Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 2:1 - Sinhala New Revised Version

1 සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 තමුන්ගේ යහන්වලදී අපරාධ යොදා නපුර පිළියෙළකරන්නන්ට දුක්වේ! පසුවදා එළිවෙන කොට ඔවුන්ගේ අතට බලය ලැබෙන නිසා ඔව්හු ඒක ඉෂ්ටකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 2:1
40 හුවමාරු යොමු  

ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි; අයහපත් මඟක ම හැසිරෙයි; නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.


ඔහු දුෂ්ට උපා යොදයි; බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.


සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කූට උපායයන් සිතාමතාගත්, දුෂ්ට කුමන්ත්‍රණ යොදාගත් කෙනෙක් නිනිවයෙන් නික්ම ආයේ ය.


දෙවියන් වහන්සේට වෛර කරන, නින්දා කරන, උඩඟු වූ, පාරට්ටු කරගන්න, නපුරු උපා යොදන, මව්පියන්ට අකීකරු වන,


එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.


නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත.


නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.


ත්‍යාගශීලී වීමට හැකියාව තිබිය දී, උපකාර කිරීමට මැළි නොවන්න.


ඔබට හිංසා කිරීමට මා අත බලය ඇත. එහෙත් ඊයේ රාත්‍රියේ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ මට කතා කරමින්, ‘නුඹ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ’යි වදාළ සේක.


පහන් වූ කල ජුදෙව්වරු කුමන්ත්‍රණයක් කර, පාවුලු මරනතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳුණෝ ය.


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.


ඔබේ දරුදැරියෝ අන් ජනතාවකට පාවා දෙනු ලබන්නෝ ය, ඔවුන්ගේ පැමිණීම ගැන දවස පුරා ඔබ ආසාවෙන් බල බලා සිටීමෙන් ඔබේ ඇස් අඳුරු වනු ඇත, ඒ ගැන ඔබට කිසිවක් කළ නොහැකි වන්නේ ය.


එබැවින් ඔබ මන්ත්‍රණ සභාව සමඟ, ඔහු පිළිබඳ තතු වඩා හරි ලෙස වගවිභාග කරන්නට යන්නාක් මෙන්, හෙට ඔබ වෙතට ඔහු ගෙනෙන ලෙස සේනාධිපතියාට දන්වා හරින්න. ඔහු මෙතැනට පැමිණෙන්නට පෙර අපි ඔහු මරන්නට සූදානම් කරමු”යි කී හ.


සත්පුරුෂයා සමිඳුන්ගෙන් ප්‍රසාදය ලබයි; එහෙත් දුෂ්ට උපා යොදන්නා එතුමාණෝ වරදට පත් කරන සේක.


නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ ඒ උපමාව ඔවුන්ට විරුද්ධ ව එල්ල කළ බව දැන, ඒ පැයේ දී ම උන් වහන්සේ අල්ලාගන්නට සෙවූ හ; එහෙත් සෙනඟ නිසා බිය වූ හ.


පහන් වූ කෙණෙහි ම නායක පූජකවරු, ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද සමඟ මන්ත්‍රණය කොට ජේසුස් වහන්සේට විලංගුදමා ගෙන ගොස්, පිලාත් හට භාර දුන්හ.


උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ නුවර පුරා දුෂ්ටකම් යෝජනා කරන, නපුරු මන්ත්‍රණ යොදන මනුෂ්‍යයෝ මොවුහු ය.


එහෙත්, ඒ බව රජුට සැළ වූ කල, එස්තර්ගේ ඉල්ලීම පරිදි රජතුමා හාමාන් විසින් ජුදෙව්වරුන්ට විරුද්ධ ව කරන ලද නපුරු යෝජනාව ඔහුට ම විරුද්ධ ව හැරෙන හැටියටත්, ඔහු සහ ඔහුගේ පුත්‍රයන් එල්ලුම් ගසේ එල්ලා තබන හැටියටත් අණ කර ලියා යැව්වේ ය.


එකල ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, “මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි එහි එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කතා කර, ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් යන්නැ”යි කීවෝ ය. ඒ කීමට හාමාන් ප්‍රසන්න ව එල්ලුම් ගහ ඉදි කරවී ය.


එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කතා කොට, “ඔබේ රාජ්‍යයේ සියලු ප්‍රදේශවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර ගොස් වෙන් ව සිටිති. ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස් ය. ඔවුන් රාජකීය ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින්, ඔවුන්ට සිටින්නට ඉඩ දීම රජ්ජුරුවන්ට වටින්නේ නැත.


මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි.


නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.


ඒ දවස වනාහි බලහත්කාරකම් කරන, දෙවිඳුන්ට අපහාස කරන අයගේ අවසානය වේ. හැම පව්කාරයෙක් ම විනාශ කරනු ලබයි.


නුඹලාගේ කඩුව කෙරෙහි විශ්වාසය තබා සිටින, පිළිකුල් ක්‍රියා කරන, තම තමාගේ අසල්වැසියාගේ භාර්යාව දූෂණය කරන නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද?’


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ගොග් රජුට මෙසේ වදාරන සේක: “ඒ කාලයෙහි නුඹේ සිතට පහළ වූ අදහසින් නුඹ නපුරු ක්‍රම යොදාගත්තෙහි ය.


සෙනඟ ඔවුන්ගේ උරුම කොටස්වලින් අහක් කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනී වා. මගේ සෙනඟ තම තමන්ගේ උරුම කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේ ම කොටසෙන් තමාගේ ම පුත්‍රයන්ට උරුමයක් දේ වා!”


ධනපතීහු දුප්පතුන් සූරා කති. එහි වැසියෝ බොරු කියති. ඔවුන්ගේ කතාව වංචනික ය.


වැන්දඹුවන්ට හා අනාථයන්ටත් විදේශීන්ටත් පීඩා නොකරන්න. නුඹලා එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න.”


ඔහුගේ භාර්යාව වන ජෙශෙබෙල් කතා කොට, “දැන් රට පාලනය කරන රජ ඔබ නොවන්නෙහි ද? නැඟිට කෑම කා ඔබේ සිත ප්‍රීති කරගන්න. මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත ඔබට ලබා දෙන්නෙමි”යි ඔහුට කීවා ය.


අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහි කරන අය මොවුහු ය. මොවුන්ගේ සිත් වංචාවෙන් පිරී ඇත.”


සමිඳුනි, ඔබේ නොනස්නා පෙම්කඳ අහස දක්වා නඟියි; ඔබේ විශ්වාසවන්තකම වලාකුළු ඉක්මවා යයි.


දුදනෝ මවු කුස පටන් නොමඟ යන්නෝ ය; උපන් දා සිට ම ඔව්හු බොරු කියන්නෝ ය.


සමිඳාණෝ ප්‍රජා මූලිකයන් ද නායකයන් ද විනිශ්චය කරන්න පැමිණෙන සේක. එතුමාණෝ මෙසේ පැමිණිලි කරන සේක: “නුඹලා මිදි වතු සූරා කා දුප්පතුන්ගෙන් කොල්ලකාගත් දෙයින් නුඹලාගේ ගෙවල් පුරවාගන්නහු ය.


තමන් පමණක් දේශයේ වාසය කරන පිණිස, අනුන්ට ඉඩකඩ නැති වන තරමට ගෙයකට ගෙයක් එකතු කරගන්න, කෙතකට කෙතක් යා කරගන්න අයට වන විපතක මහත!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්