Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 10:22 - Sinhala New Revised Version

22 දැනට ඉශ්රායෙල්හි සෙනඟ මුහුදේ වැලි මෙන් වන නමුත්, ආපසු එන්නේ ඉතිරි කුඩා පිරිසක් පමණකි. සාධාරණ විනිශ්චය ලෙස සෙනඟට විනාශය නියම වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 දැනට ඉශ්රායෙල්හි සෙනඟ මුහුදේ වැලි මෙන් වන නමුත්, ආපසු එන්නේ ඉතිරි කුඩා පිරිසක් පමණකි. සාධාරණ විනිශ්චය ලෙස සෙනඟට විනාශය නියම වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 මක්නිසාද, ඉශ්‍රායෙල්, නුඹේ සෙනඟ මුහුදේ වැලි මෙන් වුණත්, ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙක් පමණක් හැරී එනවා ඇත. දිව්‍ය සාධාරණකම හොඳ හැටි දක්වන්නාවූ නාස්තියක් නියමකර තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 10:22
24 හුවමාරු යොමු  

දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.” මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ.


පොළොවේ සතර දිශාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුළා කරනු පිණිස ද ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිස ද නික්ම එන්නේ ය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලි මෙන් ය.


ඒ අධිපතියා බොහෝ දෙනෙකු සමඟ සතියකට වලංගු ගිවිසුමක් කරගන්නේ ය. සතියේ භාගයක් තුළ යාග ද ආහාර පූජා ද නවත්වනු ලැබේ. මේ සියල්ලේ උග්‍රාවස්ථාවේ දී බිහිසුණු දූෂිතය දේව මාලිගාව මත පැමිණෙන්නේ ය. මෙසේ වන්නේ, අන්තිමේ දී බිහිසුණු දූෂිතයට නියම කර ඇති විනාශය පැමිණෙන තුරු ය.”


එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?


මන්ද, තමන් වහන්සේ විසින් පත් කරන ලද මනුෂ්‍යයෙකු ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට එක් දවසක් නියම කර තිබේ. උන් වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් උත්ථාන කිරීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.”


ඔව්හු ගෙල දක්වා ඉහළට නැඟ සෑම තැනම පැතිරී යන ජල ගැල්මක් සේ ජුදා පුරා පැතිරී යන්නෝ ය.” දෙවියන් වහන්සේ අප සමඟ ය. විහිදී ඇති පියාපත්වලින් උන් වහන්සේ රට ආරක්ෂා කරන සේක.


එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.


ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධික ව සිටියෝ ය. ඔව්හු කමින්බොමින් ප්‍රීතිවෙමින් පසු වූ හ.


අදමිටුන් සමඟ දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුරු වේ වා! අදමිටුන් සමඟ දමිටුන් එක ම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නො වේ වා! මුළු මිහි තලයේ විනිශ්චයකාරයාණෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක් දැ”යි ඇසී ය.


“එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුදේ වැලි මෙන් ගිණිය නොහැකි, මැනිය නොහැකි තරම් විශාල සංබ්‍යාවක් වන්නෝ ය. ‘නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය’යි කියනු ලැබූ ස්ථානයේ දී ම, ‘නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ ය’යි කියනු ලබන දවස පැමිණෙන්නේ ය.


උපන් දා සිට මා විසින් උසුලාගෙන යන ලද ජාකොබ්ගේ වැසියෙනි! ඉශ්රායෙල් පරපුරේ ඉතා කුඩා පිරිස ව සිටින ඉශ්රායෙල් ජනයෙනි! මට සවන් දෙන්න.


නුඹලාගේ දරු පරම්පරාව වැලි ඇට මෙන් බහුල වන්නෝ ය. ඔවුන්ගේ නම මැකී යන්නේ වත්, මා ඉදිරියෙන් ඔවුන් කිසි කලක විනාශ වන්නේ වත් නැත.”


කුඩා තැනැත්තා වංශයක් ද සුළු තැනැත්තා බලවත් ජාතියක් ද වන්නේ ය. නියම කාලය පැමිණි විට මෙය ඉක්මනින් සිදු වීමට මම සලස්වන්නෙමි. මම සමිඳු වෙමි.”


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මිදි වල්ලෙහි යුස තිබෙන බව දැක, ‘එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය විනාශ නොකරන්නැ’යි යමෙකු කියන සේ, මාගේ සෙනඟ මම විනාශ නොකරන්නෙමි: මට සේවය කරන්නන් මම ගළවන්නෙමි.


මන්ද, ඉතිරි කුඩා පිරිස ජෙරුසලමෙන් ද මිදුණු පිරිස සියොන් කන්දෙන් ද නික්මෙනු ඇත. සමිඳාණන් වහන්සේ මෙය කිරීමට අධිෂ්ඨාන කළ සේක.


ජුදා දේශයේ නොමැරී ඉතිරි වන අය ගැඹුරට මුල් ඇදගෙන පල දරන ගස් මෙන් සමෘද්ධිමත් වන්නෝ ය.


සමිඳාණෝ සෙනඟට මෙසේ වදාරන සේක: “පාපයෙන් හැරෙන ජාකොබ්ගේ වංශයේ සියලු දෙනා ගළවන්නත්, ජෙරුසලමේ සිටින නුඹලා ආරක්ෂා කරන්නත් මම එන්නෙමි.


“මා කෙරෙන් වෙන් ව ගිය දරුවෙනි, මා නුඹලාගේ ස්වාමීන් වන බැවින් මා වෙත හැරී එන්න. මම නගරයකින් එක් කෙනෙකු ද වංශයකින් දෙදෙනෙකු ද නුඹලා අතරෙන් පිළිගෙන සියොන් කන්දට පමුණුවන්නෙමි.


එහෙත්, නුඹලාගෙන් ස්වල්ප දෙනෙක් මරණයෙන් ගැළවී, මිසරයෙන් හැරී ආපසු ජුදාවට පැමිණෙති. එවිට ජුදාවෙන් මිසර දේශයට පැමිණි සෙනඟගෙන් ඉතිරි ව සිටින අය, ස්ථිර වූයේ ඔවුන් කී දේ ද මා කී දේ ද කියා දැනගනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්