේ මුළු කොල්ලයත් අසිරියාවේ රජු විසින් ගෙනයනු ලබන්නේ ය.”


ස්වාමීන් වන මම අසිරියාවේ රජු ද ඔහුගේ මුළු සේනාව ද ජුදා රටට පහර දෙන පිණිස ගෙනෙන්නෙමි. යුප්‍රටීස් ගඟේ ඉවුරු තලා යන ජලගැලීම සේ ඔවුන් ඉදිරියට එනු ඇත.


එබැවින්, මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ කෝපාග්නියෙන් ඔවුන් විනාශ කරදමා ඔවුන්ට යුතු දඬුවම ඔවුන් පිට පැමිණෙව්වෙමි. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


“මෙන්න, ඒ දවස! බලන්න, ඒ දවස පැමිණෙයි. නුඹලාගේ දඬුවම් කාලය පැමිණ ඇත; අයුක්තිය වැජඹෙනු ඇත. උඩඟුකම උපරිම තත්ත්වයට පැමිණ ඇත.


“රජ ද තමන් රිසි පරිදි ක්‍රියා කර, සියලු දෙවිවරුන්ට වඩා තමා උසස් කරගෙන, දේවාතිදෙවියන්ට විරුද්ධ ව භයානක අපහාසික වචන පවසන්නේ ය. දේව උදහස ඉෂ්ට වන තුරු ඔහු සඵලවත් වන්නේ ය. මන්ද, නියම කර ඇති දේ ඉෂ්ට වන්නේ ය.


මෙය නිනිවය පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයකි; එල්කොෂ් වැසියෙකු වූ නාහුම්ගේ දර්ශන පොත ය.


ස්වාමීනි, දඬුවම් කරන පිණිස විනිශ්චය කිරීමේ ආයුධයක් සේ ඔබ ම බබිලෝනිවරුන් තෝරාගෙන ඔවුන් පර්වතයක් මෙන් ශක්තිමත් කර ඇත. මාගේ දෙවි සමිඳුනි, මාගේ ශුද්ධ තැනැන් වහන්ස, ඔබ ආදියේ සිට අමරණීය දෙවියන් වහන්සේ නොවන සේක් ද?


සමිඳාණන් වහන්සේ සිය බලය මෙහෙයවා උතුරෙහි ඇති අසිරියාව විනාශ කොට, නිනිවය කාන්තාරයක් මෙන් දිය සීරාව නැති පාළුකරයක් කරනු ඇත.


කිත්තිම් දිසාවෙන් නැව් එනු ඇත. අසිරියාවට, බබිලෝනියට පහර දෙනු ඇත. එහෙත්, ඔව්හු ද විනාශයට පැමිණෙති.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්